ලබන 15වනදායින් පසුව ඉන්ධන ලබා දීමේ දී පවතින ගැටළු තවත් උග්‍රවනු ඇති බව ලංකා ඛණිජ තෙල් ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සම ලේකම් ශාන්ත සිල්වා පැවසුවේ පිරවුම්හල් සදහා ඉන්ධන ලබා ගැනීමට පෙර මුදල් ගෙවන ලෙසට ඛණිජ තෙල් සංස්ථාව කර ඇති ඉල්ලීම අනුව මෙම තත්ත්වය උද්ගතවනු ඇති බවයි.