• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

වීදියෙන් මතුවූ රිදීසීනුව

August 31, 2019
in Heart
A A
වීදියෙන් මතුවූ රිදීසීනුව

වාසනාව සහ අවාසනාව කියන්නේ මෙලොව උපදින සෑම සත්වයකුටම අයත් ඉතා සුවිශේෂී වූ යම් නියමයකි. “උත්සාහවන්තයා ජයගනී” යන තේමා පාඨය මෙයට වෙනස්ය. ඇතැමෙක් කියන්නේ උත්සාහය තියේ නම් ජීවිතය ජයගැනීම ඉතා සරල කාරණයක් බවය. තවත් අයකු කියන්නේ ජීවිතයේ සමහර අවස්ථා ජය ගැනීමට උත්සාහයට වඩා වාසනාව බින්දුවක් හෝ අවැසි බවය.

බටහිර බෙංගාලයේ රනගට් දුම්රිය වේදිකාවට වී සින්දු කී රානු මොන්දාල්ගේ ගීතවක් හඬ දූවිලි මාවතේ සිට පටිගත කිරීමේ මැදිරියක් කරා ඇදී ගියේ ඇගේ උත්සාහය නිසාද වාසනාවද නිසා කියන්නට අප නොදනිමු.
එනිසා,
වාසනාව සහ උත්සාහය යන නියමය සහ තේමාව ගැන තර්ක කිරීම පසෙක තබා අප රානු මොන්දාල් වෙත මඳකට හැරී බලමු. රානු මොන්දාල් කල්කටාවේ බටහිර බෙංගාලය නම් ප්‍රදේශයේ දුම්රිය වේදිකාව මත සින්දු කීවේ විනෝදාස්වාදයට නොව, ජීවිතය රැකගැනීමටය. රානු මොන්දාල්ගේ හඬ කෝකිල කූජනය සේම මිහිරි විය. දුම්රියක් එනතුරු කල් මරන මගීනට ඇගේ ගීතවත් හඬ දෙසවනට මී බිඳු මෙන් විය. රටකජු හෝ කඩල ගොට්ටක් කමින් ඇගේ ගීතයට සවන් දෙන ඔවුනට දුම්රිය ප්‍රමාදය වුවද සිත්තැවුලක් වූයේ නැති තරම්ය.
රානු ගැයුවාය, මගීන් සවන් දුන්හ.

මෙතරම් අපූරු හඬක් තියෙන තමා පදික වේදිකාවේ ගී ගයන එක ගැන හෝ තමාට අතහිත දීමට කිසිවකු ඉදිරිපත් නොවීම ගැන හෝ කිසිදු සංවේගදායී හැඟීමක් රානු මොන්දාල්ගේ සිතේ තිබුණේ නැත. සතුටින් ගී ගයන රානු කවුරුන් හේ මගියකු තමා වෙත ලබා දෙන සුළු මුදල අත මිට මොළවා ගත්තාය. කවුරුන් හෝ මුදලක් නුදුන්නද එය වගකට නොගත්තාය. යම් දීමනාවක් බලාපොරොත්තුව ගීත කීවද රානු එයින් ලද ආත්මතෘප්තිය ඉහළ විය.
කවුරුන් හෝ මගේ හඬ තුළ වූ වටිනාකම දැන එයට යම් අගයක් දීමට කවදා හෝ පැමිණෙනු ඇතැයි යන අසරණ සිහිනය තුළ රානු ඇඟිලි නොගැන්නද ඒ පිළිබඳ කිසි විටෙක නොතැවුණද රානුගේ යටි සිතෙහි එවැනි පුංචිම හෝ බලාපොරොත්තුවක් තිබුණේ නැතැයි සිතීම විටෙක අහඹුවකි.

මන්ද යත්..,
මිනිසුන් වූ අප උපදින්නේද “සිහින” සහ “බලාපොරොත්තු” දෑතේ ගුළිකොටගෙන බැවිනි. සමහර විටෙක රානු මොන්දාල් සිහින දකින්නට බිය වන්නට ඇත. ඒවා ඉටුනොවන දුක දරා ගන්නට නොහැකි බැවින් රානු උපේක්‍ෂාව තුළ සියල්ල දියකර හැර දෙවියන් තමාට දුන් හැකියාවට තුති පුදමින් කල්කටා දුම්රිය වේදිකාව තම සංගීත වේදිකාව කරගන්නට හිත හදාගන්නට ඇත.

එහෙත්..,
නොසිතූ ලෙස යම් අහඹුවක් මිනිසුන් හඹා එන අවස්ථාවන් වෙයි. මැදිවියෙහි පසුවන දූවිලි මාවතේ උපන් රානු මොන්දාල්ටද එවැනි අවස්ථාවක් උදාවිය.
එය නිතර අහන්නට, දකින්නට නැති කිසිවකු එකවර විශ්වාස නොකරන අන්දමේ වාසනාවන්ත අහඹුවකි.

ඒ අහඹුව රානු මොන්දාල් වෙත ගෙන ආයේ…
“හිමේෂ් රෙෂාමියා” නම් සුපිරි මිනිසාය. නිමේෂ් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකි. සංගීතවේදියෙකි. රංගන ශිල්පියෙකි. තව බොහෝ ඇසූපිරූ තැන් සපිරි කලාකරුවෙකි.
රනගට්හි රානු මොන්දාල්ගේ අද්විතීය වූ මධුර හඬ ගැනත් ඈ දුම්රිය වේදිකාවේ ගී ගයන සංවේදී පුවත ගැනත් හිමේෂ්ට අසන්නට ලැබිණි.

“අයියෝ… එයා පවු නේද?”යි කියන නිමේෂ් සිය කනගාටුව ප්‍රකාශ කොට නිකං හිටියේ නැත.
“එයා හරිම ටැලන්ටඞ්. අපි ඈ වෙනුවෙන් මොනවා හරි කරමු”
කියා ඒ වෙනුවෙන් ෆයිල් එකක් විවෘත කොට නැවත එය වසාදමා හමස් පෙට්ටියට දැමුවේ නැත.
හිමේෂ් රෙෂාමියා, “රානු” සොයා ගියේය. දුම්රිය වේදිකාවෙන් මුදා ඇයව ගීත පටිගත කිරීමේ සුපිරි මැදිරියකට ගෙන ගියේය.

අහිංසක ගැමි කාන්තාවක වූ රානුට මේ කිසිවක් අදහන්නට බැරි විය. තමා සිහිනයක සැරිසරන වගක් ඇයට සිහි විය. හිමේෂ් අබියස තම පළමු සංයුක්ත තැටිය පටිගත කරන මොහොතේ රානුගේ දෙනෙත කඳුළින් තෙත් විය.
“ඔබ දෙවි කෙනෙක්ද?”
රානු හිමේෂ්ගෙන් ඇසුවේ තම ගීත එක රැයකින් ජනප්‍රිය වීමත් සමඟය.
රානුගේ හඬට වශීවී සිටි දුම්රිය වේදිකාවේ අසන්නන් මේ සතුටුදායක පුවතින් උද්දාමයට පත්විය. හිමේෂ්ගේ මේ උතුම් වූ සද්කාර්ය වෙනුවෙන් සමාජ ජාල වෙබ් අඩවි හරහා ඔහුට ලැබුණු පැසසුම් අසීමිත විය.

“හිමාෂ් ඔබ කොහේ හෝ සිට පැමිණි සුරදූතයකු වැනිය. රානු, පදික වේදිකාවේ සිට පටිගතකිරීමේ මැදිරියකට පැමිණියේ එනිසාය.
“ඉතින්… මිතුර ඔබට ස්තුතියි” වැනි කමෙන්ට්ස් හිමේෂ් කළ මෙහෙවර අගයමින් දිගින් දිගටම සටහන් විය. සංගීත වීඩියෝව නරඹා ඇති ප්‍රේක්‍ෂක සංඛ්‍යාව ලක්‍ෂ ගණන් වූ අතර එය සමාජ මාධ්‍ය පුරා අසුරු සැණින් බෙදාහැරිණි.

රානු හා ගයන විට මට දැනුණේ ඇගේ සංවේදී හඬ කෙතරම් නම් මනහරදැයි කියාය. දිගින් දිගටම ඈ පසුබිම් ගායිකාවක ලෙස ඉන්දීය සංගීත ඉසව් වර්ණවත් කරනු ඇත යනුවෙන් තම ට්විටර් ගිණුමෙහි සටහනක් තැබූ හිමේෂ්,
“සිහින සැබෑ කරගැනීමට වාසනාව තරමටම ධෛර්යයද තිබිය යුතුය. ඔබ මා වෙත දැක්වූ ආදරයට ස්තුතියි” යනුවෙන්ද වදන් කිහිපයක් එයට එක් කළේය.

ඉතින්…
“ගැහැනියගේ පින කුණු මුල්ලේය” යන වදන මෙයට ගැළපේදැයි යන්න නොදනිමු. කෙසේ වුවද අහඹු වාසනාව රානු මොන්දාල්ගේ ජීවිතය නොසිතූ ලෙස වෙනස් කළාය.
එය උත්සාහයකට වඩා වාසනාවක්දැයි සිතීම ඔබට භාරය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

Share51Tweet32SendShare13
Previous Post

අංක විද්‍යාවෙන් ප්‍රීතිරාජ්ට හරිගිය හැටි

Next Post

දෙන්නා තුන්දෙනා වෙන්න කාලෙ හරි

MORE NEWS

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!
Heart

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!

May 12, 2022
ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!
Heart

ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!

May 12, 2022
ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!
Exclusive

ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!

April 26, 2022
මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!
Exclusive

මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!

April 26, 2022
ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!
Exclusive

ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!

April 18, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)
Exclusive

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක...

Read more
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022
ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

ආපු ප්ලේන් ටික ඉන්දියාවට හැරෙව්වා! ඔන්න ඒ පාර නැව් ටිකත් ඉන්දියාවට යනවලු! ජාත්‍යන්තර මොළේ! අපිට දෙනවද වැඩේ!

May 27, 2022
උනුත් එකයි මුනුත් එකයි කියන එවුනුත් එහෙම තමයි! අපි යන්නේ කොයි පාරේ! ඔය කවුරුත් නොගිය පාරේ!

ට්‍රිලියනයක් සල්ලි අච්චු ගහන එක සැකයි! මේ හදන්නේ මහා දානපතියන්ට බදු සහන ‌දෙන්නද? මිනිස්සුන්ට වන්දි නෑ! ආණ්ඩුවේ දේශපාලඥයන්ට ඉක්මනට වන්දි දෙන්න යනවා! (VIDEO)

May 27, 2022
සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

May 27, 2022
කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

May 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net