අත් අඩංගුවට ගනු ලැබූ සමාජ සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන අසේල සම්පත් මහතාට අද ඇප හිමිවූ අතර ඒ මහතා වෙනුවෙන් සමගි ජන බලවේගයේ නීතිඥ සහය හිමිවිය.
ඇප ලැබූ අසේල සම්පත් මහතා සහ ඒ මහතාගේ පවුලේ සියලුදෙනා අද (26) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අතර තමා වෙනුවෙන් ලබාදුන් සහයට සිය කෘතවේදීත්වය විපක්ෂ නායකතුමා වෙත පිරිනමනු ලැබීය.
මෙහිදී අසේල සම්පත්ගේ දියණියට අධ්‍යාපන ශිෂ්‍යත්වයක් පිරිනැමූ විපක්ෂනායකවරයා අසේලගේ පුත්‍රයා හට ටැබ් එකක් ලබා දීමට පියවර ගත්තේය.