ඉන්ධන ලබාගැනීම සඳහා දින ගණන් බලා සිටින ජනතාව තමන්ගේ වාරය පැමිණෙන තෙක් නිසි පරිදි පෝලිමේ රැඳී සිටියදී ඇතැම් පොලිස් නිලධාරීන් එම විනය කඩකරන අයුරු විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා.
ගම්පොලෙ නගරයේ පිහිටි පිරවුම්හලකදීද අද (17) එවැනි සිදුවීමක් වාර්තා වූ අතර, ඉන්ධන පෝලිමේ සිටින තරුණයෙක් හඬමින් ඊට තම විරෝධය පළකළ අයුරු එහිදී දැකගන්නට ලැබුණා.