Heart
තලපති මේනියාව ලංකාවටත් බෝවෙයි
Published
1 month agoon

මුළු කොළඹම ජනතාවගෙන් පිරී ඉතිරී යයි…
දමිළ චිත්‍රපටවලට ප්‍රිය කරන ශ්‍රී ලාංකේය රසිකයනට තලපති විජය ගැන විස්තර කිරීම බොහෝ විට විහිළුවකි.
තවත් සරලව කියනවා නම් මරදාන පැත්තේ ෆිල්ම් හෝල් එකකට ගිහින් රටකජු ගොට්ටක රස බලමින් විසිල් එකක ෆන් එක සමඟ දෙමළ චිත්‍රපට බලන රසික නඩයට නම් තලපති විජය ගැන විස්තර කිරීම හෝ ඔහු ගැන හඳුන්වන්න උත්සාහ කිරීම අමුම අමු පිස්සුවකි.
ඇත්තෙන්ම මැඩ්රාස්වලට වගේම මරදාන හෝ පිටකොටුව පැත්තේ රසික ජනතාවටද තලපති විජය දෙවියෙකි. එම්.ජී.ආර්., ශිවාජි ගනේෂන් සහ රජිනි කාන්ත්ගෙන් පසුව දමිළ සිනමාවේ බජාර් එකේ චණ්ඩියා වූයේ තලපති විජයය. බොහෝ විට මැඩ්රාස්හි පීඩිත පන්තියේ පිරිමි පාර්ශ්වය සැබෑ ලෝකයේදී තම තමන්ට ඉටුකර ගැනීමට බැරි හීන ගැන දුක්බර මනස්ථාපයන් පසෙක දැමුවේ දෙමළ චිත්‍රපටවලදී තලපති විජය ඔවුන්ගේ සිහින ඉටුකර දෙන සීන්වලට කදිම විසිල් පාරක් ගසමින්ය. ඔවුන්ගේ මිහිපිට දෙවියා, වීරයා වගේම නොම්මර එකේ සාධාරණ චණ්ඩියා වූයේද තලපති විජයයි.
බොහෝ විට ඒ
පිළිගැනීම ආකර්ෂණයකට වඩා උමතුවක් හෝ මේනියාවක් විය. යම් කතාබහකදී කිසිවකු විසින් තලපති විජය ගැන විවේචනය කළහොත් එම විවේචනය කළ අයගේ හොම්බ රිවට් වෙන්නට ගසන්නට තරමටම එකී මේනියාව ප්රබලය.
එච්චරටම තලපති විජය නම් සුපිරි මිනිසා මැඩ්රාස් රසිකයනට කලින් කලට බෙදාහරින ‘ස්ප්රිට්’ එක කලින් සුපිරි විය. කොටින්ම සාක්ෂි සහිතව කියනවා නම් කොරෝනාව වැනි වූ වසංගත රෝගයක් අමතක කර සිනමා ශාලා ඉදිරිපිට රසිකයන් එකාපිට එකා වැටී ටිකට් එකක් ගන්නට පොරබදන තරමටම එම ස්ප්රිට් එක සුපිරි විය.
මොකක්ද ඒ කතාව. මෙය කියවන ඔබ ඒ කතාව නොදන්නවා නම් එය පුදුමය. ඒ කියන්නේ තලපති විජය තවත් ස්ප්රිට් එකක් බෙදාහරින්නට සූදානමින් සිටිනවාවත්ද?
සිටිනවා නෙමේ. විජය මාස්ටර් හරහා එය බෙදාහැර අවසන්ය. ආරංචියෙ හැටියට මාස්ටර් ස්ප්රිට් එකෙන් හොඳින් මත්වූ පිරිස තව තව කිහිප වතාවක්ම ‘ස්ප්රිට්’ එකෙහි රස උරගා බැලීමට සිනමා ශාලාවල කරක්ගසමින් ‘බ්ලැක් මාර්කට්’ ටිකට්වලට අලෙවි වන බවද අසන්නට ලැබී ඇත.
මාස්ටර් චිත්‍රපටය ඒ තරමට හිට් වෙලාද?
හිට් එකේ හොඳම එක ඒකය. වාර්තා පිට වාර්තා බිඳ හෙලමින් ‘මාස්ටර්’ මැඩ්රාස්වල සේම විදේශීය රටවලද ජයකෙහෙළි නංවමින් තිරගත වේ. කොරෝනා වසංගතය තුළ පීඩා විඳින සමාජයක එවැන්නක් සිදුවිය හැකිද?
පුදුමය කියන්නේ ඒකය. මාස්ටර්හි සතියක ශුද්ධ වූ ලාබය ඉන්දියානු රුපියල් කෝටි 140කි. කර්ණාටක සහ කේරළ ප්‍රාන්තවලද එය ඊට වඩා වැඩි මිසක අඩුවක් නැත. ඒ විතරක් නෙමේය. එක්සත් එමීර් රාජ්‍යයෙහි සිනමා ශාලාවල ‘මාස්ටර්’ ලබාදුන් ආදායම ඩොලර් මිලියන 1.23 ඉක්මවා ඇත්තේ දින 6ක් ඇතුළතය.
ගැහැණු සිත් අතර සුපිරි පෙම්බරයා ලෙසත්, වීදිවල සැරිසරණ ගැන්සි පිරිමින්ගේ වීරයා ලෙසත් කිරුළු පලන් විජයට මොනවා හිතෙනවා ඇතිද?
නිහතමානී සිනමාවකින් නිතර දෙතොළඟ සරසා සිටින විජය ප්‍රසිද්ධියේ කිසිවක් නොකීවද ජාත්‍යන්තර වශයෙන් හොඳම මුදල් උපයන සුපිරි නළුවන් දසදෙනාගේ ලැයිස්තුවට ඔහුගේ නමද මේ දිනවල ඇතුළත්ව ඇත.
එලෙසම ඉන්දියානු රුපියල් කෝටි 150 දින කිහිපයක් තුළ උපයාදුන් තලපති විජයගේ පස්වැනි චිත්‍රපටය ලෙසද ‘මාස්ටර්’ කිරුල දරා ඇත.
මාස්ටර් මෙලෙස මැජික් එකක් වීමේ රහසක් එහෙම තියෙවද?
රහස් ගැන නම් කියන්නට දන්නේ නැත. එක් නිමිත්තක් ගැන නම් කිව හැකිය.
උතුරු ඉන්දීය සිනමාවේ ඛාන්ලා රාමසාන්, දීපාවලී සහ නත්තලට තම චිත්‍රපට එළිදැක්වීමේ කලාවක් ඔවුනට ආවේණිකව ඇතුවා සේම විජයටද එවැනි මිත්‍යා මතයක් වේ. ඒ තෛපොංගල්වලට තම චිත්‍රපට නිකුතුව බෙදාහැරීමය.
එතකොට තෛපොංගල් වාසනාව නිසා මාස්ටර් කප් ගැහුවාද?
කිසිවකු ඒ ගැන තවමත් මොනවත් කියා නැත. කෙසේ වුවද තමිල්නාඩුවල පමණක් මාස්ටර් ඉපයූ මුදල 18 වැනි අඟහරුවාදා වන විට කෝටි 80 පැන හමාරය.
කොරෝනාව නිසා තම චිත්‍රපට රෝල්වලට දුම් අල්ලමින් හකුලාගෙන සිටින දමිළ නිෂ්පාදකයනට මාස්ටර් පාඩමක් දුන්නාද?
දමිළ පමණක් නෙමෙයි හින්දි චිත්‍රපට නිෂ්පාදකයන්ද මාස්ටර් නිසා ෆෝම් වී ඇති බව ආරංචිය.
චිත්‍රපට බෙදාහැරීමේ අංශයේ ප්‍රධානියකු වූ මහේෂ් කොනේරු දුරදර්ශන්හි කතිකාවකදී පවසා ඇත්තේ තම චිත්‍රපට එළිදැක්වීමට බයෙන් සිටින සුපිරි නිෂ්පාදකයනට මාස්ටර් දුන් අතුල්පහර පට්ට සුපිරිය කියාය.
තව මොනවද මාස්ටර් ගැන තියෙන සුපිරි කතා.
හීරෝ වී ඇති විජයගේ මාස්ටර් ගැන සීරෝ කතාව වන්නේ මැලේසියාවේ කොරෝනා අගුළු දැමීමය.
චිත්‍රපට බෙදාහරින්නන්ගේ සංගමයෙහි විධායක අධ්යක්ෂ වූ තිරුපූර් සුබ්‍රමනියම් කියා ඇත්තේ විජයට පිස්සු වැටුණු රසිකයන් සිටින නිජබිමක් වූ මැලේසියාවට ‘මාස්ටර්’ තිරගත කිරීමේ අවස්ථාව නොලැබී යෑම මහා අවාසනාවක් බවය.
‘මාස්ටර්’ තිරගත කළ සිනමා හල්වලට නඩු වැටිල කියන්නෙ ඇත්තද? එය ඇත්තකි. සීමාසහිත ප්‍රේක්ෂක පිරිසකට දුන් අනුමැතිය සිනමා ශාලා හිමිකරුවන් විසින් පසෙක දමා ඇති බව එයට හේතුවය.
කොයික කෙසේ වුවද තලපති විජයගේ කාලවර්ණ කඩවසම් රූපකායෙහි ප්‍රතිරූපය සමඟ ‘මාස්ටර්’ කෙරෝනාව නිසා දියාරු වෙමින් තිබූ ඉන්දියානු සිනමාවට නව අර්ථකතනයක් ද ඇත.
එලෙසම බේබදු ගුරුවරයකු සිසුන්ගේ අවධානය දිනාගත නොහැකි වූ නොහික්මුණු මහාචාර්යවරයකු තලපති විජය තුළින් මාස්ටර් හරහා කළ හපන්කම නම් කදිමය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
