Heart
ඉස්සර හැම එකක්ම කළා… දැන් එහෙම බෑනේ ඉතින්
Published
2 months agoon

⬤ මෙගා අඩු වෙන එක හොඳයි…
⬤ මේ අවුරුද්දේ ගිය අවුරුද්දටත් එක්ක වැඩ කරනවා…
රශී ප්‍රබා සන්දීපනී කාලයක් ටෙලිනාට්‍ය කලාවේ නිතර දකින්න හිටිය චරිතයක්. හැබැයි පසුගිය වසර දෙකක පමණ කාලයේදී ඇය වැඩිපුර පේන්න හිටියේ නැහැ. ඇත්තටම ඒ ඇයි කියන එක ඇයට ආදරය කරපු බොහෝ දෙනකුටත් ප්‍රශ්නයක් වෙලා තිබුණා. හැබැයි ඔන්න ඉදිරියේදී ඇයව නැවතත් ටෙලිනාට්‍ය හරහා දැක ගන්න පුළුවන්. ඒ ගැන වැඩිදුර විස්තර දැන ගන්න තමයි අපි ඇයට කතා කළේ.
🔴 රශී නැවත වරක් ටෙලිනාට්‍ය එක්ක කාර්යබහුල වෙලා කියලා දැන ගන්න ලැබුණා?
ඇත්තටම ඔව්. අලුත් වැඩ කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්නේ. මේ දවස්වල අධික වර්ෂාව හින්දා පොඩ්ඩක් නතර කරලා තිබුණත්, ඒ රූගත කිරීම් එක්ක ඉක්මනින්ම නැවත සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.
🔴 ඒ කියන්නේ අපිට ඉක්මනටම ටෙලිනාට්‍යයක් හරහා ඔබව දැක ගන්න පුළුවන් කියන එකද?
දැනට වැඩ ඉවර කෙරුව නිර්මාණ කිහිපයක්ම තියෙනවා. මං හිතන්නේ ලබන මාසේ නැත්නම් ඊළඟ මාසෙ වෙද්දි ඒවා විකාශනය ආරම්භ වේවි. හැබැයි නම් වශයෙන් ඒ මොනවාද කියලා කියන්න නම් තාම කල් වැඩියි.
🔴 පසුගිය කාලයේදී ඔබ වැඩිය පේන්න හිටිය චරිතයක් නෙවෙයි. ඒකට හේතුව දැන ගන්නත් ඔබේ රසිකයන් කැමැති වේවි?
කොහොමත් පසුගිය අවුරුද්දම කොරෝනාවලට ගෙවිලා ගියානේ.
🔴 හැබැයි ඊට පෙරත් ඔබ වැඩිපුර නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ?
ඔව්. පසුගිය අවුරුදු දෙක තුනේදි මම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩිපුර කාලය වැය කළා. ඒ හින්දා කලාව එක්ක සම්බන්ධ වෙන්න වෙලාවක් තිබුණේ නැහැ. මොකද රංගනයට ආව මුල් කාලේ මම ඒකට මුල්තැන දුන්නු හින්දා අධ්‍යාපන කටයුතු දිනෙන් දිනම පස්සට ගියා. ඒ හින්දයි පසුගිය කාලය අධ්‍යාපනය වෙනුවෙන් කැප කරන්න තීරණය කළේ. හැබැයි දැන් නැවතත් කලාව එක්ක සම්බන්ධ වෙන්න මට වෙලාව තියෙනවා. මේ අවුරුද්දේ ගිය අවුරුද්දටත් එක්ක වැඩ කරන්නයි හිතා ගෙන ඉන්නේ.
🔴 රශී ප්‍රබා කලාව එක්ක සම්බන්ධ වෙලා මේ වෙද්දි සෑහෙන්න කාලයක්. මේ කාලය තුළ මොන වගේ වෙනසක්ද කලා ලෝකයේ සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය කලාවේ?
මං දැන් රංගනයට ඇවිත් අවුරුදු 9ක් වෙනවා. අපි ආව මුල් කාලේ වැඩිපුරම තිබුණේ මෙගා ටෙලිනාට්‍ය. ඒත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා මෙගා සංකල්පයෙන් එහා ගිය කලාත්මක නිර්මාණ වැඩිපුර බිහි වෙන බවක් පේන්න තියෙනවා. මං හිතන්නේ ඒක ඉතාම හොඳ ප්‍රවණතාවයක්.
🔴 ඒ කියන්නේ ඔබත් ඉදිරියේදී ඒ නිර්මාණ සඳහා වැඩි ඉඩක් ලබා දෙනවා කියන එකද?
ඇත්තටම ඔව්. ආව මුල් කාලේ නම් ලැබෙන හැම චරිතයක්ම වගේ බාර ගත්තා. ඒත් දැන් හොඳ නිර්මාණ සඳහා තමයි වැඩිපුර සම්බන්ධ වෙන්නේ. රංගනය සඳහා කැප කරන කාලය වටිනා දෙයක් වෙනුවෙන් යොදවන එක හොඳයි කියලයි මම හිතන්නේ.
🔴 ඔබ කලාව එක්ක සම්බන්ධ වුණු මුල් කාලයේදී වේදිකා නාට්‍ය එක්කත් නිතර සම්බන්ධ වුණා. ඉදිරියේදීත් ඔබව වේදිකාවේ දැක ගන්න ලැබේවිද?
දැනට සෙනසුරාදා, ඉරිදා කියන දවස් දෙක මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙන් කරන්න සිදු වෙලා තියෙනවා. වේදිකා නාට්‍ය වැඩිපුර වේදිකාගත වෙන්නේ ඒ දිනවල හින්දා තව ටික කාලයක් මට වේදිකාව එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි මම වේදිකාවෙන් සමු අරගෙන කියලා ඒකෙන් කියවෙන්නේ නැහැ.
🔴 රංගන ශිල්පිනියක් විතරක් නෙවෙයි නිවේදන ශිල්පිනියක් විදියටත් ඔබ කටයුතු කළා අපට මතකයි. දැන් ඒ පැත්ත අමතක කරලද?
මෙහෙමයි. මුල් කාලෙන් පස්සේ නිවේදන කටයුතු සඳහා මට ආස හිතෙන වැඩසටහනක් හම්බ වුණේ නැහැ කියලයි මට හිතෙන්නේ. කොහොමත් දැන් නම් රංගන කටයුතු හින්දා නිවේදනය එක්ක සම්බන්ධ වෙන්න වෙලාවක් නැහැ.
🔴 අවසන් වශයෙන් කියන්න මොනවද ඉදිරි බලාපොරොත්තු?
අධ්‍යාපනය පැත්තෙන් නම් ගොඩක් ලොකු බලාපොරොත්තු තියෙනවා. අධ්‍යාපනය ඉදිරියට ගෙන යන ගමන් හොඳ නිර්මාණ හරහා කලාව එක්ක සම්බන්ධ වෙලා ඉන්න එක තමයි මගේ බලාපොරොත්තුව. සිනමාව හෝ ටෙලිනාට්‍ය කියන මොන දේ වුණත් ප්‍රේක්ෂකයන්ට වටිනා දෙයක් ලබා දෙන්නයි මට ඕනෑ.
චන්දන පොන්නම්පෙරුම
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
