• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, May 24, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

මට හැදුණු කාතාවක් නෑ! මේක මාර වැඩක්නේ!

January 19, 2022
in Heart
A A
මට හැදුණු කාතාවක් නෑ! මේක මාර වැඩක්නේ!

බාධක නැතුවාම නෙවෙයි…
ගැහැනියක් විදියට ඒ හැම දේකටම මුහුණ දුන්නා…

කලා ක්‍ෂේත්‍රයේ ශිල්පීන්ට නිරන්තරයෙන්ම කතා හැදෙනවානේ. එය සාමාන්‍ය දෙයක්. හැබැයි මේ කියන්නට යන්නේ වෙනස්ම කතාවක්. ජනප්‍රිය රංගන ශිල්පිනී මනිෂා නාමල්ගමගේ ආදරණීය නැඟණිය තමයි කාංචනා ඛාන් (Kanchana Kaan) කියන්නේ. ඇගේ අක්කා වගේම දක්‍ෂ රංගන ශිල්පිනියක්. ඉතින් පසුගිය දවසක කාංචනාට අමුතුම කතාවක් හැදිලා තියෙනවා. ඒ කතාවේ සුලමුල හොයන්නට අපි ඇයට කතා කළා…

කාංචනාට මේ හැදුණු කතාව මොකක්ද..?
මොනවා ගැනද අහන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. එහෙම කතාවක් මට හැදිලා නැහැ මම දන්න තරමින්.

එහෙනම් අපි ‘මේක පුදුම කතාවක්’ ගැන කතා කරමුකෝ. ඒ ගැන තමයි අහන්නේ..?
ලාල් ප්‍රියදේව අධ්‍යක්‍ෂණය කරන සිනමා නිර්මාණයක් තමයි ‘මේක පුදුම කතාවක්.’ සුනිල් ටී. ප්‍රනාන්දු සහ තුෂාර පෙරේරා තමයි ඒ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ. මම මේ චිත්‍රපටයේ ‘සොනාලි’ ලෙසට තමයි රඟපාන්නේ.

‘සොනාලි’ චරිතය හරහා ඔබේ ඉදිරි සිනමා ගමන වෙනසක් සිදුවෙයිද..?
අනිවාර්යෙන්ම… මටත් එහෙම හිතෙනවා. මම මේ වගේ චරිතයක් මෙයට පෙර කරලම නැහැ. උප ප්‍රධාන චරිතයක් තමයි මම රඟපාන්නේ.
මගේ රංගන ජීවිතයත් හැරවුම් ලක්‍ෂය්‍යක් කියලා කියන්නත් පුළුවන්. මම මවකගේ චරිතයක් රඟපාන්නේ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ නංගිගේ දරුවා හදාගන්නෙත් මම. මුලදි සොනාලි අහිංසක බව පෙනුණට පස්සේ නපුරු වෙනවා. ඉතින් මේ චිත්‍රපටයට මාව තෝරාගත්ත සියලුමදෙනාට ස්තුතිය පුද කරනවා.

පසුගිය කාලෙ නම් ඔබට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක නේද හිටියේ..?
අම්මෝ ඔව්… ‘හදවතේ කතාව’ ටෙලිනාට්‍ය මම නිරූපණය කළ ‘කාන්ති’ චරිතය නිසා ගොඩදෙනෙක් මාව ප්‍රතික්‍ෂේප කළා. සමහරු මගතොටදී පවා මට බනින්න ගත්තා. හැබැයි ඉතින් පස්සේ හොඳට කතා කළා. ඒ චරිතයට ලැබුණු ප්‍රතිචාර නම් ඉහළයි. ඉතින් මම ‘කාන්ති’ චරිතයට හොඳ සාධාරණයක් කළා කියලා ලැබුණු ප්‍රතිචාරත් එක්ක හිතාගන්න පුළුවන්.

ඉතින් අද ඔබ ඉන්න තැන ගැන සතුටු වෙනවද..?
ඇත්තටම ගොඩාක් සතුටුයි. මම හෙමින් ගමනක් තමයි ආවේ. හෙමින් ආවත් බාධක නැතුවාමත් නෙවෙයි. හැබැයි මම ගැහැනියක් විදියට ඒ සියල්ලටම මුහුණ දුන්නා. ඉතින් මට ලැබෙන හැම නිර්මාණයකටම, චරිතයකටම මම උපරිම සාධාරණයක් කරමින් මගේ ගමන මේ විදියටම ඉදිරියට යනවා.

‘නිරාවරණය’ ටෙලිනාට්‍ය තුළින් නේද ඔබේ ගමන වෙනස් වුණේ..?
‘නිරාවරණය’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළ චරිතයෙන් තමයි මාව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ. ඒ ගැන සතුටුයි. ‘නිරාවරණය’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ රොෂාන් කුරුප්පු අයියාව මම කවදාවත් දැකලා තිබුණෙත් නැහැ. ඉතින් මම ගැන තැබූ විශ්වාසයට ඔහුට මම ස්තුතිය පුදකරනවා.

කාංචනා වඩාත් කැමැති සිනමාවටද, එහෙමත් නැතිනම් ටෙලිනාට්‍ය සඳහාද..?
එහෙම කිසිම වර්ගීකරණයක් නැහැ. හැබැයි පසුගිය කාලේ චිත්‍රපට වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්නට සිදුවුණා. සමහරවිට මගේ උස, පෙනුම නිසා මාව චිත්‍රපට සඳහා තෝරාගන්නවා වෙන්නත් පුළුවන්. වේදිකාවට මම ගොඩාක් කැමැතියි. ඒත් වේදිකාව වෙනුවෙන් මට ලොකු කාලයක් යොදවන්න අපහසුයි.

ඔබ රංගනයට වගේම නර්තනයටත් දක්‍ෂයි නේද..?
මම පුංචිම කාලේ ඉඳලා නර්තනය හැදෑරුවා. ඒ තුළින් වෙනම ශාරීරික අභ්‍යාසයක්ද ලැබුණා. උපුල් අරුණශාන්ත ගුරුවරයා යටතේ බැලේ පවා හැදෑරුවා.

ඔබේ සහෝදරිය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇයගෙන් ලැබෙන සහාය..?
මගේ අක්කා තමයි මනිෂා නාමල්ගම කියන්නේ. ඇය මට ගොඩාක් ආදරෙයි. මමත් ඒ වගේම තමයි. හැබැයි මම කවදාවත් මගේ අක්කා මනිෂා නාමල්ගම කියලා නම පාවිච්චි කරමින් රඟපාන්න අවස්ථාවක් ඉල්ලගෙන ගිහින් නැහැ. මගේ පාර මගේ උත්සාහයෙන්මයි හදාගත්තේ.

අක්කා – නඟාලා දෙන්නා ප්‍රේක්‍ෂකයන්ට මාරුවෙන අවස්ථාත් ඇති නේද..?
එහෙම නැහැ… මම අක්කාට වඩා ගොඩාක් වෙනස්. අපි දෙන්නාගේ කොණ්ඬේ විතරයි එකවගේ සමානකම් තියෙන්නේ. මම අක්කාට වඩා ගොඩාක් උසයි. පැහැයෙනුත් වෙනස්.

පෞද්ගලික වැඩකටයුතුත් එක්ක කොහොමද කලාකටයුතු කරගෙන යන්නේ..?
මගේ පෞද්ගලික ජීවිතය ගැන මාධ්‍යයට තවම කියලා නැහැ. ඒ වගේම මොන වැඬේ තිබුණත් මම කරන කලාකටයුතුවලදී ඒ දේවල් පටලගන්නේ නැහැ. මට පැවරෙන වැඬේ මම හරියට කරනවා. නිදහසේ, සරලව ඉන්න කෙනෙක් මම.

-වසන්ත විතාරණගේ

Share71Tweet45SendShare18
Previous Post

මෛත්‍රී ආණ්ඩු පක්ෂ රැස්වීම වර්ජනය කළාද? ඇතුළෙ හිටියත් ගිහින් නෑ!

Next Post

කොටුවෙලා නෙවෙයි! ලැබෙන්නෙම මැර චරිත!

MORE NEWS

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!
Heart

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!

May 12, 2022
ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!
Heart

ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!

May 12, 2022
ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!
Exclusive

ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!

April 26, 2022
මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!
Exclusive

මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!

April 26, 2022
ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!
Exclusive

ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!

April 18, 2022
මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!
Heart

මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!

April 6, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)
Exclusive

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022

‌ේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට තරුණයන් පිරිසක් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක්...

Read more
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022
පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්! නැත්නම් අපි යනවා! මධ්‍යම කාරක සභාවේදී දැඩි තීන්දුවක් අරන්!

ඇමැතිකම් ගත්ත අය දොට්ට දාන පළමු නිවේදනය මෛත්‍රීපාල නිකුත් කරයි! ඊළග නිවේදනයත් ළඟ එනවා!

May 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net