ආන්දෝලනාත්මක යුගදනවි ගිවිසුම මුල්කරගෙන කැබිනට් මණ්ඩලයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමෙන් පසු අමාත්‍ය විමල් වීරවංශ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රසිද්ධියේ පළමුවරට පසුගියදා එක වේදිකාවකට පැමිණ සිටිනු දැකගන්නට ලැබිණ.
ඒ දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමේ ඇගයෙන “ශිල්ප අභිමානී – 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල සදහාය.
මේ අයුරින් වීරවංශ මහතා ඇතුලු කණ්ඩායම අධිකරණය ඉදිරියට යාම සම්බන්ධයෙන් ඉකුත් දා පැවැති කර්තෘවරුන්ගේ රැස්වීමකදී පවා ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම කියා සිටියේ වීරවංශ මහතා කළේ වැරදි වැඩක් බවත්, හෙතෙම සාමූහික වගකිම කඩකොට ඇති බවත්ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (25) පස්වරුවේ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී මෙම උත්සවය පැවැත්විණි.

