අජිත් නිවාඩ් කබ්රාල් මහතා දේශපාලඥයකු වශයෙන් සිට ස්වාධීන ආයතනයක් වන මහබැංකු අධිපති ධූරය භාරගත් විට එම ආයතනය දේශපාලනීකරණය වීම වැළැක්විය නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ කබ්රාල් මහතා ඉකුත් වතාවේ මහබැංකු අධිපතිවරයාව සිටියදී සිදු කර ඇති ගනුදෙනු පිළිබද සිදු කර ඇති වෝහාරික විගණනයට කුමක් සිදුවේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පැන නගින බවද එමහතා කීය.
එමෙන්ම රාජ්‍ය සේවකයකු විශ්‍රාම වැටුපක් ලැබීමට වසර 10ක් සේවය කළ යුතු වුවද මහබැංකු අධිපතිවරයාට එම නීතිය වලංගු නොවන්නේද යන්න ප්‍රශ්නයක් බවද ඒ මහතා කීය.