කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මහල් නිවාස ආශ්‍රිත පුද්ගලයින් නිරෝධායන රීති උල්ලංඝනය කරන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ඊයේ ආරම්භ කළ මෙහෙයුමේ රූපරාමු මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
එම මෙහෙයුමේදී පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද පියවර ගෙන ඇත.
ඔවුන් දැඩි ලෙස නිරෝධායන රීති උල්ලංඝනය කළ බව ඩ්‍රෝන කැමරා මෙහෙයුමේදී නිරීක්ෂණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය.
මෙහිදී තවත් පුද්ගලයින් 27 දෙනෙකුට අවවාද කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.