• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 21, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අමිතාබ් බච්චන්ට හීනෙන් පේන අවුරුදු විසිහතේ ලකාවේ ‘මැණික’

August 22, 2021
in Exclusive
A A
අමිතාබ් බච්චන්ට හීනෙන් පේන අවුරුදු විසිහතේ ලකාවේ ‘මැණික’

ලංකාව කියන්නේ ඉන්දියාවෙන් බොහෝ දේවල් කොපි කරන රටක්. කලා නිර්මාණ සම්බන්ධයෙන් ඒ තත්ත්වය බොහෝ දුරට බලපාලා තියෙනවා. අදටත් අපේ රටේ ජනප්‍රිය ගීත රාශියක් නිර්මාණය වෙලා තියෙන්නේ හින්දි තනු කොපි කරලා. අදටත් සිංහල චිත්‍රපටවලට වැඩිය හින්දි, දෙමළ චිත්‍රපට අපේ රටේ ජනප්‍රියයි. අපේ රටේ රංගන ශිල්පීන්ට වැඩිය බොලිවුඩ්, කොලිවුඩ් තරු අපේ රටේ අතිශයින් ජනප්‍රියයි. හැබැයි මෙච්චර කාලයක් පැවැති මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරන්න අපේ රටේ ගායිකාවක් මේ වෙද්දි සමත් වෙලා තියෙනවා. හින්දි සින්දු සිංහලට කොපි කිරීම වෙනුවට සිංහල සින්දු හින්දියට කොපි කරන වටපිටාවක් ඇති කරන්න ඇයට පුළුවන් වෙලා තියෙනවා. ඉන්දියාවේ සාමාන්‍ය ජනතාව විතරක් නෙවෙයි අමිතාබ් බච්චන් වැනි සුපිරි තාරකාවන් පවා රාත්‍රියේදී නින්ද නොයන තැනට පත් කරවන්න ඇයට හැකියාව ලැබිලා තියෙනවා. ඇය තමයි යොහානි පෙරේරා. යොහානිගේ “මැණිකේ මගේ හිතේ” ගීතය තමයි මේ ආකාරයෙන් ඉන්දියාවේ උන්මාදයක් බවට පත් වෙලා තියෙන්නේ. මේ ගීතය ඇයගේ යූටියුබ් නාළිකාවට එකතු වුණේ මීට ටික කාලෙකට කලින්. ඒත් දැන් තමයි ඒ ගීතය ජනප්‍රියත්වයේ උපරිමයට ළඟා වෙලා තියෙන්නේ.

යොහානිගේ මැණිකේ මගේ හිතේ ඉන්දියාව පුරා මේ ආකාරයෙන් ජනප්‍රිය වෙන්න හේතු වුණු කතාවත් හරිම රසවත්. යොහානිගේ මැණිකේ ගීතයට අමිතාබ් බච්චන් රංගනයෙන් දායක වුණු චිත්‍රපට ගීතයක දර්ශන පෙළක් එකතු කෙරුව වීඩියෝවක් අන්තර්ජාලය හරහා ප්‍රචාරය වීම තමයි ඒකට හේතුව. ඒ වීඩියෝව අමිතාබ් බච්චන් තමන්ගේ නිල ට්විටර් ගිණුම හරහා ප්‍රචාරය කරලා තිබීමත් විශේෂත්වයක්. “මැණිකේ මගේ හිතේ ශ්‍රී ලාංකීය ගීතය රාත්‍රිය පුරා මගේ හිතේ පිළිරැව් දෙනවා. ඒක අහන එක නවත්වන්න අසීරු වෙලා තියෙනවා” යන වදනත් සමඟින් තමයි අමිතාබ් ඒ වීඩියෝව පළ කරලා තිබුණේ.

1981 වසරේදී තිරගත වූ කාලියා චිත්‍රපටයේ ගීතයකට අමිතාබ් රංගනයෙන් දායක වූ දර්ශන පෙළක් මැණිකේ මගේ හිතේ ගීතයට යොදා ගනිමින් මේ සංස්කරණය කරලා තිබුණේ අමිතාබ්ගේ මිණිපිරියක විසින්. ඇය විසින් ඉතාම දක්ෂ ආකාරයෙන් එම සංස්කරණය සිදු කරලා තිබුණා.

අමිතාබ් වැනි සුපිරි තරුවකට නිදි නැති කළ මේ ගීතය හොයා ගෙන රස විඳින්න ඉන් අනතුරුව ඉන්දියාවේ බොහෝ දෙනෙක් කටයුතු කළා. ඒ හින්දාම මේ වෙද්දි යූ ටියුබ් හරහා එම ගීතය නැරඹූ සංඛ්‍යාව මිලියන 38 පසු කර ගිහින් තියෙනවා. ඒ වගේම යූටියුබ් ප්‍රතිචාර මිලියනය පසු කළ පළමු ශ්‍රී ලාංකේය සංගීත ශිල්පියා හෝ ශිල්පිනිය බවට පත් වෙන්නත් යොහානිට අවස්ථාව ලැබිලා තියෙනවා. මීට පෙර අපේ රටේ කිසිම සංගීත ශිල්පියෙක් මේ කඩයිමට ළඟා වෙලා නැහැ. මැණිකේ මගේ හිතේ අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධි ස්ථානයක් බවට පත් වෙලා තියෙන්නේ අන්න ඒ හින්දයි.

යොහානි මේ ගමන ආව විදියත් හැම දෙනාටම ආදර්ශයක්. ඇය තමන්ගේ දක්ෂතා එළි දක්වන්න ප්‍රධාන වශයෙන් යොදා ගත්තේ සමාජ මාධ්‍ය. ඒත් ඇයගේ වෙනස අපේ රටේ ඇතැම් අයට ඒ තරම් හරි ගියේ නැහැ. ඒ හින්දා ඇයට සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා දරුණු විවේචනවලට ලක් වෙන්න සිද්ධ වුණා. ඒත් ඉතා කුඩා වයසේ තරුණියක් වුණත් ඒ හැමදේම දරාගෙන තමන්ගේ ගමන යන්න යොහානිට ශක්තිය තිබුණා. ඒ විවේචන කිසිවක් තමන්ගේ ගමනට බාධාවක් කර නොගන්න යොහානිට හැකි වුණා. අවසානයේදී තමන්ගේ ඉලක්කය සපුරා ගන්න විතරක් නෙවෙයි මුළු රටේම නම ජාත්‍යන්තරයේ බබළවන්න ඇයට හැකියාව ලැබිලා තියෙනවා.

මේ ශක්තිය ඇයට පියාගෙන් උරුම වූ දෙයක් කියලයි ඇය ගැන දන්න බොහෝ දෙනෙකුගේ අදහස. යොහානිගේ පියා තමයි මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහත්මයා. එතුමා එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ පැවැති යුද්ධය පුරාවට කැපී පෙනෙන මෙහෙයක් සිදු කළ නිලධාරියෙක්. විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ලෙස වසර ගණනාවක් පුරාවට මව්බිම රැක ගැනීම වෙනුවෙන් පෙනී හිටිය ඒ මහතා යුද්ධයේ අවසන් අදියරේදී 55 වන සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙසත් කටයුතු කළා. වන්නි ඉදිරි පෙරමුණේ සිට අලිමංකඩ දක්වා ඒ 09 මාර්ගය මුදාගැනීම සඳහා 55 වැනි සේනාංකය කටයුතු කළේ ඒ මහතාගේ නායකත්වය යටතේයි.

මීට පෙර ජාත්‍යන්තර ජයගත් අපේ රටට සම්බන්ධ ගායන ශිල්පිනියන් දෙපළක් ගැනත් මෙහිදී මතක් කළ යුතුයි. ඒ තමයි dhee සහ MIA. මේ අතරින් MIA උපත ලබා තියෙන්නේ යාපනයේදී. ලන්ඩනයේදී උපත ලැබූ මායා අරුල්ප්‍රගාසම් හෙවත් ඵගෂග්. තම කුඩා අවධිය ගත කර තිබෙන්නේ යාපනයේ. ඇයගේ දෙමව්පියන් ශ්‍රී ලාංකිකයන් වීම තමයි ඊට හේතුව. ඔවුන් දෙදෙනාම ගායිකාවන් ලෙස ජාත්‍යන්තරයේ ජනප්‍රියත්වයට පත් වුණා.

නමුත් මොවුන් දෙදෙනාම එක් එක් අවස්ථාවල එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙනුවෙන් පෙනී සිටි අය වීමත් කැපී පෙනෙන කරුණක්. ඒ අතරින් MIA බොහෝ අවස්ථාවල එල්. ටී. ටී. ඊ. වෙනුවෙන් ජාත්‍යන්තරයේ පෙනී හිටියා. ඇය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පවා නිවේදන නිකුත් කර තිබෙනවා.

එවැනි පසුබිමක එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමට උර දුන් හමුදා නායකයෙකුගේ දියණියක් මේ ආකාරයෙන් ගායන ශිල්පිනියක ලෙස ලෝකය ජය ගැනීම සුවිශේෂී කාරණාවක් බවයි බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙන්නේ.
යොහානි තවමත් තමන්ගේ ගමන ආරම්භ කළා විතරයි. ඇයට තවත් බොහෝ දුර ගමනක් යන්න තියෙනවා. ඒ වෙනුවෙන් අපි හැමෝගෙම ආශීර්වාදය ඇයට ලබා දෙමු. ඉන්දියාවෙනුත් එහාට ගිහින් මුළු ලෝකයම ජය ගන්න ඒ ආශීර්වාදය ඇයට ශක්තියක් වේවි.

චන්දන පොන්නම්පෙරුම

Share401Tweet251SendShare100
Previous Post

ජවිපෙයි විපක්ෂයයි රට වහන්න බල කරන හේතුව ප්‍ර්‍රමිත පෙන්වා දෙයි!

Next Post

කැබිනට් මාරුවෙන් ඇමැතිවරු කලකිරිලා! අප්‍රේල්වල අලුත් ආණ්ඩුවක්! ආණ්ඩුවේ කැරලිකාර පක්ෂ බැසිල් වෙනවෙනම ගෙන්වයි! (රාජ්‍ය රහස්)

MORE NEWS

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)
Exclusive

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)
Exclusive

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)
Exclusive

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

May 20, 2022
හරීන්-මනූෂ සජබෙන් දොට්ට!
Exclusive

හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

May 20, 2022
රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)
Exclusive

රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

May 20, 2022
ජනාධිපතිව හම්බවෙනවා! බැසිල්ව හම්බවෙනවා! ආණ්ඩු හදන්න කමිටු දාගන්නවා! පාර්ලිමේන්තුවෙදි ප්‍රසිද්ධියේ ආණ්ඩුවට ගහනවා! අහන්නකො බලන්න අනුර ප්‍රියදර්ශනගෙ කතාව! පොලිටික්ස්ද පොලිට්‍රික්ස්ද කියලා! (VIDEO)
Exclusive

මේ ආණ්ඩුවේ මම කිසිම ඇමැතිකමක් ගන්නෙ නෑ! අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශයක් කරයි!

May 20, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ජාත්‍යන්තර ස්කයි නිව්ස් සේවය සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්මුඛ...

Read more
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

May 20, 2022
හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

May 20, 2022
රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

May 20, 2022
ජනාධිපතිව හම්බවෙනවා! බැසිල්ව හම්බවෙනවා! ආණ්ඩු හදන්න කමිටු දාගන්නවා! පාර්ලිමේන්තුවෙදි ප්‍රසිද්ධියේ ආණ්ඩුවට ගහනවා! අහන්නකො බලන්න අනුර ප්‍රියදර්ශනගෙ කතාව! පොලිටික්ස්ද පොලිට්‍රික්ස්ද කියලා! (VIDEO)

මේ ආණ්ඩුවේ මම කිසිම ඇමැතිකමක් ගන්නෙ නෑ! අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශයක් කරයි!

May 20, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net