ශ්‍රී ලංකාවේ වනජීවී පර්යේෂණ ක්ෂේත්රයේ පුනරුදයක් ඇති කළ කීර්තිමත් විද්‍යාඥයෙකු වන ආචාර්ය රොහාන් පෙතියාගොඩ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජේෂ්ඨ උපදේශකවරයකු ලෙස පත්කරනු ලැබීය.
1956 නොවැම්බර් මස 19 වැනි දින පේරාදෙණියේදී උපත ලද රොහාන් පෙතියාගොඩ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී සිසුවෙකි.
ලන්ඩන් කිංග්ස් කොලේජ් වෙතින් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යා උපාධිය ලබා ඉන්පසු සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ජීව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව ගැන දර්ශන ශූරී (MPhil) උපාධිය ලබා ඇත.
1981දී සිය වෘත්තීය ජීවිතය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු ලෙස ආරම්භ කළ හෙතෙම ජීව විශේෂ 100කට අධික සංඛ්‍යාවක් විදු ලොවට හඳුන්වාදුන් කීර්තිමත් විද්‍යාඥයෙකි.
ස්වාභාවික විද්‍යා පිළිබඳ නොබෙල් ත්‍යාගය ලෙස ඉහළ පිළිගැනීමක් සහිත ‘ලීනියන් පදක්කම’හිමිකරගත් ආසියාවේ දෙවැන්නා ඒ මහතාය.
නව ජීව විශේෂ මෙන්ම ලොවින් වඳවී ගිය බවට විශ්වාස කළ ජීව විශේෂ 100ක් පමණ විදු ලොවට හඳුන්වාදුන් පර්යේෂකයෙකු , සත්ත්ව වර්ගීකරණ විද්‍යාඥයෙකු, ග්රන්ථ කතුවරයෙකු, කළමනාකරුවෙකු මෙන්ම ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු වන රොහාන් පෙතියාගොඩ ශ්‍රී ලංකාවේ උභයජීවීන්, මිරිදිය මසුන්, මිරිදිය කකුළුවන් සහ සිවුපා උරගයින් ගැන පර්යේෂණ රැසකට දායකවී තිබේ.
අංකුර පර්යේෂකයන්ට සහ ආධුනික විද්‍යාඥයින්ට නව පර්යේෂණ සඳහා මග පෙන්වීමට 90 දශකයේදී ඔහු වනජීවී උරුම භාරය (Wildlife Heritage Trust) ආරම්භ කරන ලද අතර ඒ හරහා ශ්‍රී ලංකාවට ආවේණික ජීව විශේෂ රැසක් විදු ලොවට හඳුන්වා දීමට හැකිවිය. එය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ වටිනාකම ඉහළ දමන්නට හේතු වූ අතර වනජීවී පර්යේෂණ ක්ෂේත්රයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය.
