අලි සබ්‍රි මහතාට යළිත් ආණ්ඩුවේ ඉහළ තනතුරක් හිමි වන බවට ජනාධිපතිවරයා ඔහු වෙත දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ.
පසුගිය දිනෙක ජනාධිපතිවරයා මුණගැසී ඇති සබ්‍රි මහතා තමන්ට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන්ද ඉවත් විය යුතු බව දැනුම් දී ඇති අතර එහිදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව දැනගන්නට ඇත.
ඉකුත් අවස්ථාවේදී මුදල් අමාත්‍ය ධූරය හිස්වූ විට එය බාරගන්නා ලෙද ජනාධිපතිවරයා සබ්‍රි මහතාගෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියද පවුලේ ඥාතීන්ගේ විරෝධය හේතුවෙන් එය බාර නොගැනීමට සබ්‍රි මහතා තීරණය කර තිබිණ.
පසුව අවසන් අවස්ථාවේදී එය බාරගන්නා බව සබ්‍රි මහතා විසින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණද අගමැති වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වෙත දැඩි බලපෑමක් එල්ල කරමින් එම තනතුර ලබා ගැනීමට සමත් විය.