Heart
මම සැලුණේ නැහැ – වැටුණෙත් නැහැ; තවත් ඉදිරියට යනවා
Published
2 weeks agoon

⬤ තුන්වැනි පාරටත් ජාතික සම්මානය මට ලැබුණා…
⬤ ඉංග්‍රීසි දන්නෙ නෑ කියලා මාව සමච්චල් කළා…
උතුරු ඉන්දියානු තරු අතර සුවිශේෂී පුවත් මවන්නිය, ‘කන්ගනා රනවුත්’ය.
මෙතෙක් කන්ගනා විසින් මැවූ බොහෝමයක් පුවත් අතර වූයේ කලබැගෑනි සහ කන්දොස්කිරියාවන්ය. එලෙසම ඒ අතර වූ අනෙකුත් පුවත් අතළොස්සෙහි තිබුණේ ඇගේ රංගන ප්‍රතිභාවන්ය. පසුගිය දිනෙකද කන්ගනා රනාවුත් ඉන්දීය මෙන්ම අන්තර්ජාලය පුරා මැවූ අලුත්ම පුවතෙහිද වූයේ ඇගේ අභිමානවත් රංගන ප්‍රතිභාව ගැන පාරට්ටු කතාය.
මොකක්ද ඒ ආරංචිය, ජයලලිතා චරිතයට ඈ ආරූඪ වූ තලායිව් ප්‍රදර්ශනයට සූදානම්ද..?
කොරෝනා උවදුර මත ‘තලායිවි ප්‍රදර්ශනය’ කල් දැමුණේය. අලුත්ම පුවත වන්නේ කන්ගනා රනවුත් නැවැතත් ඉන්දියානු ජාතික සම්මානය දෝත දැරීමය.
පසුගිය සමයක කන්ගනා ‘පැෂන්’ චිත්‍රපටයට ලබාගත් ජාතික සම්මානය ඉන්දියානු සුපිරි තාරකාවන්ගේ මත්ද්‍රව්‍ය චෝදනාව වෙනුවෙන් උගසට තැබුවා නේද?
ඒ කතා මෙතැනට අදාළ නැත.., මෙතැනදී කළයුතු වන්නේ කන්ගනා රනවුත් වෙනුවෙන් මල්මිටක් තිළිණ දීමය.
සැකෙවින් කියනවා නම්.., බාල්දි පෙරලුවද නොහොබිනා කතා වපුරන කටක් තිබුණද.., කන්ගනා අති දකක්ෂ නිළියකි. මෙවර කන්ගනා තුන්වැනි වරටත් ජාතික සම්මානයට පාත්‍ර වූයේ ‘මණිකර්ණිකා’ චිත්‍රපටය වෙනුවෙන්ය.
රට, ජාතිය වෙනුවෙන් ජීවිතය දන්දුන් රානි ලක්ෂ්මී බායි හෙවත් ජාන්සි රැජනගේ චරිතය ගැන අමරණීය සිදුවීම් පෙළක එකතුවක් වූ ‘මණිකර්ණිකා’ සත්‍ය කතා පුවතකි. කන්ගනා ජාන්සි රැජන ලෙස කළ රංගනය ගැන කතා කරන්නට වචන නැත. ඉන්දීය සිනමා විචාරකයන් ‘මණිකර්ණිකා’ චිත්‍රපටය ගැන විචාර ලියන විට විසි තිස්වතාවක් පමණ කල්පනාවට බර වී සිටියේ එහි අඩුපාඩුවක් සොයා ගන්නට නොහැකි තැනය.
‘කන්ගනා… ජාන්සි රැජන හෙවත් රානි ලක්ෂ්මී බායි’ නම් වීරවරියට ඔබ දුන් නම්බුව ගැන කියන්නට වචන සොයා ගතයුතුයැයි…’
යනුවෙන් එක් වතාවක් ඉන්දීය ජාතික පුවත්පතක සිනමා පිටුවෙහි සඳහන්ව තිබිණ.
‘ජාන්සි රැජන’ වෙනුවෙන් ඔබ කළ හරඹය ගැන මොනවා හෝ කියන්න..,’
‘මණිකර්ණිකා’ චිත්රපටයෙහි පළමු දර්ශනය සුවිශේෂී ආරාධිතයනට පෙන්වා අවසාන වූ මොහොතේ කන්ගනාගෙන් පුවත්පත් වාර්තාකරුවකු එලෙස ඇසුවේය.
‘රාණි ලක්ෂ්මී බායි නෝනට දිය යුතු උපරිම නම්බුව මම දුන්නා…’ අබමල් රේණුවකවත් නිග්‍රහයක් මම ඇයට කළේ නැති බව හොඳටම විශ්වාසයි..,
කන්ගනා කීයේ හරිම ආඩම්බරයෙනි.
එය ඇත්තක් යැයි කිව නොහැකි වන ලෙස සත්තකින්ම ජාන්සි රැජනගේ චරිතය කන්ගනා හරි අපූරුවට රඟදැක්වූවාය. ‘මණිකර්ණිකා’ චිත්‍රපටයේ කටවුට්වල කන්ගනා වෙතින් පිළිබිඹු වන අහංකාර අභිමානයට පිරිමින් වශීකෘතව සිටියහ. මඟතොට යන එන ඉන්දියානු ගැහැනුන් කුඩා දරුවකු ඇකයෙහි තබාගෙන සිටින ජාන්සි රැජනගේ ප්රභාවත් පෙනුමට ආලය කළහ. සටන්කාමී ලෙස කන්ගනා එහි අවි අමෝරාගෙන කරන බිහිසුණු රංගන විලාශය දුටු ඇතැම් ඉන්දීය කාන්තාවෝ සිනමා ශාලාව තුළදී අසුනින් නැඟිට අත්පොළොසන් දී තිබිණ.
‘පුළුවන් නම් නුඹත් ඒ දහිරිය, අභිමානය සිතට ගනින්..,’
යැයි කියා සමහර ඉන්දියානු අම්මාවරු තම තරුණ දියණිවරුනට පැවැසූ බව පුවත්පත්වල පලවී තිබිණ.
අන්තර්ජාලය පුරා කන්ගනා ගැන මිහිරිමය වදන් සහ විවිධ කතාබහ වරින්වර පලවිය. ඇගේ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් දේශපාලනයට යොමු වන ලෙස ඇගෙන් ඉල්ලා තිබිණ. එම ඉල්ලීමට අනුගාමීව ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් තම ඡන්දය ඇයට දෙන බව සපතකොට ඉතාම සංවේදී කමෙන්ටු පලකර තිබිණ.
ඒ සියල්ල සිදුවූයේ ‘මණිකර්ණිකා’ තිරගත වූ 2019 වසරේදීය. 2021 වසරේ කන්ගනා ඒ අපූර්වතම චරිත නිරූපනය සඳහා ජාතික සම්මානයට පාත්‍ර වූවාය.
ඉන්දියානු සිනමාව තුළ මා තරම් මානසික හිංසනයට ලක්වූ නිළියක් තවත් නැති තරමයි.., ඒ තරමට සුපිරි ඉන්දීය තරු කන්ගනා රනවුත්ව උපහාසයට ලක්කළා. ඉංග්‍රීසි දැනුම නැතැයි මාව සමච්චලයට පත්කළා. සිනමාවට පැමිණි මුල් යුගයේම උසස් ගණයේ චරිත ලැබීමට පින ලැබූ මට බොහෝ දෙනා ඊර්ෂ්‍යයා කළා.
රියැලිටි ෂෝවලට මට ආරාධනා කරලා ඉංග්‍රීසි බස නොදන්නා බව දැන දැනම මාව අපහසුතාවයට පත්කළා. ඔවුනටයි මම මේ කියන්නේ, කන්ගනා රනවුත් සැලුණේ නැහැ… වැටුණෙ නැහැ… තව ඉදිරියටත් ඒක එහෙමමයි. මට සහාය දැක්වූ හැම දෙනාටමත්, විශේෂයෙන් ඉන්දියාවේ පීඩාවට පත් කාන්තාවන්ටත් මේ මොහොතේ මම ස්තුති කරනවා…’
67 වන ඉන්දියානු ජාතික සම්මානය අතැතිව ඡායාරුපයකට පෙනී සිටීමට පළමුව කන්ගනා පුවත්පත් වාර්තාකරුවන් හමුවේ පවසා සිටියේ එවැනි උණුසුම් කතාවකි.
ඇත්තටම කන්ගනාට ඒ විදියට කුඩම්මා සැලකිලි ලැබුණද?
ඔව්… ‘කොෆි විත් කරන්’ වැඩසටහනේදී කරන් ජොහාර් සුපිරි නළු නිළි දෙපලක් හමුවේ, එවකට ඉංග්‍රීසි බස හසුරුවන්නට දැනුවත් නැති කන්ගනාට කිහිප වතාවක්ම සමච්චල් කළ බවට තොරතුරු අනාවරණය වී තිබිණ. ඒ වාගේම කරන් ජොහාර ඇයට කිහිපවිටක්ම ‘කොෆී විත් කරන්’ වැඩසටහනට ආරාධනා කරන්නට පෙළඹී ඇත්තේද ඇයව හිතාමතාම උපහාසයට පත්කරන්නට යැයි කියන මතයක්ද ඒ තොරතුරුවල තිබිණ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
