• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 21, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

ආදරය කරන්න ගියාම රැවටෙනවා…

June 9, 2021
in Heart
A A
ආදරය කරන්න ගියාම රැවටෙනවා…

මමත් ගමේ හැදුණ වැඩුණ කෙල්ලෙක්…
හොඳම යාළුවන්ට නම් කපුකම් කරනවා…

ශ්‍රී වික්‍රම චිත්‍රපටය තුළින් කුමාරිකාවක් ලෙස කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු ඇයව අපට මුලින්ම දැකගන්න ලැබුණේ ‘සිහිනි’ ටෙලිනාට්‍යයේ නෙතාරා ලෙසටයි. නුදුරු දිනෙකදී සිනමාවට අවතීර්ණ වන ඇය නැවත අපට හමුවන්නේ මේ දවස්වල විකාශය වන ‘පිං කෙත’ ටෙලිනාට්‍යයේ නිකිණි ලෙසටයි. ඉතින් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට සිහින දකින අමන්දා සිරිවර්ධන ප්‍රථම වතාවට ජාතික පුවත්පතකට කතා කළේ මේ විදියට.

🔴 අමන්දා කොහොමද ඉතින් ඔබගේ මේ දවස්වල කලා කටයුතු?
මේ දවස්වල කියන්න තරම් ලොකුවට කලා කටයුතුවලට සම්බන්ධ වෙලා නැහැ. මම රඟපාන ‘පිං කෙත’ ටෙලිනාට්‍යය මේ දිනවල විකාශය වෙනවා. එහි අවසාන අදියර තමයි මේ දවස්වල විකාශය වෙන්නේ.

🔴 නිකිණි තරමටම ඔබත් අහිංසකද?
ටිකක් විතර. මමත් ගමේ හැදුණු වැඩුණු කෙල්ලෙක් නේ. ඉතින් සමාජයේ ජීවත්වෙන්න ඕනෙ විදිය ගැන මම හොඳට දන්නවා. නිකිණි දුප්පත්, අහිංසක චරිතයක්. රස්සාවක් හොයාගෙන ගිහින් එහිදී සිදුවන ගැටලු එක්ක තමයි නිකිණිට ජීවත් වීමට තියෙන්නේ.

🔴 ලැබෙන ප්‍රතිචාරත් එක්ක තව තවත් හොඳ නිර්මාණවලින් ආරාධනා ලැබෙනවා ඇති නේද?
ප්‍රතිචාර නම් හොඳට ලැබෙනවා. ඒ වගේම නිර්මාණවලිනුත් ආරාධනා ලැබෙනවා. හැබැයි මට හොඳ ප්‍රතිචාර ලැබුණේ ‘සිහිනි’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළ නෙතාරා චරිතයට තමයි. අදටත් මට ගොඩ දෙනෙක් කතා කරන්නේ නෙතාරා කියලා. ඒ තරමට ගොඩ දෙනෙක් සිහිනි ටෙලිනාට්‍යය වැළඳගෙන තිබෙනවා.

🔴 ප්‍රේම සම්බන්ධතාවලට කපුකම් කරලා හොදට පුරුදුයි වගෙයි?
නැතුව නැතුව, මගේ හොඳම යාළුවන්ගේ ආදර සම්බන්ධතාවලට උදව් කරනවා. ඉස්සර වගේ ඉතින් පෙම් හසුන් ගෙනියන්න නැහැ නේ ඉතින්. මොනවා හරි පණිවුඩ හුවමාරුවක් තමයි කරන්නේ.

🔴 එහෙම කපුකම් කරන්න ගිහින් වැරැදුණු අවස්ථා එහෙමත් තියෙනවද?
අපෝ එහෙම නැහැ. හොඳ විශ්වාසවන්ත ආදරයකට තමයි උදව් කරන්නේ. සමහරු ආදරය කරන්න ගියාම රවට්ටනවානේ. එහෙම වුණාම කොහෙවත් ඉන්න අපිත් වැරැදිකාරයෝ වෙනවා. හොඳට හොයලා බලලා උදව් කරනවා. කවදාවත් මම ආදර සම්බන්ධතාවකට අකුල් හෙළන කෙනෙක් නෙවෙයි.

🔴 අමන්දාගේ සැබෑ ආදරවන්තයා කලා ක්ෂේත්‍රයේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන බව ගොඩ දෙනෙක් දන්න රහසක්.අපි කැමැතියි ඒ ගැනත් දැනගන්න?
මම මගේ ආදරය ගැන මාධ්‍යයට කියන්න කැමැති නැහැ. ඒත් මගේ පෙම්වතාව ඔයා හොඳට දන්න කෙනෙක් නිසා මට ඒ ගැන නොකියා ඉන්න බැහැ. වෙන කවුරු හරි මගෙන් ඇහුවා නම් මම මේ ගැන කතාකරන්න කැමැති නැහැ. ඔහු තමයි එරංග තිලකරත්න. කලා ක්ෂේත්‍රයේ අවුරුදු ගණනාවක් සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන කෙනෙක්. ඔහුගේම නිර්මාණයක් කිරීම සඳහා මේ දිනවල සැලසුම් කරගෙන යනවා. මට ඔහුව අඳුනගන්න ලැබුණේ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණාට පස්සේ. අපේ ආදර සම්බන්ධයට පවුල්වලින් විරුද්ධත්වයක් නැහැ. අපි දෙන්නම මේ ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයකින් ඉන්න නිසා අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ වැඩකටයුතු සඳහා අයියාගෙන් ලොකු සහායක් ලැබෙනවා.

🔴 ඔබේ ආදරවන්තයාගේ නිර්මාණයේ ප්‍රධාන චරිතය ඔබ වෙයි කියලා හිතනවද?
මම කවදාවත් එහෙම හිතලා නැහැ. ඒ වගේම මාව ගන්න කියලත් නැහැ. ඔහු මගේ දක්ෂතාව දන්න කෙනෙක්. මට ගැළපෙන චරිතයක් තිබුණොත් මාව සම්බන්ධ කරගනීවි. එහෙම නොවුණොත් අවුලක් නැහැ. ඔහුගේ වැඩකටයුතුවලට මට කළ හැකි උපරිම සහාය ලබාදෙනවා. මොකද එකමුතුව ගමනක් යනකොට හරිම සුන්දරයි කියලා තමයි මම හිතන්නේ.

🔴 ඔබව වඩාත්ම තෝරා ගන්නේ ගැමි චරිත සඳහා. එහෙම සිදුවන්නේ අමන්දාගේ කැමැත්ත අනුවද?
ගැමි චරිත සඳහා මාව විශේෂයෙන්ම තෝරාගැනීමට හේතුව මගේ බාහිර පෙනුම වෙන්න ඇති. හැබැයි එවැනි චරිත කරන්න මම ගොඩක් කැමැතියි. ඒ වගේම ගොඩක් පහසුයි. මොකද ගැමි චරිත රඟපෑමෙන් අපට යම් අධ්‍යයනයක් ලැබෙනවා. චරිත ස්වභාවය, චරිත ලක්ෂණ වගේ දැනුමක්. ඉතින් අපේ ඉදිරි ගමනට එය සම්මානයක් වගෙයි කියලා තමයි මම හිතන්නේ.

🔴 ඔබට මේ ක්ෂේත්‍රය පිළිබඳ යම් දැනුමක් තිබෙන කෙනෙක්. ඒ නිසා ඒ ගැනත් යමක් පැවැසුවොත්?
ඇත්තටම මේ ක්ෂේත්‍රය ගැන එළියෙදි අපට අහන්න ලැබුණේ විවිධ දේවල්. මගේ හිතෙත් බයක් තිබුණා.නමුත් ඇවිත් වැඩකරන්න ගත්තාම තමයි තේරුණේ මේකෙ තියෙන සුන්දරත්වය. ගැහැනු ළමයකුට දෙන ආරක්ෂාව හොඳට තියෙනවා. හරියටම පැවසුවොත් අපිව මවුපියන් රකිනවා වගේම ආරක්ෂාවක් අපට තියෙනවා.
– වසන්ත විතාරණගේ

Share51Tweet32SendShare13
Previous Post

කැස්බෑවේ හෝටලයක බර්ත්ඩේ පාටියක් දැමූ 10ක් අල්ලයි: ෂැංග්‍රිලාවට වූ දෙයම වෙයිද?

Next Post

බිලියන 3.7ක් යනවා! කරන්න දෙයක් ඇත්තෙම නෑ!! මන්ත්‍රීවරු 225ටම වාහන දෙනවා!!!

MORE NEWS

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!
Heart

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!

May 12, 2022
ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!
Heart

ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!

May 12, 2022
ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!
Exclusive

ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!

April 26, 2022
මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!
Exclusive

මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!

April 26, 2022
ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!
Exclusive

ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!

April 18, 2022
මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!
Heart

මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!

April 6, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)
Exclusive

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022

ජාත්‍යන්තර ස්කයි නිව්ස් සේවය සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්මුඛ...

Read more
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

May 20, 2022
හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

May 20, 2022
රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

May 20, 2022
ජනාධිපතිව හම්බවෙනවා! බැසිල්ව හම්බවෙනවා! ආණ්ඩු හදන්න කමිටු දාගන්නවා! පාර්ලිමේන්තුවෙදි ප්‍රසිද්ධියේ ආණ්ඩුවට ගහනවා! අහන්නකො බලන්න අනුර ප්‍රියදර්ශනගෙ කතාව! පොලිටික්ස්ද පොලිට්‍රික්ස්ද කියලා! (VIDEO)

මේ ආණ්ඩුවේ මම කිසිම ඇමැතිකමක් ගන්නෙ නෑ! අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශයක් කරයි!

May 20, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net