ඉන්දියාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් වන සී ටීවී (ZEE Tv ) සමඟ පළමු වරට සජීවීව සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක්වෙමින් ප්‍රකට ගායිකා යොහානි අදහස් දැක්වීමක් සිදු නොට ඇත.
.ඇයගේ මෙම ඉන්දීය සංගීත ප්‍රසංග සංවිධානය කළ සංවිධායක වන්නේද එම මාධ්‍ය ආයතනයයි.
විනාඩි 17 තත්ත්පර 25 ක ධාවන කාලයකින් යුතු එම සම්මුඛ සාකච්ඡාවේදී යොහානි තමන් ගේ සංගීත වෘත්තීයේ පටන් ගැන්ම , පවුලේ අයගෙන් හා සංගීත ක්ෂේත්‍රයෙන් ලැබුණු සහාය ආදී කාරණා සහ එක් රැයෙන් ඇය ගායනා කල “මැණිකේ මගේ හිතේ ” ප්‍රතිනිර්මාණ ගායනය ජනප්‍රිය වීම සම්බන්ධයෙන් ඉතා ධනාත්මක ලෙසින් අදහස් දැක්වූවාය.
ඇය සමග සම්මුඛ සාකච්ඡාවේ නිරතවූ මාධ්‍යවේදිනිය ඇසූ ප්‍රශ්න කිහිපයක් පහතින් දැක්වේ.
සී ටීවි මාධ්‍යවේදිනිය -ඔබ කවද්ද හිතුවේ අමිතාබ් බච්චන්, මධුරි ඩික්සිත් වගේ තරුවක් වෙයි කියලා. හැමෝම ඔබේ ගීතයට නර්තන ඉදිරිපත් කරලා තිබ්බා. කවද්ද දැනගත්තේ මගේ ගීතය ප්‍රසිද්ධ වුණා කියලා?
යොහානි- “මම නිවැරදි නම් ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 23 විතර වනවා. මේ ගීතය මිලියන 20 ඉක්මවද්දී මම හිතුවා ශ්‍රී ලංකාවට ලොකු දෙයක් කියලා. නමුත් මේ ගීතය ඉන්දියාව ඇතුළු විදෙස් රටවලට ගිහින් මිලියන 20 ඉක්මවා ගියාම මට හිතා ගන්නවත් බැරි වුනා.”
මාධ්‍යවේදිනිය – ඔබට හින්දි භාෂාව පුළුවන් ද ?
යොහානි -ඇත්තටම මට ඉංග්‍රීසි භාෂාව හොදින් හැසිරවීමට පුළුවන් වුනත් හින්දි භාෂාව ඉතාම හොදින් හසුරුවන්න බැහැ.ඒත් අපි බලමු ඉක්මනින්ම හින්දි භාෂාවත් ඉගෙන ගන්න.
ප්‍රශ්නය – ඔබේ රසිකයින්ට දෙන පණිවිඩය මොකක්ද?
“හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. මගේ සංගීතයත් සමඟ ඉන්න. ඉදිරියේදී මම ඇල්බමයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ අලුත් ගීතයක් ඉක්මනින්ම නිකුත් වනවා. මගේ සංගීතයට උදව් කරන්න.ගොඩාක් ස්තූතියි.මේ දුන් හැම ගෞරවයකටම යැයි ද යොහානි කියා සිටියාය.