මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වුවහොත් හිස්වන මන්ත්‍රී ධූරය ජයන්ත කැටගොඩ මහතාට ලබාදීමට මේවන විට සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ.
කැටගොඩ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූයේ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහාය.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙලෙස සිය මන්ත්‍රී ධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ යළි මහ බැංකුවේ අධිපති ධූරය භාර ගන්නා ලෙස රජය විසින් කළ ආරාධනය පිළිගැනීම නිසා බව පැවසේ.
මේ වන විට මහ බැංකු අධිපති ධූරය දරන මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරකට පත්කෙරෙනු ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
කැටගොඩ මහතාට මීට පෙර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය මෙන්ම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරය සඳහාද ඇරයුම් ලැබුණු බව පැවසෙන අතර ඔහු අදාළ තනතුරු දෙකම ප්‍රතික්ෂේප කර ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.