• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 29, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

නැටිල්ල තාමත් මගේ ඇඟේ තියෙනවා

September 12, 2020
in Heart
A A
නැටිල්ල තාමත් මගේ ඇඟේ තියෙනවා

නර්තන ශිල්පිනියක් විදියට කලාවට පිවිසුණු නිලන්ති ඩයස් කෙටි කාලයක් ඇතුළත ලංකාවේ අංක එකේ සිනමා නිළියක් බවට පත් වුණා. එතැන් පටන් කාලයක් යනතුරුම ඇය ලංකාවේ ජනප්‍රිය සිනමා නිළියන් අතර ඉදිරියේම වැජඹුණා කිව්වොත් ඒක වැරැදි නැහැ. කොහොම වුණත් විවාහයෙන් පස්සේ කලා ලෝකයෙන් තරමක් ඈත් වුණු නිලන්තිව වර්තමානයේදී නිතර දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඇයට ආදරය කරන රසික රසිකාවියන්ටත් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන බව දැනුණු හින්දා මේ ගැන නිලන්තිගෙන්ම අහන්න අපි තීරණය කළා.
මේ දවස්වල වැඩිය පේන්න නැත්තේ ඇයි කියලා ඔබේ රසිකයන් අහනවා?
පසුගිය දවස් ටිකේ නම් මැතිවරණ කටයුතුවලට සහභාගි වුණා. ඒ හින්දා පොඞ්ඩක් කාර්යබහුල වෙලා හිටියේ. ඒ වගේම කොරෝනා හින්දා තවම හරිහැටි නිර්මාණ ආරම්භ වෙලත් නැහැ. ප්‍රසංග පැවැත්වෙන්නෙත් නැහැ. ඒ හින්දා ඒ අයට එහෙම හිතෙන එක සාධාරණයි.
මැතිවරණ කටයුතුවලට සම්බන්ධ වුණු බව ඔබ කිව්වා. ඒක නිලන්ත ඩයස් ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනවා කියන එකට ඉඟියක්ද?
අපෝ නැහැ. වැඩ කරන අයට උදව් කරන එක කවදත් කෙරුවා. එහෙම නැතිව දේශපාලනයට පිවිසෙන්න නම් කිසිම අදහසක් මගේ හිතේ නැහැ.
ඉදිරියේදී ඔබව දැක ගන්න ලැබෙන නිර්මාණ ගැන කතා කළොත්?
සරත් වීරසේකර මහත්මයාගේ “ශ්‍රී සද්ධා” චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. ඒක ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. ඊට අමතරව ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් ඒකට සම්බන්ධ වෙනවා.
දක්ෂ නර්තන ශිල්පිනියක් විදියට තමයි නිලන්තිව මුලින්ම රටම හඳුනා ගත්තේ. ඒත් මේ වෙද්දී නර්තනය අමතක කරලද?
නැහැ. ඩාන්සින්වලට කවදත් ආදරෙයි. ඒ වගේම කවදත් ආසයි. මගේ යටතේ පුහුණු වුණු ළමයිනුත් තවම ඉන්නවා. නමුත් තවම හරිහැටි ප්‍රසංග පැවැත්වෙන්නේ නැති හින්දා ඒකට ඉඩක් නැහැ. හොඳ නිර්මාණයක් ආවොත් තවමත් ඩාන්ස් කරන්න මම කැමැතියි.
මේ වෙද්දී ඔබ කලාවට සම්බන්ධ වෙලා බොහෝ කාලයක් ගත වෙලා. ආපසු හැරිලා බලද්දී ඒ ආව ගමන ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒ ගමන ගැන ලොකු සතුටක් වගේම ආඩම්බරයකුත් දැනෙනවා. මොකද කොහේ ගියත් අපිට ආදරය කරන මිනිස්සු හම්බ වෙනවා. මොන වැඬේට ගියත් අපිව දන්න අය එතැන ඉන්නවා. ඒ විදියට ජනප්‍රිය වෙන්න පුළුවන් වුණේ කලාව හින්දා. ඒ හින්දා ඒ ගැන ගොඩක් සතුටුයි.
ඒ ආව ගමන අතරේ කනගාටුවක් දැනුණු තැන් ඇත්තෙම නැද්ද?
මෙහෙමයි. විවිධාකාර චරිත සඳහා සම්බන්ධ වෙන්න තිබුණා නම් හොඳයි කියලා මට දැන් හිතෙනවා. ඒත් ඒ ගැන දුකක් නැහැ. ඒ වගේ විවිධාකාර චරිත සඳහා ඉදිරියේදී හරි සම්බන්ධ වෙන්න ලැබේවි කියලා මම විශ්වාස කරනවා. එවැනි චරිතයක් ලැබෙනතුරු මම මඟ බලමින් ඉන්නවා.
එවැනි විවිධාකාර චරිත නොලැබෙන්න හේතුවක් තිබුණද? ඔබ එවැනි චරිත ප්‍රතික්ෂේප කළාද?
නැහැ. ඒත් මම බැන්ද අලුත නිර්මාණ සඳහා සම්බන්ධ වුණේම නැහැ. ඒ හින්දා මම කලාවෙන් ඈත් වෙලා කියලා ගොඩක් අය හිතුවා. එවැනි චරිත නොලැබෙන්න ඒක හේතුවක් වෙන්න ඇති.
අපි පොඞ්ඩක් අතීතයට යමු. මතකද ඔබ මුලින්ම රඟපෑව චිත්‍රපටය?
ලාල් ප්‍රියදේව මහත්මයාගේ “ජොලි හලෝ” චිත්‍රපටයට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. බන්දු සමරසිංහ මහත්මයා එක්ක ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ මම. ඒ වගේම ඒ චිත්‍රපටය දින 100කට වැඩිය තිරගත වුණා.
පළමු චිත්‍රපටයෙන්ම ප්‍රධාන චරිතයක් ලැබෙන එක දුර්ලභ අවස්ථාවක්. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම වර්තමානයටත් වඩා ඒ දවස්වල ඒක ඉතාම දුර්ලභ අවස්ථාවක්. මම හිතන්නේ ඒක මම ලබපු ලොකු ජයග්‍රහණයක්. එතැනින් පස්සේ මට චිත්‍රපට ගලා ආවා කිව්වොත් හරි. මම රඟපෑව චිත්‍රපට විශාල ගණනක් එතැනින් පස්සේ තිරගත වුණා.
සිනමාවේ ජනප්‍රිය නිළියක් වුණත්, ඔබ ටෙලි නාට්‍ය සඳහා සම්බන්ධ වුණේ ඉතාම අඩුවෙන්. ඒකට හේතුවක් තිබුණද?
ඔව්. ඔක්කොම එකතු කරලා ගත්තත් මම ටෙලි නාට්‍ය දහයකට විතර තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ දවස්වල නර්තන ප්‍රසංගවලට සම්බන්ධ වුණු නිසා ටෙලි නාට්‍ය සඳහා දින ලබා දීමේ ගැටලුවක් තිබුණා. මොකද චිත්‍රපට වගේ නෙවෙයි ටෙලි නාට්‍ය රූගත කිරීම් සඳහා වැඩි කාලයක් යනවා. මං හිතන්නේ ඒක තමයි ටෙලි නාට්‍ය සඳහා අඩුවෙන් සම්බන්ධ වෙන්න ප්‍රධාන හේතුව වුණේ.
ඔබ සිනමාව සමඟ සම්බන්ධ වුණු කාලය සහ වර්තමාන සිනමාව අතර මොන වගේ වෙනසක්ද ඔබ දකින්නේ?
සිනමාව විතරක් නෙවෙයි සමස්ත කලාවම එදාට වැඩිය දැන් ගොඩක් දියුණුයි. උදාහරණයකට කිව්වොත් ඒ කාලේ රඟපාන්න එන ගොඩක් අයට ඩාන්ස් කරන්න බැහැ. ඒත් දැන් ඩාන්ස් කරන්න බැරි කෙනෙක් හොයා ගන්න බැහැ. හැමෝටම හොඳට ඩාන්ස් කරන්න පුළුවන්. මම හිතන්නේ දැන් ඉන්න දෙමව්පියෝ වුණත් ප්‍රාසාංගික කටයුතු සඳහා තමන්ගේ ළමයි වැඩිපුර යොමු කරනවා. අපි ආව කාලේ එහෙම තිබුණේ නැහැ.
වර්තමානය වෙද්දී ඔබත් මවක්. මවක් විදියට ඒ නිදහස ළමයින්ට ලබා දෙන්න ඔබ සූදානම්ද?
අනිවාර්යයෙන්ම. ළමයින් ඒ දේවල්වලට කැමැති නම් ඒවට ඉඩ ලබා දෙන්න ඕනෑ කියලා තමයි අම්මා කෙනෙක් විදියට මම හිතන්නේ. මොකද ඒවට ඉඩ ලබා නොදුන්නොත් ඒ අය හිර වෙනවා. ඒ වගේම තව දෙයක්. ඉගෙන ගන්න එකම විතරක් නැතිව වෙනත් බාහිර දේ සඳහාත් යොමු වෙලා තිබුණොත් ඒක ළමයින්ගේ අනාගතයට ඉතාම යහපත් දෙයක් වෙනවා. ඒ හින්දා පොඩි කාලේ ඉඳන්ම ළමයි ආස දේවල්වලට අපි උදව් කරන්න ඕනෑ කියන එක තමයි අම්මා කෙනෙක් විදියට මම කියන්නේ.
චන්දන පොන්නම්පෙරුම

Share51Tweet32SendShare13
Previous Post

අධ්‍යාපන අමාත්‍යංශයේ ඔළුව හොඳ නැති නිලධාරියෙක්

Next Post

සේර සාරයේ ශක්ති ජාලය

MORE NEWS

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!
Heart

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!

May 12, 2022
ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!
Heart

ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!

May 12, 2022
ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!
Exclusive

ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!

April 26, 2022
මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!
Exclusive

මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!

April 26, 2022
ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!
Exclusive

ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!

April 18, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)
Exclusive

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

May 28, 2022

රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ඉවත් කොට මේ වනවිට වීදුරු ගලක් පළදවා...

Read more
වැඩ කරනවට වඩා වාර්තා කැඳවන්න ප්‍රසිද්ධ අමරවීර, අලුත් ඇමැතිකම ගත්ත ගමන් තවත් වාර්තාවක් කැඳවයි !

පෝර තාම ඇවිල්ලත් නෑ! එවන්න නැවකට පටවලත් නෑ! යළ කන්නයත් අමාරුයි! එක වේලක් දෙවේලක් කන්න පුරුදු වෙන්න! කොරියාවේ චීනයේ අය බල්ලෝ සර්පයෝ කන්න පුරුදු වුණේ මේ වගේ කාලවල! වී මිල විශාල විදිහට වැඩි වේවි! හාල් කන්න වෙන්නෙත් ඒ ගානට! කෘෂිකර්මෙට ආණ්ඩුව කරපු විනාශය කෘෂිකර්ම ඇමැති අමරවීරම කියයි! (VIDEO)

May 28, 2022
දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)

දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)

May 28, 2022
මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!

මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!

May 28, 2022
දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!

දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!

May 28, 2022
කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)

කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)

May 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

May 28, 2022
වැඩ කරනවට වඩා වාර්තා කැඳවන්න ප්‍රසිද්ධ අමරවීර, අලුත් ඇමැතිකම ගත්ත ගමන් තවත් වාර්තාවක් කැඳවයි !

පෝර තාම ඇවිල්ලත් නෑ! එවන්න නැවකට පටවලත් නෑ! යළ කන්නයත් අමාරුයි! එක වේලක් දෙවේලක් කන්න පුරුදු වෙන්න! කොරියාවේ චීනයේ අය බල්ලෝ සර්පයෝ කන්න පුරුදු වුණේ මේ වගේ කාලවල! වී මිල විශාල විදිහට වැඩි වේවි! හාල් කන්න වෙන්නෙත් ඒ ගානට! කෘෂිකර්මෙට ආණ්ඩුව කරපු විනාශය කෘෂිකර්ම ඇමැති අමරවීරම කියයි! (VIDEO)

May 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net