• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Friday, July 1, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

මියගිය අනියම් බිරිය හිටිහැටියේ ආපහු ඇවිත් කරපු දේ…

January 2, 2022
in Exclusive, Mahawanshaya
A A
මියගිය අනියම් බිරිය හිටිහැටියේ ආපහු ඇවිත් කරපු දේ…

සමන්තගේ දුරකතනය කිහිප වතාවක්ම නාද වුවද දිගු කල්පනාවක සිටි ඔහු එය ගනන් ගත්තේ නැත. එහෙත් නොනවත්වා දුරකතනය නාද වූයෙන් තරමක් කේන්තියෙන් මෙන් ඔහු ඇමතුමට සම්බන්ධ වූයේ මුහුණේ ස්වරූපය වෙනස් කරගනිමිනි.

‘හෙලෝ…’

සමන්ත කතා කළේ නොසන්සුන් ආකාරයටය. එහා පැත්තෙන් ලැබෙන පණිවුඩය ගැන ඔහු යම් දෙයක් දැන සිටියා වැනි හැඟීමක් ඒ මුහුණේ විය.

‘සමන්ත මං නිමල්…’

‘ඔව් නිමල්…’

‘අන්න අරයා මැරිල…’

‘අරයා කවුද…?’

‘ජීවනී…’

‘නැහ්…?’

දෙදෙනා තවත් බොහෝ තොරතුරු කතා කළද සමන්ත සිටියේ දෙගිඩියාවෙනි. සමන්තගේත්, ජීවනීගේත් අනියම් සබඳතාව දැන සිටියේ නිමල් පමණකි. එනිසා නිමල්ගේ ඇමතුම ගැන සමන්ත එතරම් කලබල නොවුණද ඔහු යම් නොසන්සුන් ස්වභාවයකින් පසුවන බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

ජීවනී හදිසියේම සිදුවූ අධිරුධිර පීඩන තත්ත්වයකින් මියගිය බව හදිසි මරණ පරීක්ෂණයෙන් පැවැසුණු අතර ඇගේ මරණයෙන් දින කිහිපයක් ගතවෙද්දී සියල්ල යළිත් අමතකව ගියේය. ජීවනීගේ පවුලේ ඇයත්, වැඩිමහල් සහෝදරියත් පමණක් සිටි හෙයින් ඇගේ මරණය පිළිබඳ කිසිදු කලබලයක් හෝ කතිකාවක් ඇති නොවීය. එහෙත් ඇගේ මරණය ගැන අවට ජනතාව විවිධ කතා පැවැසූහ. ඔවුන්ගේ මතයට අනුව ඇගේ මරණය මිනීමැරුමකි.

‘එයා එදා කොහෙද ගිහින්, වැනි වැනී වගේ ගෙදර ආවෙ. ඒ එනකොටම මට නම් සැක හිතුණා. කවුරු හරි මොනව හරි දීලා ඔය කෙල්ලව මැරුවා…’

ප්‍රදේශවාසීන් අතර එවැනි කතා නිතර නිතර කියැවිණි. ඔය අතරේ සමන්තගේ මිතුරන්ද දැන හෝ නොදැන ඔහුට අමුතු විහිළු කළේ ජීවනීගෙන් ගැළවෙන්නට ඔහු ඇයට මොනවා හෝ කළා යැයි කියමිනි.

මේ සියල්ල අතර කාලය සුපුරුදු ලෙස ගෙවී ගියේය. ඒ කාලය සිය බිරිය හා දරුවා සමග ඉතා සතුටින් සිටින බව පෙන්වුවද සමන්ත බිරියට රහසේ තවත් කෙනකුට සමීපව සිටියේය. ඇය නමින් රන්දිකාය. වරක් ජීවනී හා රන්දිකා සමන්ත ගැන කතාවකට ගොස් ගැටුමක්ද ඇති කරගත් අතර එය නිරාකරණය වූයේ රන්දිකා ජීවනීට මරණ තර්ජනද කරමිනි.

කෙසේ නමුත් ජීවනීගේ මරණයෙන් පසු සමන්ත රන්දිකාට ළං වූයේ බාධා සියල්ල මඟහැරුණු බව සිතමිනි. එහෙත් දිනක් සමන්ත රන්දිකා හමුවීමට සිතා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී හදිසියේම රූමත් තරුණියක වාහනයේ ගැටෙනවා සේ දුටුවේය. මෝටර් රථය නවතා අවට පරීක්ෂා කළද ඔහුට එවැනි කෙනකු දක්නට නොලැබිණි. තමා දුටු රුව ජීවනීගේ රුවට සමාන බව සමන්තට සිතුණේ යළි රථයට ගොඩවෙද්දීය. රථය පණගන්වාගෙන ඉදිරියට යද්දී පිටුපස පෙනෙන කණ්ණාඩියෙන් ඔහු දුටුවේ පිටුපස අසුනේ සිටින ජීවනීය. ඇය අමුතු ආකාරයට මහ හයියෙන් සිනාසෙනවා සේ ඔහු දුටුවේය. ඔහු හැකි උපරිම වේගයෙන් රන්දිකාගේ නිවෙස වෙත රථය ධාවනය කළේ තිගැස්මෙනි.

‘මං ඔයාට එන්න කිව්වේ අද අපේ ඔෆිස් පාටියක් තියෙනවා යන්න…’

රන්දිකාගේ යෝජනාව කිසිදු ආකාරයකින් ප්‍රතික්ෂේප නොකළ ඔහු, ගමනට එක්වූයේ කතාබහකින් තොරවමය. එහෙත් ඔහු සිටියේ අමුතු හැසිරීමකිනි. සාදයේදී ඔහු මත්පැන් බෝතලයක් කට තබාගෙන එක හුස්මට බීවේය. රන්දිකාගේ හිතවතුන් විමතියෙන් සහ සමච්චලයෙන් බලාගෙන සිටියේය. වෙරිවූ සමන්ත තමාගේත්, රන්දිකාගේත් අතිශය පෞද්ගලික දේ ප්‍රසිද්ධියේ කීවේය. තමා ජීවනීට යමක් බොන්නටදී රුධිර පීඩනය වැඩිකර ඝාතනය කළ බවද කීවේය.

මේ කතාබහ සමගම රන්දිකා සිය කාර්යාල මිතුරු මිතුරියන් ගැන කියූ රහස්ද ආයතන ප්‍රධානියා ගැන කියූ රහස්ද සමන්තගේ මුවින් කියැවුණේය.

තව ටික දවසකින් රන්දිකාගේ රුධිර පීඩනය වැඩිකර ඇයවද ඝාතනය කරන බව ඔහු අවසානයට කීවේ කාගේත් දෑස් මවිත කරමිනි.

සියල්ල එසේ සිදුවෙද්දී එතැන සිටි අයකුගේ ඔත්තුවකට පොලිසිය පැමිණ සමන්තව සැක පිට අත්අඩංගුවට ගත්තේය. එම ස්ථානයේ සී.සී.ටී.වී. දර්ශනවල ඔහුගේ පාපොච්චාරණ සියල්ල පටිගතව තිබුණු අතර ඔහු යම් මානසික ආබාධයකින් පෙළෙන්නේද යන්න පරීක්ෂා කිරීමටද පොලිසිය කටයුතු කළේය. එහෙත් එම වාර්තාවට අනුව ඔහුට එවැන්නක් නැති බව හෙළිවීමෙන් පසු ඔහුට විරුද්ධව නඩු පැවරිණි.

මේ සිද්ධිය දන්නා බොහෝ දෙනකු පැවැසුවේ සමන්තට මේ සියල්ල සිදුවූයේ ජීවනීගේ ආත්මය ඔහු පසුපස පැමිණ ඔහුගේ සිරුරට ඇතුළු වීමෙන් බවය. කෙසේ නමුත් ඔහු පොලිස් ප්‍රශ්න කිරීම්වලදීද තමා කළ අපරාධය පිළිගෙන තිබිණි.

සත්‍ය කතාවකි
නම්ගම් සියල්ල මනඃකල්පිතයි
කුමාර රත්නායක

Share69Tweet43SendShare17
Previous Post

රාජ්‍ය සේවකයො ගෑස්-කිරිපිටි පෝලිමට යන්නත් නිවාඩු දාලා!

Next Post

සෙලාන් ටිකිරි වෙතින් ‘Tikiri Save the Moment’…

MORE NEWS

මේ වෙලාවේ ලංකාවට ආධාර දීලා වැඩක් නෑ! හරියට කළමනාකරණය කරන්නේ නෑ! පස්සෙ බලමු! ජපාන තානාපති කෙළින්ම කියයි!
Exclusive

July 1, 2022
අම්මලාට හොඳ කෑම වේලක් නෑ! මානසික අවපීඩනය වැඩිවෙලා! පෝෂණ ඌණතා ඇති වෙලා! දැන් ‌ඉපදෙන දරුවන්ගේ බර අඩුවෙලා! ඉදිරියේදී උග්‍ර බර අඩු දරුවන් බලාපොරොත්තු වෙන්න පුලුවන්! පවුල් සෞඛ්‍ය සංගමයේ සභාපතිවරියගෙන් ඇඟ කීරි ගැහෙන හෙළිදරව්වක්!

ඉක්මනින්ම ලිට්රෝ සමාගම කැඳවා මහා ගෑස් හොරකම ගැන ප්‍රශ්න කරන්න! කෝප් සාමාජික මරික්කාර් කෝප් සභාපති චරිතට ලිපියක් යවයි!

June 30, 2022
7 වැනිදා කිව්වා සති 3ක් අමාරුයි කියලා! ඒක 28 ඉවරයි! ඊයෙ කියනවා තව සති 3ක් අමාරුයි කියලා! මේක මොන ‌බොරුවක්ද? කාංචනව පච කරපු ආනන්ද රනිල්ව පච කරන්න පටන් ගනී! (VIDEO)

කොල්ලකන – පුද්ගල හානි කරන අයට වෙඩි තියන්න ආරක්ෂක අමාත්‍යංශය ත්‍රිවිධ හමුදාවට අවසර දෙයි!
Exclusive

වෙඩි වැදිලා මැරුණද? වෙඩි තියලා මැරුවද? ගනේමුල්ල එස්.ටී.එෆ්. කෑම්ප් එකේ අවි ගබඩවේ බාරකරු වෙඩි වැදී මරුට!

June 30, 2022
රටේම මිනිස්සු දුක් විඳිද්දී මේ හොර හැත්ත ගෑස්වලිනුත් ගසා කනවා! මුන් හොරා කෑ හැම ඩොලර් එකක්ම රටට අරන් එනවා! හොරුන්ට දඬුවම් දෙනවා! ගෝඨා-රනිල් ශාපය අවසන් කරන සටන සජිත් පිටකොටුවෙන් ආරම්භ කරයි! (VIDEO)

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මේ වෙලාවේ ලංකාවට ආධාර දීලා වැඩක් නෑ! හරියට කළමනාකරණය කරන්නේ නෑ! පස්සෙ බලමු! ජපාන තානාපති කෙළින්ම කියයි!
Exclusive

මේ වෙලාවේ ලංකාවට ආධාර දීලා වැඩක් නෑ! හරියට කළමනාකරණය කරන්නේ නෑ! පස්සෙ බලමු! ජපාන තානාපති කෙළින්ම කියයි!

July 1, 2022

ආණ්ඩුවට ලබා දෙන ආධාර නිසි ලෙස කළමනාකරණය නොකරන බවත්, එම නිසා...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මේ වෙලාවේ ලංකාවට ආධාර දීලා වැඩක් නෑ! හරියට කළමනාකරණය කරන්නේ නෑ! පස්සෙ බලමු! ජපාන තානාපති කෙළින්ම කියයි!

මේ වෙලාවේ ලංකාවට ආධාර දීලා වැඩක් නෑ! හරියට කළමනාකරණය කරන්නේ නෑ! පස්සෙ බලමු! ජපාන තානාපති කෙළින්ම කියයි!

July 1, 2022
අම්මලාට හොඳ කෑම වේලක් නෑ! මානසික අවපීඩනය වැඩිවෙලා! පෝෂණ ඌණතා ඇති වෙලා! දැන් ‌ඉපදෙන දරුවන්ගේ බර අඩුවෙලා! ඉදිරියේදී උග්‍ර බර අඩු දරුවන් බලාපොරොත්තු වෙන්න පුලුවන්! පවුල් සෞඛ්‍ය සංගමයේ සභාපතිවරියගෙන් ඇඟ කීරි ගැහෙන හෙළිදරව්වක්!

අම්මලාට හොඳ කෑම වේලක් නෑ! මානසික අවපීඩනය වැඩිවෙලා! පෝෂණ ඌණතා ඇති වෙලා! දැන් ‌ඉපදෙන දරුවන්ගේ බර අඩුවෙලා! ඉදිරියේදී උග්‍ර බර අඩු දරුවන් බලාපොරොත්තු වෙන්න පුලුවන්! පවුල් සෞඛ්‍ය සංගමයේ සභාපතිවරියගෙන් ඇඟ කීරි ගැහෙන හෙළිදරව්වක්!

July 1, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper