• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

රිලැක්ස් එකටත් එක්ක පොඩි වෙනසක් කළා! එකම ඉරියව්වෙන් හිටිය එක මට අභියෝගයක් වුණා!

April 6, 2022
in Heart
A A
රිලැක්ස් එකටත් එක්ක පොඩි වෙනසක් කළා! එකම ඉරියව්වෙන් හිටිය එක මට අභියෝගයක් වුණා!

මම දිග, පළල හොයන්න යන්නේ නැහැ…
පොඩි පොඩි දිනුම් ඇදිලා තියෙනවා…

‘දිනෙක ජය නියතයි’ ඒ හඬ ඔබට හැමදාමත් හුරු හඬක්. සෑම දිනෙකම වාසනාව අරගෙන ඔබේ ආලින්දයට එන අරුණි මෙන්ඩිස් දැන් වෙනස් වෙලා. මේ වෙනස ගැනත් ඇගේ අලුත් රංගනය ගැනත් දැනගැන්න අපි අරුණිට කතා කළා.

අරුණි හිටිගමන් වෙනස් වුණේ ඇයි..?
පහුගිය කාලේ මම ‘මාණික්කාවත’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් එක්ක ගොඩාක් කාර්යබහුලවෙලා හිටියේ. ඒ වගේම ඒ අතර නිවේදන කටයුතුත් කරගෙන ගියා. ඔය අතර මටද ‘කොවිඩ්’ රෝගය වැලඳිලා මාස තුනක් විතර මම ගෙදරටවෙලා හිටියේ. ඉතින් රිලැක්ස් එකටත් එක්ක වෙනසක් කරන්න ඕනෑ කියලා මම හිතුවා. ඒ නිසාම මගේ තිබුණු කොණ්ඩය කොටටම කපලා දැම්මා. ඒක තමයි ඉතින් මගේ වෙනස.

කොණ්ඩය කැපීමත් සමග භාරගත්තු නිර්මාණවලටත් බලපෑමක් සිදුවෙන්නට ඇති නේද..?
මම කවදාවත් මම කරන චරිතයකට අසාධාරණයක් කරන කෙනෙක් නෙවේ. සියලුම වැඩකටයුතු අවසන් කරලා තමයි මම මේ තීරණය ගත්තේ.

ඔබ ඒ ගත්තු තීරණයෙන් වාසියක් වුණාද, එහෙමත් නැත්නම් අවාසියක් වුණාද..?
ගත්තු තීරණයෙන් සැහැල්ලුවක් දැනුණා. ඒ එක්කම මට සුනිල් කොස්තා අධ්‍යක්‍ෂණය කරන ‘පනම් බඳින ගස්’ ටෙලිනාට්‍යයට ආරාධනාවක් ලැබුණා. මම ගොඩාක් ආසාවෙන් හිටියේ සුනිල් අයියගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න. ඉතින් මම සුනිල් අයියට කිව්වා අයියේ මම කොණ්ඩය කොටටම කැපුවා කියලා. සුනිල් අයියා මට කිවුවා මගේ පින්තූරයක් එවන්න කියලා. ඒක බලලා සුනිල් අයියා කිවුවා චරිතයට හොඳටම ගැළපෙනවා ඒ නිසා කොණ්ඩය වෙනස් කරන්න එපා කියලා. ඉතින් ළඟදීම මගේ වෙනස්ම ඡායාරූපයකින් ‘පනම් බඳින ගස්’ ටෙලිනාට්‍යයෙන් මගේ වෙනස්ම රඟපෑමක් දැකබලා ගන්නට පුළුවන්.

ඔබ නිරූපණය කරන ‘දෙවනි ඉනිම’ ටෙලිනාට්‍යයේ ‘නිලු’ චරිතයෙන් ඉවත් වුණාද..?
ඔය ප්‍රශ්නය මගෙන් ගොඩදෙනෙක් අහනවා. මම ‘දෙවනි ඉනිමෙන්’ ඉවත් වුණාද කියලා. ‘දෙවනි ඉනිම’ ටෙලිනාට්‍ය මෙගා ටෙලිනාට්‍යයක් නිසා මේ දවස්වල ඒ ටෙලිනාට්‍ය වෙනස්ම පැත්තකට තමයි කතාව ගලාගෙන යන්නේ. ඉතින් ඒ කතාව පැත්තට ‘නිලු’ චරිතය ගලාගෙන යන්නැති නිසා මාව මේ දවස්වල දකින්නට නැහැ. නැතුව මම කතාවෙන් ඉවත් වෙලා නෙවෙයි.

‘මාණික්කාවත’ ටෙලිනාට්‍යයේ ඔබේ රඟපෑම වෙනස්ම පැත්තකට යොමුවෙලා..?
ඇත්තටම ඔව්… අවුරුදු හැත්තෑපහක් දක්වා දිව යන චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ. මම වයස චරිත රඟපාලා තිබුණත් මේ තරම් වයස්ගත චරිතයක් කරලා නැහැ. මේ චරිතය මට හැම පැත්තකින්ම අභියෝගයක් වුණා. මොකද 1800 ගණන්වල ජීවත් වුණු වයසක කාන්තාවකගේ චරිතයක් මොන විදියට හැසුරුණාද කියන්න දකින්නට නැහැ. වර්තමානය සහ අතීතයයි අතර ඒ චරිතය තුළ ලොකු වෙනස්කම් දකින්නට තියෙනවා. ඉතින් මම ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ සුදත් රෝහණ තිරපිටපත් රචක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සමග කතාබහ කරලා ඒ චරිතයට උපදෙස් ලබාගත්තා.

වෙස්ගැන්වීම තුළින් ඔබ දකින කොට මොකද හිතුණේ..?
‘මාණික්කාවත’ ටෙලිනාට්‍යයේ වේශ නිරූපණය කළේ නාරද ධනංජය තොටගමුව. ඔහු 100%ක්ම මගේ ස්වරූපය චරිතයට ගැළපෙන විදියට ලස්සනට වෙනස් කළා. ඔහුත් ඇතුළු ‘මාණික්කාවත’ සියලුම ශිල්පීන් අතර පුදුමාකාර සහෝදර බැඳීමක් තිබුණේ. ඒ සියලුමදෙනාට මම ස්තුතිය පුදකරනවා. මගේ වේශ නිරූපණය වෙනුවෙන් පැය හතරකට වඩා කාලයක් ගතවුණා. ඉතින් හිතන්නකෝ එකම ඉරියව්වෙන් මම ඒ වගේ කාලයක් හිටිය එකම මට අභියෝගයක් වුණා.

ඉදිරියේදී අරුණි ‘මහලු’ චරිත සඳහා කොටුවෙයිද..?
එය මට ගැටලුවක් නැහැ. මම චරිතයේ දිග, පළල හොයන කෙනෙක් නෙවේ. මම බලන්නේ මට ලැබෙන චරිතය තුළින් මට ඉගෙන ගැනීමට දෙයක් තියෙනවාද කියලා තමයි. ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යයෙන් මම සම්බන්ධ වෙනවා.

වසර දොළහක හමුවීම කොහොමද..?
මගේ තාත්තාගේ හිතවතකුගේ මිතුරෙක් තමයි සුදත් රෝහණ මහතා. ගාමිණී මාමා කියනවා සුදත් රෝහණ අයියට මටත් රඟපාන්න අවස්ථාවක් දෙන්න කියලා. ඉතින් ඔය විදියට තිර පරීක්‍ෂණයකට සම්බන්ධ වෙලා තමයි මට සුදත් රෝහණ අධ්‍යක්‍ෂණය කරපු ‘ස්වයංජාත’ ටෙලිනාට්‍යයට මුලින්ම සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ. ඉතින් ඔහු සමග මට නැවැත වැඩ කිරීමට ලැබුණේ අවුරුදු දොළහකට විතර පස්සෙ ‘මාණික්කාවත’ ටෙලිනාට්‍ය හරහා. සතුටක් තමයි දැනෙන්නේ.

ලොතරැයි සමග රඟපෑම් කටයුතු කිරීමට පහසුද..?
2009 වර්ෂයේ ඉඳලා අද දක්වා මම ජාතික ලොතරැයි මණ්ඩලයේ නිවේදිකාවක් ලෙසට කටයුතු කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු සියලුම දෙනාගෙන් ලැබෙන ඒ නිදහස මට මෙහෙමයි කියලා කියන්න බැහැ. ඒ සියලුම දෙනාටම මම මේ දෙන සහායට මගේ ගෞරවය පුදකරනවා.

අරුණිත් නිතරම ලොතරැයි ගන්නවද..?
අලෙවි නියෝජිතයන් අපිව දැනහඳුනනවා. ඉතින් ඔවුන් අපි ළඟට එනවා. ඒ වෙලාවට මමත් ලොතරැයියක් ගන්නවා. මේ වසර ගණනාවට මට ඒ ආයතනයෙන් ලැබුණු ගොඩාක් දේවල් මගේ ජීවිතයට ආලෝකයක් වුණා.

ඔබටත් දිනුම් ඇදිලා තියෙනවද..?
මම ගෙදර ගිය ගමන් අම්මාට දෙනවා බලන්න කියලා. අම්මා තමයි බලන්නේ. පොඩි පොඩි දිනුම් ඇදිලා තියෙනවා. මම ඉතින් ඒ වෙලාවට අම්මට කියන්නෙත් ‘දිනෙක ජය නියතයි’ කියලා තමයි.

-වසන්ත විතාරණගේ

Share156Tweet98SendShare39
Previous Post

‘ගෝඨා-මහින්ද ගෝ හෝම්’! රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ජන අරගලයට එකතු වෙන්න තීන්දු කරයි!

Next Post

උද්ඝෝෂණය මැද්දේ අනුරගේ වාහනයට රිංගපු හෙල්මට්කාරයා කව්ද? ‌ජොනීගේ ප්‍රශ්න කිරීමෙන් පාර්ලිමේන්තුව රත් වෙයි! (VIDEO)

MORE NEWS

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!
Heart

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!

June 22, 2022
‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!
Heart

‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!

June 22, 2022
ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!
Heart

ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!

June 8, 2022
අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ!  මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!
Heart

අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ! මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!

June 8, 2022
තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!
Heart

තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!

June 2, 2022
මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net