• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

මගේ කැමැත්තට හරියන චාන්ස් එකක් තවම ලැබිලා නෑ

September 12, 2020
in Heart
A A
මගේ කැමැත්තට හරියන චාන්ස් එකක් තවම ලැබිලා නෑ

විශ්ව කොඩිකාර කියන්නේ බොහෝ විට එන එන විලාසිතාවනට අනුව තම ප්‍රතිරූපය වෙනස් කර නොගන්නට උත්සාහ කළ ටෙලි තරුවකි. විශේෂයෙන්ම ‘බම්ප්’ ක්‍රමය අනුව තරමකට වැඩුණු කොණ්ඩය, විශ්ව සිය ප්‍රතිරූපය තුළ අනන්‍යතාවක් කරගෙන සිටින තරමට එම පෙනුම හරහා රසිකයනට ඔහුව වඩාත්ම හුරුපුරුදු විය. නමුත් ඊයේ පෙරෙයිදා පෞද්ගලික රූපවාහිනී සේවයක ප්‍රසංගික වැඩසටහනකට විශ්ව පැමිණ සිටියේ වෙනස්ම ආකාරයකටය. සුවිශේෂීවම සඳහන් කරන්නේ නම් ඉහත කී විශ්වගේ බම්ප් එක සහිත කොණ්ඩය හොඳටම කොටට කපා තිබිණි. හිටි අඩියේ සිදුව තිබූ මේ වෙනස ගැන අසන්නටත්, අහස් මාලිගා ටෙලියට නැවත ඔහු සම්බන්ධ වූ ආකාරය ගැන කතා කරන්නට වාගේම ඔහුගේ නවතම තොරතුරු ගැන විමසිලි වන්නටත් විශ්වට හදවතින්ම ‘හාට්’ වෙත කොටුකර ගන්නට අප ගත් උත්සාහයක ප්‍රතිඵලය මෙලෙස අකුරු කරන්නෙමු.
ඉතින් විශ්ව ඔබ මේ දවස්වල මඳක් කාර්යබහුලව සිටින බවයි ආරංචිය?
ඔව්. අහස් මාලිගා ටෙලිනාට්‍යයට නැවත සම්බන්ධ වීමත් සමඟ එහි රූගත කිරීම් ආරම්භ වුණා. ඒ අතරම ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ අලුත්ම ටෙලිනාට්‍යයෙහි ප්‍රධාන චරිතයට ඇරයුම් ලැබීම නිසා ඒ සඳහාද සූදානම් වෙමින් සිටිනවා.
‘අහස් මාලිගා’ ටෙලියට නැවත සම්බන්ධ වූයේ සියලුම මතභේද දුරුවූ නිසාද?
මතභේදයක්ය කියන එක සඳහන් කිරීම හොඳ මදියි. යම් ගැටලුවක් ඇතිවුණා. පසුව සුහද කතාබහක් හරහා නැවැත සියල්ල සමථයකට පත්වුණා. දැන් යළි ‘අහස් මාලිගා’හි රඟපානවා.
ළඟකදී ඉඳන් ඔබේ පෙනුම වෙනස් වෙලා කියා කවුරුත් කතා වෙනවා?
මගේ හෙයා ස්ටයිල් එක ගැන වෙන්නැති ඔය අහන්නෙ මං හිතන්නෙ.
ඔව්. සුපුරුදු බම්ප් විලාසිතාවෙන් ඔබ බැහැර වෙලා?
හේතු කීපයක්ම නිසයි කොණ්ඩෙ කොටට කපන්න සිදුවුණේ. ඒකත් ‘අහස් මාලිගා’ ටෙලියට නැවැත සම්බන්ධ වීම මත ඒ ඒ අවස්ථාවන් උලුප්පා දැක්වීමට කොණ්ඩය කොට කරන්නට සිදුවුණා. අනිත් කාරණය ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතාගේ අලුත්ම ටෙලි නාට්‍යයට අනුව ඔහු මගෙන් ඉල්ලා සිටියා ‘විශ්ව කොණ්ඩෙ තරමකට කොට වෙනවා නම් මගේ කතාවට හොඳයි’ කියා. ඉතින් ඒ කරුණු කාරණා මත කොණ්ඩ මෝස්තරය වෙනස් වුණා.
ඔබේ සුපුරුදු ප්‍රතිරූපය වෙනස් වීම ගැන හිත් තැවුලක් දැනුණද?
අයියෝ නැහැ. මම සම්බන්ධ වන නිර්මාණ කාර්යය සඳහා මගෙන් ඉටුවිය යුතු යමක් වේද මම එය සතුටින් කරනවා. අනිත් කාරණය යම් වෙනසකට බඳුන් වීම කොහොමත් නරකක් වෙන්නෙ නැහැ.
කවදාවත් ඔබට ටෙලි නාට්‍යයවල හිඟයක් තිබුණෙ නැහැ නේද විශ්ව?
නැහැ. හැමදාමත් මම ටෙලි තිරය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආලින්දයට ආවා.
එයට හේතුව ඔබ ටෙලි නාට්‍ය තෝරා බේරාගැනීම නොකිරීමද?
මෙහෙමයි. තෝරල බේරලා ඉවත දමන්නට වුවමනා චරිත මා වෙත එන්නේ නැහැ. තිර පිටපත අනුව චරිතයක් සඳහා ගිවිසුම් අස්සන් කිරීමේදී මම බලන්නේ එකම එක දෙයයි. ඒ මම රඟපාන චරිතය හෝ ඒ කතාව පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්නට පුළුවන්දැයි කියන එක විතරයි. ඒ සුදුසුකම තිබෙන ඕනෑම ටෙලිනාට්‍යයක් මම සතුටින් බාර ගන්නවා.
හැබැයි ඔබ හැමදාටත් පෙම්වතාට කොටුවෙලා නේද?
ඒ මට එම චරිතයන් ලැබෙන විදියයි. කවදාවත් පෙම්වතාගේ චරිතය මට දෙන්නය කියා මම කාටවත් කියලා නැහැ. පෙම්වතා සඳහා මට ආරාධනා එනවා. මම එය බාරගන්නවා. එතැන සිදුවන්නේ එයයි.
ඒකාකාරීව සිදුවන එම ක්‍රමයෙහි වෙනසක් සිදුවෙනවට කැමැති නැද්ද?
කැමැතියි. හුඟක්ම කැමැතියි. නමුත් ඒ කැමැත්ත ඉටුකර ගැනීමට අවශ්‍ය අවස්ථාවන් මට තවම කාගෙන්වත් ලැබිලා නැහැ. එවැනි අවස්ථාවක් ලැබෙනතුරු මම ඉතාම සතුටින් බලා සිටින බව අවංකව කියනවා. ඒ වගේම මගේ ගුරුවරයා මහේන්ද්‍ර පෙරේරා මහත්තයා. ඔහු යටතේ මා ලද දැනුම සහ ආභාෂය ඉස්මතු කර දැක්වීමට අවශ්‍ය නිර්මාණයක් මට ලැබෙනවා නම් ඒක මගේ වාසනාවක් කියන කාරණයද මෙහිදී කිව යුතුයි.
ලස්සන තරුණ නිළියන් සමඟ පෙම් කිරීම ගැන බිරිය සිත් තැවුලට පත්වූ අවස්ථා නැද්ද විශ්ව?
අනේ නැහැ. එරන්දි කියන්නේ මගේ ප්‍රියතම රසිකාවියක්. ඈ මට සමීප වුණේ ‘පබළු’ ටෙලිනාට්‍යයේ හසරැල්ගේ චරිතයට ඈ තුළ ඇතිවූ දැඩි ආකර්ෂණය නිසයි. ඈ මාව ඉතාම හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. ඒ වගේම පවුල යන විෂය තුළ මම හොඳ සැමියෙක් වගේම හොඳ ආදරණීය තාත්ත කෙනෙක්.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

Share53Tweet33SendShare13
Previous Post

සේර සාරයේ ශක්ති ජාලය

Next Post

ඇතා බැන්ද බෝමුල ළඟ ඇදහැලෙන සුන්දරී

MORE NEWS

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!
Heart

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!

May 12, 2022
ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!
Heart

ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!

May 12, 2022
ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!
Exclusive

ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!

April 26, 2022
මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!
Exclusive

මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!

April 26, 2022
ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!
Exclusive

ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!

April 18, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

වහාම ඇඳිරි නීතිය දාන්න! නැත්නම් අපේ ගෙවලුත් වටකරාවි! මන්ත්‍රීවරු ජනාධිපතිගෙන් ඉල්ලයි!
Exclusive

අගමැති-ඇමැති මණ්ඩලය පත් කරලා සති ගාණක් ගියත් තවම විෂය පථයන් ගැසට් කරලා නෑ! කරන්න ඕන දේ ‌ඇමැතිවරු දන්නෙත් නෑ!

May 28, 2022

අගමැතිවරයා සහ නව ඇමැති මණ්ඩලය පත් කොට මේ වනවිට සති 2කට...

Read more
ඇඳිරි නීතිය දැමීම ගැන අමෙරිකාවත් කනස්සල්ලෙන්! ලාංකිකයන්ගේ අයිතිය ගැන මතක් කරමින් අලුත් තානාපතිවරිය පණිවුඩයක් තියයි!

ආර්ථිකය ගොඩගන්න නම් ජනතාව ඉල්ලන දේශපාලන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි! අමෙරිකාව කරන්න ඕන දේ කෙළින්ම කියයි!

May 28, 2022
මුලු රටම කියන්නෙ ගෝඨාට යන්න කියලා! ගෝඨා යනකම් විශ්වාසභංගවලට TNA එක නෑ! විපක්ෂයේ ඇතැම් ඇමැති පෙරේතයන්ට සුමන්තිරන් කන හරහා ගහයි!

අගමැතිකම විතරක් වෙනස් කළාට දේශපාලන ස්ථාවරත්වයක් එන්නේ නෑ! ජාත්‍යන්තරය පිළිගන්නෙත් නෑ! තවමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලා! ගෝඨයි රනිලුයි දෙන්නම අයින් වෙලා වහාම මහමැතිවරණයකට යන්න! දෙමළ සන්ධානය ආණ්ඩුවට දැනුම් දෙයි!

May 28, 2022
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

May 28, 2022
ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

වහාම ඇඳිරි නීතිය දාන්න! නැත්නම් අපේ ගෙවලුත් වටකරාවි! මන්ත්‍රීවරු ජනාධිපතිගෙන් ඉල්ලයි!

අගමැති-ඇමැති මණ්ඩලය පත් කරලා සති ගාණක් ගියත් තවම විෂය පථයන් ගැසට් කරලා නෑ! කරන්න ඕන දේ ‌ඇමැතිවරු දන්නෙත් නෑ!

May 28, 2022
ඇඳිරි නීතිය දැමීම ගැන අමෙරිකාවත් කනස්සල්ලෙන්! ලාංකිකයන්ගේ අයිතිය ගැන මතක් කරමින් අලුත් තානාපතිවරිය පණිවුඩයක් තියයි!

ආර්ථිකය ගොඩගන්න නම් ජනතාව ඉල්ලන දේශපාලන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි! අමෙරිකාව කරන්න ඕන දේ කෙළින්ම කියයි!

May 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net