අද දිනයේ ලබා දුන් නඩු තින්දුවෙන් වරදකරු වූ ප්‍රසන්න රණතුංග මහතා පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වීමට පැමිණ අතරමගින් හැරී ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රසන්න රණතුංග මහතාට කතා කොට ඒ පිළිබද විමසද්දී හෙතෙම සදහන් කොට ඇත්තේ තමන් නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුව වන බවත්, එය ඉදිරිපත් කිරීමෙන් පසුව කැබිනට් රැස්වීමට සහභාගී වන බවත්ය.
නඩුවකින් වරදකරු කොට තිබියදී කැබිනට් රැස්වීමට සහභාගී වීම සදාචාර සම්පන්න නොවීම හේතුකොට ගෙන තමන් මෙම පියවර ගත් බවද හෙතෙම පවසා ඇත.