• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, June 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

රඟපෑම නවත්තලා සාත්තර කියන්න ගත්තා

November 22, 2020
in Heart
A A
රඟපෑම නවත්තලා සාත්තර කියන්න ගත්තා

තවම නැටිල්ල අතඇරලා නෑ…

චිත්‍රපට පැත්තෙන් නම් ලොකුවට ආරාධනා ලැබුණෙ නෑ…

එදා මෙන්ම අදටත් ප්‍රසංග වේදිකාවේ හැඩ වැඩ දාන නර්තන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල. ඉතින් ඇය කාලෙකට පස්සේ නැවැත ටෙලිනාට්‍යවලට යොමුවෙලා. ඇයගේ රඟමඩලේ දිවි පෙවෙත ගැන ඇය සමඟ කතාබහ කිරීමට හිතුවේ මේ විදියටයි.
නිරෝෂාත් මේ දවස්වල ගෙදරට කොටුවෙලාද?
ඔව් ඉතින් මම විතරක් නෙමේ රටේ සියලුම ජනතාවට ගෙදරට වෙලා ඉන්න සිද්ධවෙලා තියෙන්නේ. ලෝකයටම බලපෑව මේ කොරෝනා වසංගතය නිසා මගේ බබත් තවම පොඩි නිසා විශේෂ සැලකිල්ලක් ඇතිව ආරක්ෂාකාරීව ප්‍රතිශක්තිකරණය ගැන වැඩිපුර සිතමින් වැඩකටයුතු කරගෙන යනවා.
මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම ඔබව දකිනවා. රූගත කිරීම් කටයුතු සිදුවෙන්නේ කොහොමද?
මහවිරු පණ්ඩු, අමාලියා, ඉඟිබිඟි ටෙලිනාට්‍යවලට තමයි මම සම්බන්ධ වෙන්නේ. පසුගිය දින කිහිපයේ රූ ගත කිරීම් නතර කරලා තිබුණේ. ඒත් දැන් රූ ගත කිරීම් කටයුතු නැවැත පටන් ගත්ත නිසා එයට සම්බන්ධ වෙන්න සිදුවෙනවා.
ඔබ සෑහෙන කාලෙකට පස්සෙ නේද ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණේ?
දරුවා ලැබෙන්න ඉන්න නිසා මම එය ගැන වැඩිදුර හිතුවා. අවුරුදු දෙකකින් විතර තමයි මම නැවැත රඟපාන්න සම්බන්ධ වුණේ. මම රඟපෑවේ නැහැ කියලා එය කාටවත් දැනුණේ නැහැ. මොකද මම සම්බන්ධ වුණ නිර්මාණ ඔය කාලවකවානුව අතර විකාශය වුණා.
‘අමාලියා’ ටෙලිනාට්‍ය හරහා ඔබේ සුවිශේෂී රංගනයක් දකිනවා. එය ගැන කතා කළොත්?
අද සමාජයේ බොරුවෙන් මිනිසුන් රවටන සාත්තරකාරයින් ඕනෑ තරම් ඉන්නවා. එවැනි චරිතයක් තමයි මම ‘අමාලියා’ ටෙලිනාට්‍යයේ රඟපාන්නේ. මම මෙයට කලින් ‘දේවි’ ටෙලිනාට්‍යයෙත් ජ්‍යොතිෂයට සම්බන්ධ චරිතයක් නිරූපණය කළා. ජ්‍යොතිෂය සම්බන්ධව සොයා බලමින් තමයි ඒ නිරූපණය කළේ. නමුත් සාත්තරය පිළිබඳව මම හොයන්න ගියේ නැහැ.
ඉතින් දරුවාගේ වැඩකටයුතු එක්ක රංගන කටයුතු සිදුකර ගන්නේ කොහොමද?
මම මොන තරම් කාර්යබහුල වුණත් මගෙන් වියයුතු යුතුකම් මම මඟහරින්නේ නැහැ. ගෙදර වැඩ කටයුතු වගේම දරුවාගේ වැඩකටයුතු සියල්ලමත් සිදුකෙරෙන්නේ මගේ අතින්.
අද ටෙලිනාට්‍ය නිර්මාණය වෙන්නේ කරන්නම්වාලේටද?
ප්‍රධාන වශයෙන් වෙලාවට වැඩ කරන්නැති වුණාම සියල්ලම අඩාළ වෙනවා. උදේ පාන්දර ගෙදරින් ගිහින් දවල් වෙලා රූපගත කිරීම් සිදුකරන්න ගත්තාම අපි පවා අසරණ වෙනවා. මම මේ ක්ෂේත්‍රයට ආපු කාලේ ප්‍රවීණ ශිල්පීන්ගෙන් ඒ කාල වකවානුවේ ටෙලිනාට්‍ය හැදුණු පිළිවෙළ ගැන අහලා තියෙනවා. ඒත් දැන් ශිල්පීන් මරවලා තමයි වැඩ ගන්නේ. එහෙම වුණාම නිර්මාණයක කිසිම හරයක් දකින්න බැහැ.
ටෙලිනාට්‍ය තුළ නිතර දකින රුවක් නිසා ඔබට සිනමාවේ ඉඩකඩ අඩුද?
චිත්‍රපට පැත්තෙන් නම් මට එහෙම ලොකුවට ආරාධනා ලැබුණේ නැහැ. සමහරු එහෙමත් හිතනවා. මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දොළහක් විතර වෙනවා. මේ වන විට චිත්‍රපට හයක විතර රඟපාලා ඇති මම.
ඔබේ නර්තන වැඩකටයුතු නිසා වේදිකා නාට්‍යවල රඟපෑම අත්හැරියාද?
මම වේදිකාවට ගොඩක් ආදරෙයි. වේදිකා නාට්‍ය කිහිපයකම රඟපෑවා. ඒත් මගේ සිහිනයක් තිබුණේ මගේම කියලා ඩාන්සින් කණ්ඩායමක් හදාගන්න. ඉතින් ඒ සිහිනය සැබෑ වීමත් එක්ක මට ඒ වෙනුවෙන්ම කාලය ගතකරන්න සිද්ධ වුණා.
ඉස්සර වගේම අදටත් හොඳට නටන්න පුළුවන්ද?
මොකද බැරි. මට හොඳට නටන්න පුළුවන්. මගේ කණ්ඩායමත් සමඟ මම ප්‍රසංගවලට සම්බන්ධ වෙනවා. තවම නැටිල්ල අත්හැරලා නැහැ.
වසන්ත විතාරණගේ

Share52Tweet32SendShare13
Previous Post

චමල් රාජ්‍ය ඇමැතිකමෙන් ඉවත් වෙයි!

Next Post

පොයින්ට් ඔෆ් සේල් (POS) ජාලයේ මුදල් නොමැති ඉලෙක්ට්‍රෝනික ගෙවීම් 2020 වසරේ අතිවිශාල වර්ධනයක්

MORE NEWS

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!
Heart

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!

June 22, 2022
‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!
Heart

‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!

June 22, 2022
ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!
Heart

ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!

June 8, 2022
අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ!  මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!
Heart

අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ! මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!

June 8, 2022
තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!
Heart

තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!

June 2, 2022
මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...

Read more
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

June 27, 2022
ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net