• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

රංගනය කියන්නෙ මට අලුත් දෙයක් නෙවෙයි! මම ෆොන්සේකා පවුලේ බඩපිස්සි…

February 23, 2022
in Heart
A A
රංගනය කියන්නෙ මට අලුත් දෙයක් නෙවෙයි! මම ෆොන්සේකා පවුලේ බඩපිස්සි…

හැකියාවෙන් කිසිසේත්ම මම ඇයට සමවන්නේ නැහැ…
එහෙම අම්මලා අද ටෙලිකතාවල ඉන්නවද..?

තිලක් ගුණවර්ධනගේ ‘කුමාරිහාමි’ ටෙලි කතාව ජාතික රූපවාහිනිය මත දිගහැරුණේ, ටෙලිවිෂන් එක අපේ රටට පැමිණි කාලෙමය. මුහුදුකරය පසුබිම් වූ ඒ ධිවර කතාවට ශ්‍රී ලාංකේය ප්‍රේක්‍ෂකයන් වශී වූයේ පුදුමසහගත විදියටය. එහි ‘කුමාරිහාමි’ යන නමට හරියන චරිතය රඟපෑවේ දමයන්ති ෆොන්සේකාය (Damayanthi Fonseka). චීත්ත ගවුමක් දණහිස ගාවට ඇඳ, රැලි කොණ්ඩය දෙකරලට ගොතා ඈ එහි කළ රංගනය සිත්කලු විය. කවුරුත් ඒ ගැන කතා කළේ හරි පැහැදීමකිනි.., ‘ටිකිරි නිළමේ’ ටෙලියේ නිළමේ දියණිය ලෙසින්ද දමයන්ති අහංකාර රංගනයක යෙදුණා මතකය. වර්ණනා කරමින්, ආටෝප දමමින් කතා කරන්නට තරම් ඈ ‘නිළමේ දියණිය’ටද අපූරුවට ජීවය දුන්නාය. තව තව ඈ ගැන වර්ණනා කරන්නට හැකි ටෙලි කතාවල චරිත බොහෝමය.., ඒ බොහොමය ගැන මෙහෙම ලියන්නට ගියොත් දමයන්තියට ‘හාට්’ එකට කියන්නට කතන්දරයක් ඉතිරිවන්නේ නැත. ඔන්න ඒ හින්දාම දමයන්තියට නිදහසේ දොඩන්නට දී අප බලා සිටියෙමු.., ඒ නිකම්ම නොව, ප්‍රශ්න අහුරකුත් එක්කය.

ආයුබෝවන් කියලා පිළිගන්නවා ඉතින් ඔබව..?
ඔබටත් ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

කොහොමද මේ දවස්වල අලුත් තොරතුරු..?
තොරතුරුවල නම් ලොකු විශේෂයක් නැහැ.., ‘ශක්ති’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සමග තමයි මේ ටිකේ දවස ගෙවෙන්නේ. පළමු කොරෝනා රැල්ලට කලින් නිම කළ චිත්‍රපට කිහිපයක්ද පෝලිමේ තියෙනවා… තව ගුරුවරියකගේ චරිත නිරූපණයක් තියෙන චිත්‍රපටයකට පසුගිය අවුරුද්දෙ ආරාධනා ලැබුණා. ඒත් කොරෝනා ප්‍රශ්නය නැවැත හිස එසවීම නිසා එහි වැඩකටයුතු මදකට කල්ගියා. ඔය ටික තමයි ඉතින් අලුත් තොරතුරුවලට කියන්න තියෙන්නෙ.

එහෙම නම් අපි පරණ තොරතුරුවල මතකය ටිකක් අවදි කරමු.., ඔබ රංගනයට ප්‍රවිෂ්ට වූයේ ‘මඩොල් දූව’ සමගයි..?
නැහැ… මම කුඩාම කාලේ ඉඳන් වේදිකාවේ රඟන්නට ගත්තා… ළමා වේදිකා නිළියක ලෙස තමයි රංගනය ආරම්භ කළේ.., අනෙක රංගනය කියන්නෙ මට අලුත් දෙයක් නෙවෙයි… මම කලාකාමී ෆොන්සේකා පවුලේ බඩපිස්සි, අක්කලා, අයියලා සේරම වාගේ කලාවට යොමුවෙද්දි ඉබේටම වාගේ මමත් එයට යොමුවුණා.

‘මඩොල් දූවේ,’ ‘පෙරකදෝරු දියණිය’ගේ චරිතය ඔබට ලැබුණෙ ලොකු අක්කා මාලිනී නිසයි..?
නැහැ.., සම්පූර්ණයෙන්ම එය වැරැදි අදහසක්. ‘මඩොල් දූවේ,’ ‘පෙරකදෝරුවගේ දුව’ සඳහා මාව තෝර ගත්තේ ඔඩිෂන් හරහායි. ඒ දවස්වල පත්තරේ දැන්වීමක් තිබුණා ‘මඩොල් දූව’ චිත්‍රපටය සඳහා අලුත් මුහුණු අවශ්‍යයි කියා… එතකොට මට අවුරුදු පහළොවයි.. ආස හිතුණා අයැදුම්පත් දාන්න… හේතු දෙකක් එයට මුල්වුණා… එකක් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ චිත්‍රපටයක්… අනෙක හරිම ආසාවෙන් කියවපු ළමා නවකතාවක් ලෙස ‘මඩොල් දූව’ ගැන මගේ හිතට දැනුණු හැඟීම.

‘මඩොල් දූව’ සඳහා ඔඩිෂන් එකට සහභාගි වුණේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාගේ බාලම නංගි ලෙසින්ද..?
එතකොට මාලනී අක්ක ජනප්‍රිය නිළියක් වෙලා හිටියත්, ඒ නාමය මත නෙවෙයි මම ගියේ… ඇගේ නම හරහා චරිතය ලබාගන්නට හෝ එය අත්උදව්වක් කරගන්නට හිතුවේ නැහැ… මම ඔවුන් හමුවේ අසුන් ගත්තේ ‘දමයන්ති ප්‍රියලතා ෆොන්සේකා’ ලෙස පමණයි… මම සිනමා නිළි මාලිනී ෆොන්සේකාගේ සහෝදරියක් බව කිසිවකු දැන සිටියේ නැහැ.

කොහොම හරි ඔබ එයින් සමත්වුණා..?
ඔව්… ඉන්ටර්වීව් එකට සහභාගි වී දින කිහිපයකින් මාව තෝරාගත් බවට ලියුම ලැබුණා… පුංචි චරිතයක් වුණත් ඉහත මා සඳහන් කළ කාරණා නිසා මට ඒ රංගනය ගැන ලොකු සතුටක්, තෘප්තියක් දැනුණා.

එතැනින් පසු ඔබ චිත්‍රපට රංගනයට තිත තැබුවේ ඇයි කියා ඇහුවොත්..?
තිත තැබුවේ නැහැ.., අවංකවම කියනවා නම් ‘මඩොල් දූවෙ’න් පසු මට චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණේ නැහැ.

ඒ ගැන කනගාටුවක හිටියද ඔබ..?
නැහැ… මට කිසිම කනගාටුවක් දැනුණෙ නැහැ. මගේ හිතේ ලොකු ආශාවක් තිබුණා ගුරුවරියක වෙන්න. අන්න ඒ හීනේ තුළ අධ්‍යාපනයෙන් පසු කල් ගෙව්වා කිවුවොත් හරියටම හරි.

ගුරු සිහිනය සැබෑ නොවුණෙ ඇයි කියල ඇහුවොත්..?
ගුරු පත්වීම් ලැබුණේ දුෂ්කර පළාත්වලට… අම්මා ඇතුළුව පවුලේ කිසිවකු එයට මනාප වුණේ නැහැ.

ඉන්පස්සේ යෞවනියක ලෙස ඔබ නැවැත රංගනයට ආවා..?
නැහැ… මට රැකියාවක නියැළෙන ආසාවක් තිබුණා. ඒ වෙනුවෙන් විදේශ රටවලට පවා ගියා… ඇමෙරිකාව, එංගලන්තය, ඉතාලිය යන රටවලට පවා ගියේ රැකියාවකට යොමු වන අරමුණෙන්.

හිතට හරියන යමක් ඔබට ලැබුණෙ නැහැ මං හිතන්නේ..?
ඔව්… හිතට හරියන සාර්ථක යමක් ලැබුණේ නැහැ.

නැවැත ලංකාවට ආවේ නිළියක වීමේ බලාපොරො ත්තුවෙන්ද ඔබ..?
නැහැ… එහෙම අදහසක් තිබුණේ නැහැ. හැබැයි ලංකාවට ආව අලුතම වාගේ ටෝනි රණසිංහ මහතාගේ වේදිකා නාට්‍යයකට ආරාධනා ලැබුණා.

ඔබ ඒ ආරාධනය බාරගත්තා..?
ඔව්… හරිම සතුටින් බාරගත්තා… වේදිකාව කියන්නේ මම බොහොම ප්‍රිය කළ තැනක්නෙ ඉතින්.

නැවැත චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණේ..?
නිශාන්ත ද අල්විස්ගේ ‘දොළොස් මහේ පහන’ තුළින් තමයි මගේ චිත්‍රපට රංගනය නැවැත ආරම්භ වුණේ.

ඉන්පස්සේ ඔබ දිගින් දිගටම මැදිවුණේ වාණිජ චිත්‍රපට රැල්ලටයි..?
මම මැදිවුණේ නැහැ.., මට ලැබුණු ආරාධනා මම පිළිගත්තාය කිව්වොත් හරි.

යසපාලිත නානායක්කාරගේ ‘යුක්තියද, ශක්තියද’ ඔබව ජනප්‍රිය නිළියක් කළා..?
ඔව්… මං හිතන්නේ, ඒ කාලේ රංගනයෙන් දායක වූ ‘යුක්තියද ශක්තියද’ සහ ‘ශක්තිය ඔබයි අම්මේ’ යන චිත්‍රපට බොහෝ ජනප්‍රිය වුණා.

ආලින්දයේ සිනමාව ජයගත්තේ තිලක් ගුණවර්ධනගේ ‘කුමාරි හාමි’ තුළින්..?
ඒ ටෙලිවිෂන් එක ලංකාවට ආපුම අලුත වාගේ තමයි ‘කුමාරිහාමි’ ටෙලි නාට්‍යය මට ලැබුණේ. හරිම සතුටින් කළ චරිත රංගනයක්. එහි මා සමග බොහෝ ප්‍රවීණයන් රංගනයෙන් දායක වුණා. ඇත්තමයි පුදුමාකාර විදියට ප්‍රේක්‍ෂකයන් ‘කුමාරිහාමි’ට සමීප වුණා.

හොඳම නිළිය සඳහාද ඔබ ‘කුමාරිහාමි’ වෙනුවෙන් නොමිනේට් වුණා..?
ඔව්… ඒක මගේ හිතට ලොකු සතුටක් වාගෙම අහිංසක ආඩම්බරයක් වුණා.

එම සම්මානය හිමිවිය යුතුව තිබුණෙ ඔබට නොවේදැයි කියලා එදා හිතුණෙ නැද්ද..?
සම්මාන විනිශ්චය කියන්නේ ජුරියේ තීරණයයි. සම්මාන සඳහා යෝජනාවන්නන් ඒ විනිශ්චයට හිස නැමිය යුතුයි. අනෙක සම්මානයක් ලැබෙන්නේ එක් අයකුට පමණයි… දහදෙනෙකු සතුටු කිරීම සඳහා එය බෙදා දිය යුතු යැයි සම්මානයක් නැහැ.

‘කුමාරිහාමි’ රංගනයෙන් පසු ඔබ ටෙලි වැස්සකට හසුවුණා..?
ඔව්… විවිධ චරිත ඔස්සේ ඉතාම ජනප්‍රිය ටෙලිකතා රැසකට මම රංගනයෙන් දායක වුණා. ඒ අතර රන්මසු උයන, සත්මහල, ටිකිරි නිළමේ විශේෂයි. ඒ විතරක් නෙවෙයි, චිත්‍රපට සහ වේදිකාව තුළද මම රංගනයෙන් බොහෝ කාර්යබහුල වූ කාලයක් තමයි ඒක.

මතකයේ හැටියට 91න් පසුව ඔබ රංගනයෙන් මඳකට ඈත් වුණා..?
එයට ප්‍රධානම හේතුවක් වුණේ ප්‍රසන්නගේ නිර්මාණකරණය සඳහා සහයෝගය දෙන්නට මට ඕනෑ වුණා. තිරෙන් පිටුපස සිට ඔහුට සහාය දෙන අතර ඔහුගේ නිර්මාණකරණය හරහා මම ඉගෙනගත්ත දේවල්ද බොහොමයක් තිබුණා. පවුරු වළලු, පුරහඳ කළුවර කියන්නේ ඒ නිර්මාණකරණයෙහි ඉතාම සුවිශේෂී තැන්.

ඒ තැන්වලදී බොහෝ චරිත නිරූපණයන් සඳහා ඔබට පැමිණි අවස්ථාවන් මගහැරුණා..?
ඔව්… එය එලෙස කරන්නට සිදුවුණා. මොකද.., මම බාරගත්ත යමක් හරියටම කරන කෙනෙක්. හැමදේම බදාගන්න ගිහින් එක වැඩක්වත් හරියට නොකෙරේවිය යන අදහස මා තුළ වූ නිසා වෙන්නැති මම හිතන්නේ ඒ මගහැරීම සිදුවුණේ.

ප්‍රසන්න විතානගේ සමග කලා කටයුතුවල නියැළීම තුළ ඔබට අපහසුතා ඇති වූ අවස්ථා තිබුණේ නැද්ද?
නැහැ… ප්‍රසන්න සමග වැඩ කිරීම අපහසු නැහැ… මොකද ඔහු හරිම සැලැසුම්සහගතයි. ඔහුගේ මූලිකත්වය, ඔහුගේ නායකත්වය හරිම පැහැදිලි මගක හැමදාමත් තිබුණු නිසා ඔහු සමග නිර්මාණකරණයෙහි නියැළීම මට විතරක් නෙවෙයි ඕනෑම කලාකරුවෙකුට අපහසුවක් නොවන බව විශ්වාසයි.

ටෙලි රංගන කලාවේදී ඔබ කළ සමහර චරිත, ඔබේ වයසට වඩා වැඩිහිටි බවක් ඉසිලුවා..?
එය එලෙස සිදුවුණේ නාලන් මෙන්ඩිස්ගේ ‘සෙනෙහසට ආදරෙයි’ ටෙලිනාට්‍ය හරහායි. ඔහුට එහි තිරපිටපතට අනුව ඕනෑ වුණේ අඩු වයසින් විවාහයට මැදිවූ තරුණියකගේ පෙනුමක්, කතාවේ හැටියට ඉතාම ළාබාල වියේදී විවාහ වන ඒ තරුණියගේ සැමියා හදිසියේ ඇයව අතහැර යනවා.., පසුව ඈ තනිවන්නේ ගැහැනු දරුවන් තිදෙනෙකුගේ අම්මා ලෙසයි. දරුවන් තරුණ වන විට අම්මාද තරුණව සිටිය යුතු පෙනුමක චරිතයක් තමයි නාලන් මෙන්ඩිස්ගේ ඔළුවේ තිබුණේ. ඒ නිසා එම ටෙලියෙහි තරුණ දූවරුන් කිහිපදෙනෙකුගේ අම්මා වෙනුවෙන් මගේ පෙනුම ඔහුට හරිගියා මං හිතන්නේ.

ඉන්පස්සේ එවැනි චරිත කිහිපයකම වාගේ නිර්මාණ ඔබ වෙත ආවා..?
ඔව්… හිතන විදියට සිදුවුණේ එයයි… හැබැයි ඒ ගැන අකැමැත්තක් මගේ හිතේ නැහැ… එයට හේතුව මට ලැබුණු හැම අම්මා කෙනෙකුගේම චරිත හරිම හැඟීම්බරයි… ඒ හැම අම්මාටම එම චරිත තුළ ඉටුකරන්නට වැදගත් කාර්යභාරයක් තිබුණා… ඒ කාර්යභාරය තුළින් සමාජය තුළ වෙසෙන හැම අම්මා කෙනෙකුටම ගතහැකි හොඳ පාඩමක්ද තිබුණා.

මෑතකදී නම් ඔබ ඒ ‘අම්මාවරුන්ව’ නියෝජනය කළවගක් රූපවාහිනී තිරය මත දුටුවේ නැහැ..?
නියෝජනය කරන්න එහෙම අම්මලා අද ටෙලිකතාවල ඉන්නවද..? ඔබම හිතලා බලන්න ටිකක්.., ‘හිතට දැනෙන අම්මෙක්’ ඔබ දැක්වූ ඔය මෑත කාලයේ ටෙලිනාට්‍යයක හිටියද කියලා. කොහෙත්ම නැහැ… සමාජය තුළ එහෙම ‘අම්මා’වරු හිටියට හොඳ අම්මාවරු ගැන කියන ‘නිර්මාණ හෝ චරිත’ අද නැහැ. කියන්න කනගාටුයි අද ටෙලිකතාවල අම්මලාට තියෙන තැන බොහෝවිට හරිම දියාරුයි.’ තවත් යමක් කිවයුතුයි, හොඳයි කියන මට්ටමේ සිටින චරිතයක නළුවන් හෝ නිළියන් තමන් වෙනුවෙන් ලැබෙන චරිතය තමාට වැඩිය මහලුය, වැඩිහිටිය කියන හැඟීම හිතට ගන්නේ නැහැ. ඔවුනට අවැසි වන්නේ, යමක් කළ හැකි හෝ කතාබහට ලක්වන්නට සුදුසු යැයි’ කියන හොඳ නිර්මාණයන් සහ චරිත මිසක එහි දිග-පළල නෙවෙයි. ‘පරසතු මල්’හී ‘බොනී’ මහත්තයාගේ චරිතය රඟපාන විට ගාමිණි ෆොන්සේකාගේ වයස අවුරුදු 23යි, නමුත් රඟපෑ චරිතය නිමාවන්නේ එහි ඔහුගේ චරිතයට අනුව අවුරුදු 60 – 65ට ආසන්න වූ පසුවයි. ඒ නිදසුන මේ කාරණය සඳහා හොඳටම සෑහෙනවා.

ඔබට කිසිවිටෙක සිනමාවේ හෙළ රැජිනිය… මාලිනී ෆොන්සේකා වීමේ දොළක් පහළ වූයේ නැද්ද?
නැහැ… කවදාකවත් මම මාලිනී අක්ක වෙනවාය කියා හීනෙකින්වත් හිතුවේ නැහැ. මට එය කරන්නටත් බැරි වේවි. ඒ තරමට ඔබ කීවා වගේම ඈ අග්‍රගණ්‍යයයි. ඒ වගේම මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා කියන චරිතය තුළින් මිදෙන්නට මා තරමට උත්සාහ දැරූ අයෙක් තවත් නැතුව ඇති… අපේ පවුලේ සහෝදරියන් අතර මා තරම් ඇයට සමානකම් දක්වන ස්වරූපයක් තවත් නැහැ. නමුත් හැකියාවෙන් කිසිසේත්ම මම ඇයට සමවන්නේ නැහැ. අනෙක හැමදාමත් මම උත්සාහ කළේ… මා තුළ වූ අනන්‍යතාවය හරහා මාව දකින්නයි… ‘දමයන්ති ප්‍රියලතා ෆොන්සේකාම වෙන්නටයි. ඒ හැඟීම තුළ මම අත්විඳින නිදහස සහ සැහැල්ලුව අපිරිමිතයි.

ඔබ තුළ බලාපොරොත්තුවක්ව තිබූ ‘ගුරු’ හීනය වියැකී ගියා… ඒ ගුරුවරිය ගැන ඔබට දුකක් නැද්ද..?
මෙහෙමයි… අද මම සිටින තැන ගැන තෘප්තිමත්ව සිටිනවා. ඒ නිසා ‘ගුරුවරිය’ ගැන පසුතැවීමක් නැහැ.., එලෙසම… මගේ අම්මා ගුරුවරියක ලෙස මා තුළ වූ බලාපොරොත්තුව ඉටුකර ගන්නට මට උදව් කළා… ඒ ගමේ අහලපහළ දරු දැරියනට උගන්වන්න අවස්ථාව සලසා දීම තුළින්. මට මතක හැටියට අවුරුදු පහක් පමණ මම ‘පුංචි ටීචර්ගේ’ තනතුර තුළ දවස ගෙව්වා. අදත් එය සිහිකොට සතුටු වෙනවා.., දමයන්ති ෆොන්සේකා කියන රංගනවේදිනිය ගැනද මා අත්විඳින සතුට අප්‍රමාණයි.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

Share96Tweet60SendShare24
Previous Post

පාර්ලිමේන්තුව විහිලුවක් වෙයි! රටේ ආර්ථිකය ගැන තියන්න ගිය විවාදයට මන්ත්‍රීවරු කවුරුවත් නෑ! (VIDEO)

Next Post

කලා ලෝකයේ විප්ලවකාරී පවුල් දෙකක් එකතු වෙන්න ලෑස්තියි! ගාමිණීගේ මුනුපුරයි පණීභාරතගේ මිනිපිරියි කසාද බඳින්න තීන්දු කරයි!

MORE NEWS

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!
Heart

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!

June 22, 2022
‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!
Heart

‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!

June 22, 2022
ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!
Heart

ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!

June 8, 2022
අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ!  මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!
Heart

අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ! මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!

June 8, 2022
තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!
Heart

තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!

June 2, 2022
මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

June 25, 2022
ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net