පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 140 දෙනකු සඳහා වියත් පුර නිවාස සංකීර්ණයෙන් නව නිවාස ලබාදීමට කර ඇති යෝජනාව සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී දැඩි මත ගැටුමක් හටගත්තා.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අදාළ යෝජනාව පිළිබඳ ප්‍රශ්න කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා සඳහන් කළේ එලෙස නව නිවාස ලබාගන්නා මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න වහාම හෙළිකරන ලෙසයි.