මුව ආවරණ පැළැඳීම හෙට (10) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණර්ධන පැවසුවේ, කොරෝනා වසංගතයෙන් බේරීම උදෙසා පැලැඳූ මෙම ආරක්ෂිත ක්‍රමෝපාය හෙට සිට භාවිත කිරීම අනිවාර් යය නොවන බවයි.
ශ්වසන රෝග සහ ඒ ආශ්‍රිත අපහසුතා ඇති පිරිස් හට කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය අයුරින් මුව ආවරණ පැළැඳීම සිදු කළ හැකි බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනවා .
එමෙන්ම හෙට සිට කොවිඩ් 19 සඳහා සිදු කෙරෙන පී.සී. ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ද සිදු කිරීම අවශ්‍ය නොවන බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ගෝලීය කොරෝනා ව්‍යාප්තිය සමග මෙරට සෞඛ්‍ය අංශවලින් මුව ආවරණ භාවිත කිරීම අනිවාර්‍යය කෙරුණා.
කෙසේවෙතත් පළමුවැනිඔ කොරෝනා රැල්ලේ දී මෙම නීතිය අනිවාර් යය කෙරුණු අතර, දෙවැනි කොරෝනා ව්‍යාප්තිය සමග ද එය බලපැවැත්වුණා.
එහෙත් කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත ශ්‍රී ලංකාවේ සියයට 75කට අධික පිරිසක් මාත්‍රා ද්විත්වයම ලබා ගැනීමත් සමග වරින්වර මෙම නීතිය ලිහිල් කිරීම ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළා.
එහෙත් එම නීතිය යළි හකුළා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වූයේ, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රමුඛ බොහෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හිඔ නියුතු පිරිස් විසින් මුව ආවරණ ඉවත් කිරීමට අවසර ලබාදීම අනුමත නොකිරීමත් සමගයි.
මේ වනවිට (09) මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 663,901ක් වන අතර, වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 16,518ක්.
වෛරසය ආසාදිතව සුවය ලබා ඇති සංඛ්‍යාව 646,975ක්.
වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 408ක්.
ඒ අනුව මෙරටින් පළමු එන්නත් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 17,073,117ක් ද දෙවැනි එන්නත ලබාගත් සංඛ්‍යාව 14,571,316 සහ බූස්ටර් එන්නත ලබාගත් පිරිස 7,988,193ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ දත්ත සටහනේ දැක්වෙන්නේ.