තාප,ගල් අගුරු සහ ඩීසල් බලාගාර මිල අධිකයි. ඒක ඇත්ත. රටේ අනාගතය ඇත්තේ පුණර්ජනනීය බලශක්තිය මත. එහෙත්, ඊට මුවාවී කූඨ ලෙස තරගකාරීත්වය ඉවත්කොට පුනර්ජනනීය බලශක්තිය පාවාදීමේ කටයුත්තට සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය එකඟ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එය ප්‍රතිගාමී කටයුත්තක් බවත්, අර්බුදයට මුවාවී තමතමන්‍ට මුදලක් සොයාගැනීමේ න්‍යායපත්‍රය දිගැහැරෙමින් තිබෙන බවත් කී විපක්ෂනායකවරයා ටෙන්ඩර් පටිපාටියට බැහැරව ව්‍යාපෘති පාවාදීමේ දූෂිත කටයුත්තට සමගි ජන බලවේගය විරුද්ධ බවත් සදහන් කර සිටියේය.
අද වන විට පැනනැගී ඇති බල ශක්තිය අර්බුදය සහ එහි සැඟවුණු මාෆියාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරනු ලැබීය.