රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් උද්ගතව ඇති මොහොතක මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් සහල් මාෆියාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පවසනවා.
අද (23)පැවැති මාධ්‍ය හමුවකදී ඔහු අනාවරණ කර සිටියේ ගොවීන්ගෙන් රුපියල් 65ක් වැනි මුදලකට වී කිලෝවක් ලබාගන්නා සහල් ව්‍යාපාරිකයන්, සහල් කිලෝවක් රුපියල් 270 වැනි විශාල මුදලකට අලෙවි කරමින් සිටින බවයි.