310 මෙගාවොට් යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් සහ කොළඹ, වෙරළට ඔබ්බෙන් නව එල්එන්ජී පර්යන්තයක් සංවර්ධනය කිරීමේ ආයෝජනය සඳහා නිශ්චිත එකඟතාවක් ඇති කර ගත් බව නිව් ෆෝට්‍රස් බලශක්ති සංස්ථාව සහ ශ‍්‍රී ලංකා රජය ඒකාබද්ධව නිවේදනය කොට ඇත.
ගනුදෙනුවේ කොටසක් වශයෙන්, අද බලශක්ති මෙගාවොට් 310 ක් ක්‍රියාත්මක වන සහ අතිරේක මෙගාවොට් 700 ක් ඉදි කිරීමට නියමිත කෙරවලපිටිය විදුලි සංකීර්ණයට ගෑස් සැපයුම් අයිතිය ඇති අතර එයින් 2023 වන විට මෙගාවොට් 350 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව නිව් ෆෝට්‍රස් සමාගම කියා සිටී.
ඒ අනුව, නිව් ෆෝට්‍රස් සමාගම විසින් යුගදනවිහි හි 40% ක කොටස් හිමිකර ගන්නා අතර කොළඹ වෙරළට ඔබ්බෙන් වූ අක්වෙරළ ද්‍රව ස්වාභාවික ගෑස් (එල්එන්ජී) ලබා ගැනීම, ගබඩා කිරීම සහ නැවත වර්ගීකරණය කිරීමේ පර්යන්තයක් තැනීමට සැලසුම් කරයි.
නිව් ෆෝට්‍රස් මුලින් දළ ඇස්තමේන්තු කර ඇති පරිදි එල්එන්ජී ගැලුම් මිලියන 1.2 කට (එම්එම්බීටී පවුම් 35,000 ක්) ලංකා රජය වෙත වෙත ලබා දෙන අතර නව බලාගාරය ක්‍රියාත්මක වන විට සැලකිය යුතු වර්ධනයද අපේක්ෂා කෙරේ.
මෙගාවොට් 310 ක යුගදනවි විදුලි බලාගාරය දැනට 2035 දක්වා දීර්ඝ කෙරෙන ජාතික විදුලිබල පද්ධතියට විදුලිය ලබා දීම සඳහා දිගු කාලීන බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමක් ඇති අතර මෙම බලාගාරය සාමාන්‍ය විදුලි උත්පාදක යන්ත්‍රවලින් සමන්විත වන අතර ස්වාභාවික චලන මඟින් ඒකාබද්ධ චක්‍රයක් ඔස්සේ ක්‍රියාත්මක වේ.
නිව් ෆෝට්‍රස් බලශක්ති ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෙස් එඩන්ස් පැවසුවේ “මෙය ශ‍්‍රී ලංකාව පිරිසිදු ඉන්ධන හා වඩා විශ්වාසදායක, දරා ගත හැකි බලයක් වෙත මාරුවීමේ වැදගත් සන්ධිස්ථානයක්” බවයි.
“තිරසාර ආර්ථික සංවර්‍ධනයට සහ පාරිසරික ප්‍රතිලාභ සඳහා සහය වන නවීන බලශක්ති යටිතල පහසුකම් සඳහා ආයෝඡනය කිරීමෙන් ශ්‍රී ලංකාව සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙමු.” යනුවෙන්ද ඒ මහතා සදහන් කොට ඇත.