වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ හෝ අනුරාධපුර බන්ධනාගාරයේ සී සී ටී වී කැමරා පද්ධති සවිකර නැතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.
සී සී ටී වී කැමරා පද්ධති සවි කර ඇත්තේ, බූස්ස, අගුණකොළපැළැස්ස සහ ක`ථතර යන බන්ධනාගාරවල පමණක් බව ද එම මුලස්ථානය සදහන් කරයි.
ඒ අනුව, බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් සිදුකරනු ලැබූ බව කියන සිද්ධියට අදාළව විමර්ශනයේදී සී සී ටී වී දර්ශන උපයෝගී කර ගත නොහැකි වන බව බන්ධනාගාර නිලධාරීහු සදහන් කරති.