• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, June 25, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

රට විනාශවෙන ආර්ථික තීරණවලට අත උස්සපු තීරකයා කියන කවුද මේ කෝටිපති සමන්ත කුමාරසිංහ…

June 6, 2022
in Exclusive
A A
රට විනාශවෙන ආර්ථික තීරණවලට අත උස්සපු තීරකයා කියන කවුද මේ කෝටිපති සමන්ත කුමාරසිංහ…

‘ගරු සභාපතිතුමනි, මම මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත්වුණේ 2020 ජුනි මාසයේ සිටයි. එතැනින් පස්සේ තමයි මේ සිදුවීම් ඇති වුණේ. අපි මුදල් මණ්ඩලයට පත්වෙන විටදීත් රජයේ මතයක් වී තිබුණේ, නිරන්තරයෙන්ම විනිමය අනුපාතය ස්ථාවරව තබාගත යුතුයි යන්නයි. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැහැ කියනවා වගේම විනිමය අනුපාතය ස්ථාවරව තබා ගත්තාම රජයේ ණය අනුපාතයන් එතරම් අයහපත් ආකාරයට පෙනෙන්නේ නැති බැව් රජය විශ්වාස කළා. එසේම ගෙවන්නට තිබෙන ණය මුදල් වැඩිවීමක් වෙන්නේ නැතිය කියලා මතයේත් රජය සිටියා. නමුත් සෑම අවස්ථාවකදීම මුදල් මණ්ඩලයේ සිටි මමත්, සංජීව ජයවර්ධන මහතාත් වෙනත් මතයක් දරන්න වුණා. අපේ නිලධාරී මණ්ඩලය විසින් හැම අවස්ථාවකදීම අපට කියා සිටියා, එකල මෙලෙස ඩොලරය රුපියල් 203ක ප්‍රමාණයට තබා ගැනීම සඳහා මහ බැංකුවේ සංචිත සියල්ලම දාලා ආරක්‍ෂා කිරීම ඉතාමත්ම අනවශ්‍ය දෙයක්ය කියලා. එම මතය අපි දෙදෙනා විසින් ඉතාමත්ම තරයේම පිළිගත්තා. මේවායෙහි නිල වාර්තා සටහන් අපි තබා තිබෙනවා. එසේම මමත්, සංජීව මහතාත් හැම අවස්ථාවකදීම දැඩි ලෙස විරුද්ධ වුණා මෙසේ ඩොලරය රුපියල් 203 අගය මත තබාගෙන සිටීම ගැන. ඒක අපේ පැහැදිලි ස්ථාවරය වුණා.’

අපගේ ශ්‍රී ලංකාව මහා ආර්ථික සහ මූල්‍යමය අගාධයකට වැටී ඇති ශෝචනීය මොහොතකදී අසන්නට ලැබෙන මෙම සුවිශේෂී කතාව කුමක්ද..?

එසේම මෙලෙස ප්‍රකාශ කරන සුවිශේෂී පුද්ගලයා කවුද..?

අප සමාජයේ විද්වත් කාන්තාවක් වන ඇය ආචාර්ය රාණී ජයමහ මහත්මියයි. ඇය දැනට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ (Monetary Board of the Central Bank of Sri Lanka) සාමාජිකාවක් ලෙස කටයුතු කරන අතර, ආචාර්ය රාණී ජයමහ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධානතම පෙළේ ප්‍රවීණ ආර්ථික විශේෂඥවරියක් සහ බැංකු පරිපාලිකාවක්ද වෙයි. ඇය කලක් හැටන් නැෂනල් බැංකුවේ සභාපතිනිය ලෙසද, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනියක් ලෙසද කටයුතු කර ඇති අතර, ඇය දැනට ජනාධිපති මූල්‍යමය උපදේශිකාවක් ලෙසද කටයුතු කරන්නීය. පසුගියදා ඇය මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකළේ, රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන ‘කෝප් (COPE) කමිටුව නොහොත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (The Committee on Public Enterprises) ඉදිරියේදීය. එහිදී ඇය එම කමිටුවේ වත්මන් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ඉදිරියේ මේ ප්‍රකාශය සිදුකරන්නීය. ඇය මෙම ආන්දෝලනාත්මක වගතුග තවදුරටත් මෙසේ කියා සිටින්නීය.

‘එවැනි බොහෝ අවස්ථාවලදී අප සාකච්ඡා කරලා, එවකට හිටපු මහ බැංකු අධිපතිතුමාටත්, එවකට හිටපු භාණ්ඩාගාරයේ ලේකම්තුමාටත් මේ ගැන කරුණු ප්‍රකාශ කර සිටියා. අපි ඔවුන්ට කියා සිටියා මෙම අගය යම් ප්‍රමාණයකින් හෝ වැඩි කරන්න ඉඩ දෙන්න, නැතිනම් මේ රටේ තිබෙන විදේශ මූල්‍ය සංචිත විනාශ වීම සිදුවෙනවා කියලා. නමුත් අවාසනාවකට වගේ මුදල් මණ්ඩලයේදී තිදෙනෙකුගේ සහභාගිත්වයෙන් යුත් සභාවක් ඇති හෙයින්, එහිදී අප කියන මතය සම්පූර්ණයෙන්ම අයින් කරලා ඔවුන්ගේ මතයට යන්න පුළුවන්. එහිදී බොහෝ අවස්ථාවලදී මෙම තිදෙනාගේ මතය වූයේ, ඩොලරය රුපියල් 203 ප්‍රමාණයේම රඳවාගත යුතුයි කියන එකයි.’

කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය
චරිත හේරත් මහතා –

කවුද මේ හිටපු තුන්දෙනා..?

ආචාර්ය රාණී ජයමහ මහත්මිය –
එතකොට හිටියේ එවකට මහ බැංකු අධිපති මහාචාර්ය ලක්‍ෂ්මන් මහතා, භාණ්ඩාගාරයේ ලේකම්තුමා සහ පත්කළ කමිටු සාමාජික සමන්ත කුමාරසිංහ මහතා යන තිදෙනායි. මේ තිදෙනාගේ මතය තුළින් සෑම විටකම ඩොලරය 203 ප්‍රමාණයෙන් තබාගෙන යෑමට එකඟ වුණා. ඒ හැම අවස්ථාවකදීම නිලධාරීන් අපිට පත්‍රිකා එවමින් කියා සිටියා මෙම 203 අනුපාතයේ තබා ගැනීමේ ආදීනව ගැන. එහෙත් ඒ කිසිදු පියවරක් අපිට අනුමත කර ගැනීමට නොහැකි වුණා.’

මහාචාර්ය චරිත හේරත් මහතා –
ඉදිරියේදී යම් කොමිසමකදී මේ ගැන තිබෙන නිල සටහන් ඉදිරිපත් කළ හැකියි නේද..?

ආචාර්ය රාණී ජයමහ මහත්මිය –
ඔව්. අපට එසේ කළ හැකියි.

මහාචාර්ය චරිත හේරත් මහතා –
මේක හරිම බරපතළ ප්‍රකාශයක්.

කෝප් කමිටුවේදී පසුගියදා සිදුකෙරුණු මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් කියැවෙන්නේ දැනට ශ්‍රී ලංකාව වැටී තිබෙන මහා අගාධය ගැන නේද..? එසේ නම් මෙම මහා විනාශයට වගකිව යුත්තේ කවුද..? මෙම ප්‍රකාශය නිමවීමත් සමගම කෝප් කමිටුව වෙත වේගවත් ස්වරයෙන් ප්‍රකාශයක් සිදුකරන්නට ගත්තේ ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා විසිනි. ඔහු මෙසේ කියා සිටියේය.

‘ඇත්තටම මේ සමන්ත කුමාරසිංහ කියන පුද්ගලයා කවුද..?

ඔහු කුමන දේශපාලන සම්බන්ධයක් හරහාද මුදල් මණ්ඩලයට ආවේ..?

කෝ දැන් ඔහු..?

වරක් මේ සමන්ත කුමාරසිංහ ‘ලංකාදීප’ පත්තරේට ලිපියක් ලියලා කියනවා, පොලී අනුපාතයයි මුදල් සැපැයුමයි අතර යම්කිසි සම්බන්ධයක් තිබෙනවා කියලා ආර්ථික විiාව හදාරපු අය කියනවා කියලා. ඔහු ඒවා විශ්වාස කරන්නේ නැතිලු. එහෙම පුද්ගලයෙක් නම් මේ තීරණයේ තීරකයා වුණේ, මෙතැන විශාල කඩාවැටීමක් තිබෙනවා. එක පුද්ගලයෙකුගේ තීරක ඡන්දය නිසා නම් මෙහෙම වුණේ නම් එය විශාල ප්‍රශ්නයක්. මේ සමන්ත කුමාරසිංහ ආර්ථික විiාවේ මූලධර්මයන් විශ්වාස කරන්නේ නැති නම්, එසේම ඔහු ආර්ථික විiාව ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් නම්, මෙය බරපතළ මතභේදයකට තුඩුදෙන කරුණක්.’

ආචාර්ය හර්ෂ ද සිල්වා මෙලෙස දැඩි ලෙස සිදුකළ ප්‍රකාශයත් සමග කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ, මේ සිදුවීම් පිළිබඳව කමිටුව දැඩි ලෙස විමර්ශනය කරන බවත්, එසේම යමෙකුට දියයුතු යම් දඬුවමක් තිබෙනවා නම් එයද කමිටුව විසින් නිර්දේශ කරන බවත්ය. මෙය සැබෑ ලෙසම මහත් ආන්දෝලනයක් ඇති කරන පුවතක් බවට පසුගියදා පත්වුණේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් 05 දෙනෙකු සිටින අතර, යම් තීරණයක් ගැනීම සඳහා තිදෙනෙකුගේ වැඩි ඡන්දයක් අවශ්‍ය වෙයි. එනම් තිදෙනෙකුගේ එකඟතාවය අවශ්‍ය වෙයි. ඉහත සිදුවී ඇත්තේ එවැනි සිදුවීමකි. මහ බැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයා සමග කමිටු සාමාජික සමන්ත කුමාරසිංහ මහතා එක්ව තම එකඟතාවය පළකර ඇත. එනම් මුදල් මණ්ඩලයේදී තිදෙනෙකුගෙන් යුත් සභාවක් ඇති හෙයින් එහිදී ඔවුන්ගේ මතය බලගතු වෙයි. කෙසේ හෝ මෙහිදී මුදල් මණ්ඩලයේ තීරක බලය භාවිත කිරීම කමිටු සාමාජික සමන්ත කුමාරසිංහ මහතා විසින් සිදුකර ඇත.

කෙසේ හෝ දැනට මහත් ආන්දෝලනයකට පත්ව සිටින, මෙම මහ බැංකු මුදල් මණ්ඩල හිටපු සාමාජික සමන්ත කුමාරසිංහ මහතා යනු කවරෙක්ද..? ඔහුගේ පැටිකිරිය කුමක්ද..? සමන්ත කුමාරසිංහ යනු ශ්‍රී ලංකාවේ සිටින සුපිරි ප්‍රකෝටිපතියෙකි. මොහු මෙරට තුළ තිබෙන අති සාර්ථක වෙළෙඳ ව්‍යාපාරයක් වන ‘මල්ටිකෙමි ඉන්ටර්නැෂනල් ගෲප්’ (Multichemi International Group) සමාගමේ තනි අයිතිකරුවාය. එනම් එහි සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වන්නේද ඔහුය. අද ශ්‍රී ලංකාවේත්, විදේශ රටවල් ගණනාවකත් ඉතා ප්‍රකට ‘නේචර් සීක්‍රට්ස්’ (Nature Secrets) නැමැති ස්වාභාවික රූපලාවණ්‍ය නිෂ්පාදනයන් මෙම සමාගමෙහි නිෂ්පාදනය කෙරෙයි. ඔහු සතුව ඇත්තේ මෙම සමාගම පමණක්ම නොවේ. රෙදිපිළි රසායන ද්‍රව්‍ය, පිරිසුදු කිරීමේ නිෂ්පාදන, කාබනික ආහාර, ජීව විiාත්මක පොහොර වර්ග ආදී විවිධ නිෂ්පාදන සිදුකෙරෙන සමාගම් කිහිපයක්ද සමන්ත කුමාරසිංහට අයත්ය. මොහු කොළඹ රාජකීය විiාලයේදී අධ්‍යාපනය හදාරා ඇති අතර, ඔහු පේරාදෙණිය විශ්වවිiාලයේ රසායන විiාව පිළිබඳ උපාධිධාරියෙකි. එසේම ඔහු ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිiාලයට අනුබද්ධිත හාවර්ඩ් ව්‍යාපාර විiාලයේ උපාධියක් හිමිකරගෙන ඇත.

සමන්ත කුමාරසිංහ තම ව්‍යවසායක ගමන ආරම්භ කරන්නේ මෙයට වසර 30කට පමණ පෙරය. එනම් 1993 වසරේදී ඔහු සේවකයන් 12 දෙනෙකුගෙන් යුක්තව තම ව්‍යාපාර කටයුතු අරඹයි. කාලය ගෙවී යත්ම ඔහු ශ්‍රී ලංකාවේ පමණක් නොව බංග්ලාදේශයේ සහ වියට්නාමයේද ව්‍යාපාර අයත් ධනවත් ව්‍යාපාරිකයෙකු බවට පත්වෙයි. ඔහු බොහෝ විට තම ව්‍යාපාර සිදුකරනු ලැබුවේ තමන් සතු රසායනික විiා දැනුම හරහාය. මුල් සමයේදී සමන්ත කුමාරසිංහට කිසිදු දේශපාලනික සබඳතා ඇති වටපිටාවක් නොවීය. එහෙත් ඔහු 2007 වසරේදී ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල සම්මේලනය විසින් පවත්වනු ලැබූ හොඳම ව්‍යවසායක සම්මාන උළෙලේදී, එම වසරට (2007) අදාළ ‘හොඳම ව්‍යවසායකයා’ සම්මානය දිනාගනී. ඉන්පසු දිනයකදී ඔහු ප්‍රථම වතාවට එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයේදී මුණගැසෙයි. එතැන් සිට ඔහු මහින්ද රාජපක්‍ෂ මහතා සහ එම පවුලේ අනෙකුත් සාමාජිකයන්ද සමීපව ඇසුරු කරන්නට ගනියි. ඒ වටපිටාව යටතේ සමන්ත කුමාරසිංහට කලින්, කලට විවිධ රාජ්‍ය තනතුරු ආදියද හිමිවන්නට ගත්තේය. මෙලෙස ඔහුට පසුගිය සමය තුළදී රාජපක්‍ෂ රජයන් හරහා හිමිවුණු සමහර තනතුරු සහ එම මණ්ඩල මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

n Member – Presidential Task Force for Economic Revival and Poverty Eradication – සාමාජික ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය.

බ President of Lanka Industry Forum for Empowerment – සවිබල ගැන්වීම සඳහා වන ලංකා කර්මාන්ත සංසදයේ සභාපති.

බ Chairman of Cosmetics Sector Advisory Committee at the Ministry of Industries – කර්මාන්ත අමාත්‍යාංශයේ විලවුන් අංශයේ උපදේශක කමිටුවේ සභාපති.

බ Member – Presidential Industrialization Commission – සාමාජික, ජනාධිපති කර්මාන්තකරණය කොමිෂන් සභාව.

බ Board Member of the Insurance Board of Sri Lanka – ශ්‍රී ලංකා රක්‍ෂණ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික.

බ Commissioner of the Presidential Taxation Commission – කොමසාරිස්, ජනාධිපති බදු කොමිෂන් සභාව.

සමන්ත කුමාරසිංහ විසින් මෙම බොහෝ සුවිශේෂී රාජ්‍ය තනතුරු දරා සිටින්නේ, පසුගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ 2009 වසරේ සිට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෑත සමය දක්වාය. එනම් රාජපක්‍ෂ පාලන සමයන් දෙකකදී ඔහු විටින්විට මෙම තනතුරු දරා ඇති අතර, දැනට වත්මන් ජනාධිපතිවරයා යටතේද ඔහු තවමත් සමහර තනතුරු දරමින් සිටියි. එනම් මෙවැනි වටපිටාවක් තිබියදී ඔහුට තම ජීවිතයේදී ලැබුණු සුවිශේෂම තනතුර හිමිවෙයි.
ඒ කුමක්ද..?

එය නම් අද අපගේ ප්‍රධාන කතාබහට ලක්වී තිබෙන ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලයේ කමිටු සාමාජික තනතුරයි. මෙම කමිටුවේ සාමාජිකයන් සිටින්නේ 05 දෙනෙකු පමණක් වන අතර, ඉන් දෙදෙනෙක්ම වන්නේ මහබැංකු අධිපතිවරයා සහ මහාභාණ්ඩාගාර ලේකම්වරයාය. ඒ අනුව එනම් ඉතිරි සාමාජිකයන් තිදෙනාම පත්කරනු ලබන්නේ විධායක ජනාධිපතිවරයා විසිනි. ඒ හෙයින් මෙම තනතුරු අතිශය බලගතු වටපිටාවක් යටතේ පවතියි. තවද එම තනතුරු ජනාධිපතිවරයා වෙතින් හිමිවන්නේ එම පුද්ගලයන් වෙත ජනාධිපතිවරයා දක්වන සුවිශේෂ අවධානයද මතය.

එසේ නම් සමන්ත කුමාරසිංහට එම තනතුර හිමිවීම සිදුවූයේ කෙසේද..?

සමන්ත කුමාරසිංහට මෙය වෙනමම හිමිවන තනතුරක්ද නොවේ. එනම් ඔහුට එම තනතුර හිමිවන දිනයේදීම තවත් දෙදෙනෙකුටද එම තනතුරු හිමිවෙයි. ඔවුන් නම් මෙම ලිපියේ අප ඉහතින් කතා කළ ආචාර්ය රාණී ජයමහ සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන දෙදෙනායි. එනම් පසුගිය 2020 වසරේ පෙබරවාරි 26 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් මෙම තිදෙනාට ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලයේ කමිටු සාමාජික තනතුරු 03 ලබාදීම සිදුකරණු ලබයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුදල් නීතියේ ‘8(2) සී’ වගන්තිය යටතේ, (Under Section 8(2) C of the Monetary Law Act) ජනාධිපතිවරයා විසින් මෙම සුවිශේෂ තනතුරු පිරිනමනු ලබයි. අද අපගේ මෙම ලිපිය හරහා ඔබ මෙම කමිටු සාමාජිකයන් දෙදෙනෙකු හඳුනා ගත්තද, එහි අනෙක් සාමාජිකයා ගැන ඔබ නිසි කරුණු දන්නේ නැත. ඔහු නම් අද බොහෝ සුබවාදී කතාබහකට ලක්වී සිටින සංජීව ජයවර්ධන මහතාය. මෙතෙක් ඉතිහාසයේ මුදල් මණ්ඩලයට පත්වන ප්‍රථම ජනාධිපති නීතිඥවරයා වන්නේ ඔහුය. ඔහු දැනට මුදල් මණ්ඩලයේ අවදානම් අධීක්‍ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, ශ්‍රී ලංකා මහබැංකුවේ ආචාරධර්ම කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. මොහු නීති විෂය යටතේ ඇති සිවිල්, ගිවිසුම්ගත, වාණිජ, දේපොළ, බදුකරණය, බැංකුකරණය යන ක්‍ෂේත්‍ර ගැන ප්‍රවීණයකු මෙන්ම විශේෂඥයකුද වෙයි.

දැන් අප නැවැත සමන්ත කුමාරසිංහ මහතාගේ වත්මන් වටපිටාව ගැන සොයා බලමු. කෙසේ හෝ 2020 වසරේදී මුදල් මණ්ඩලයේ සාමාජිකත්වය ලබන ඔහු වසර දෙකක් පුරා එම තනතුරේ කටයුතු කර හදිසියේම 2022 වසරේදී ඉල්ලා අස්වෙයි. කෙසේ හෝ මෙය සිදුවන්නේ වත්මන් නව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ තනතුරු බාර ගැනීමට ආසන්න දිනවලදීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තුළ මෙලෙස සමන්ත කුමාරසිංහ විසින් ඉටුකරන ලද භූමිකාව මේ වන විට බොහෝ වැදගත් පාර්ශ්වවල දැඩි විවේචනයට ලක්වී ඇත. එයින් ප්‍රධානතම ස්ථානය වන්නේ රාජ්‍ය කෝප් කමිටුවයි. කෙසේ හෝ පසුගියදා එම කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ, මෙම අර්බුදකාරී තත්ත්වයන් ගැන විමර්ශනය සඳහා ඉක්මනින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බැව්ය. දැනට ශ්‍රී ලංකාවට සිදුවී ඇති මහා ආර්ථික සහ මූල්‍යමය විනාශයට වගකිවයුතු පිරිස් වහා හඳුනාගෙන දඬුවම් පවා පැමිණවිය යුතු යැයි ඔහු ප්‍රකාශ කළේය. මෙය සාපරාධී ක්‍රියාවක් ලෙසටද ඔහු හඳුන්වා දී ඇත.

කෙසේ වෙතත් මෙම තොරතුරු කෝප් කමිටුව හමුවේ අනාවරණ වීමත් සමග සමන්ත කුමාරසිංහ මහතා පිටු 08ක දීර්ඝ ලිපියක් කෝප් කමිටුව වෙත එවමින් මෙම සියලු චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත බව ප්‍රකාශ කොට ඇත. ඇතැමුන් තම වගකීම්වලින් මිදීම සඳහා මේ ආකාරයේ පදනම් විරහිත චෝදනා තමන්ට එල්ල කොට ඇති බවද හෙතෙම සිය ලිපිය මගින් දැනුම්දී ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

Share133Tweet83SendShare33
Previous Post

ඩීසල් ගහන්න අමාරුයි! අද ඉඳන් ස්කූල් වෑන්වල මිලත් 40%කින් නග්ගයි!

Next Post

ජනපති පොහොට්ටුවේ හදිසි රැස්වීමක් කැඳවයි! සාකච්ජාව උණුසුම් වන ලකුණු! EXCLUSIVE

MORE NEWS

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)
Exclusive

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)
Exclusive

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)
Exclusive

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)
Exclusive

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

June 25, 2022
ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net