• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, May 23, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

බෝනික්කෝ වගේ හැඩ අක්කා නඟෝගෙ වැඩ!

January 12, 2022
in Heart
A A
බෝනික්කෝ වගේ හැඩ අක්කා නඟෝගෙ වැඩ!

වසරේ ආරම්භයත් සමග අපේ ‘හාට්’ පිටු වලට පුංචි සුරංගනාවියන් දෙදෙනෙක් ගැන දැනගන්නට ලැබුණා. මෙහි විශේෂත්වය වන්නේ එකම පවුලේ අක්කයි, නංගියි ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ චරිත දෙකක් නිරූපණය කරමින් ඔබ හමුවට ඒමයි. දුලක්නි මෙරිනා ‘පැංචි’ ලෙසත්, ඇයගේ ආදරණීය නැඟණිය පුනෙත්නි, ‘පැහැසි’ චරිතයත් හරිම අපූරුවට රඟපානවා. ඉතින් මේ අක්කයි නංගියි දෙන්නා ජාතික පුවත්පතකට ප්‍රථම වතාවට ‘මව්රට – හාට්’ අපි සමග කතාබහ කළා.

රඟපාන්න නම් එහෙම ලැජ්ජාවක් තිබුණේ නැහැ…
රඟපානවා කියලා ඇත්තටම දැනුණේ නැහැ…

‘පැංචි’ගේ නම දැනගන්න ගොඩදෙනෙක් ආශාවෙන් ඇති. ඉතින් කියන්නකෝ දුවගේ නම..?
මම දුලක්නි මෙරිනා පෙරේරා.

එතකොට ගම්පළාත්..?
ගම්පහ ප්‍රදේශයේ ඉඳිගොල්ලේ තමයි මගේ ගම.

දුවව හැමෝම දැනගන්නේ ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ ‘පැංචි’ගෙන්. ඉතින් දුවට මේ අවස්ථාව ලැබුණේ කොහොමද?
සම්පත් දඩල්ලගේ මාමා තමයි කිවුවේ මෙහෙම ටෙලි නාට්‍යයකට රඟපාන්න සම්මුඛ පරීක්‍ෂණයක් තියෙනවා සම්බන්ධ වෙලා බලන්න කියලා. ඉතින් මමයි, නංගියි, අම්මයි, පන්නිපිටියට ගියා. එහිදී අපිට දෙබස් වගයක් දුන්නා පාඩම් කරලා රඟපාලා පෙන්නන්න කියලා. ඉතින් ඒ කියපු විදියට මමත්, නංගිත් ඉදිරිපත්වෙලා රඟපාලා පෙන්නුවා.

‘පැංචි’ හිතුවද මේ අවස්ථාව ලැබෙයි කියලා?
එහෙම ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි මගෙයි, නංගිගෙයි හැකියාවන් ඒ අවස්ථාවේ දැකලා ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ චරිත දෙකකට තෝරා ගත්තා කියලා මේනක රාජපක්‍ෂ මාමා කිවුවා. ඇත්තටම ඒ අවස්ථාවේ පුදුමාකාර සතුටක් දැනුණේ. මොකද මම ගොඩාක් ආශාවෙන් හිටියේ ටෙලිනාට්‍යවල රඟපාන්න.

හැබැයි ඒ ටෙලිනාට්‍යයේම නංගිත් රඟපාන එක තවත් විශේෂත්වයක් වෙන්න ඇති?
ආශාවක් තිබුණට අපි දෙන්නටම එකම ටෙලිනාට්‍යයක රඟපාන්න අවස්ථාවක් ලැබෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. මගේ නංගි තමයි ‘පැහැසි’ගේ චරිතයට රඟපාන්නේ.

‘පැංචි’ ටිකක් කටකාර, දඟකාර චරිතයක් වගෙයි නේද?
පිටපත කියවලා බලන විටත් මටත් ඒ වගේම දැනුණා. මමත් ඉතින් ඒ වගේනේ. ඒනිසා ‘පැංචි’ චරිතය හොඳට රඟපාන්න පුළුවන් වුණා.

දුවගේ පළමු ටෙලිනාට්‍ය රංගනය තමයි අපි මේ දකින්නේ. මොකද හිතෙන්නෙ මේ පළමු අත්දැකීම ගැන?
ඇත්තටම ගොඩාක් සතුටුයි. මගෙත්, නංගිගෙත් රඟපෑම ගැන හැමෝම හොඳ කියනවා. රඟපාන්න නම් එහෙම ලැජ්ජාවක් තිබුණේ නැහැ. මොකද මම තාත්තාගේ ඔෆීස් එකේ වැඩසටහන්වලට සම්බන්ධවෙලා වැඩ කරපු නිසා. හැබැයි ඉතින් ටෙලිනාට්‍යයක් නිසා හිතට පොඩි බයක් තිබුණා. ඒත් මේනක මාමා කියලා දුන්නම මම රඟපෑවා.

‘පැංචි’ ඇයි ඔය තරම් ‘සහෙත්’ එක්ක තරහ?
මගේ මාළු ටැංකියේ මාළු නැතිවෙනවා. ඉතින් දවසක් ‘සහෙත්’ මගේ මාළු ටැංකිය ළඟ ඉන්නවා මම දකිනවා. මම හිතාගෙන ඉන්නේ ‘සහෙත්’ තමයි මගේ මාළු හොරකම් කරන්නේ කියලා. පන්න පන්න ගහනවා.

හැබැයි එදා ‘පැංචි’ ‘සහෙත්ට’ ගහපු ඉදල්පාර නම් තදින්ම වදින්න ඇති..?
අනේ ඔව්… පාරවල් දෙක තුනක් හයියෙන් වැදුණා. මට පස්සේ පව් කියලා හිතුණා මල්ලිට. ඒත් ඉතින් රඟපාන නිසා මල්ලි ඒ තරම් ගණන්ගන්නැතුව හොඳට රඟපෑවා. මල්ලිට ගහපු ඉදල්පාර නම් මට අමතක කරන්න බැහැ හැබැයි.

දුවගේ පාසලෙන් මොකද කියන්නේ රඟපෑම් කටයුතු ගැන?
මමයි, නංගියි දෙන්නම යන්නේ සිරිකුරුස විදුහලට ගම්පහ. අපි දෙන්නම ටෙලිනාට්‍යයක රඟපාන්න ගත්තා කියලා පාසලේ ගුරුවරුන් දැනුවත් කළා. පාසලෙනුත් අපිට ලොකු සහායක් ලැබෙනවා

අක්කටයි, නංගිටයි මේ ගමන එන්න උදවු කරපු පිරිසකුත් ඇති නේද?
‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ මේනක රාජපක්‍ෂ මාමාට, ඒ වගේම ටෙලිනාට්‍යයේ නිෂ්පාදක ජනක සම්පත් තඹරවිල මාමාට ඇතුළු ‘ගුග්ලි’ කණ්ඩායමට සහ සම්පත් දඩල්ලගේ, දිනේෂ් හග්ගල්ල ඇතුළු මගේ මවුපියන්ටත් විශේෂ ස්තුතිය පුදකරනවා.

හිතුවේ නැහැ මාව තෝරාගනියි කියලා…
අපි දෙන්නටම එකම ටෙලිනාට්‍යයක රඟපාන්න ලැබෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ…

පුනෙත්නි දුව දැන් පුංචි නිළියක් නේද..?
ඔව් මාමේ… ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ ‘පැහැසි’ චරිතය රඟපාන්නේ මම තමයි.

දුවගේ සම්පූර්ණ නම..?
මම පුනෙත්නි මරිනා පෙරේරා.

චූටි දුව රඟපාන ‘පැහැසි’ චරිතය ගැන මොකද හිතෙන්නේ?
‘පැහැසි’ කියන්නේ අහිංසක චරිතයක්. මගේ තාත්තා නැහැ. අම්මයි, මාමයි එක්ක තමයි මම ඉන්නේ.

‘පැහැසි’ ලෙසට රඟපානවිට දුක හිතුණු අවස්ථා වැඩියි නේද?
ඔව්… අම්මා කියනවා, තාත්තා ආයේ අපි අතරට එන්නේ නැහැ කියලා. එතකොට දුකයි.

‘පැහැසි’ ‘රොසි’ට ගොඩාක් ආදරෙන් ඉන්න බව පේනවා..?
ඔව්… මගේ දුක කියන්න හරි, මගේ ළඟින් ඉන්නේ මගේ බෝනික්කා. ඒ නිසා මම ‘රොසි’ට කැමැතියි.

හිතුවද දුවත් නාට්‍යයට තෝරාගනී කියලා?
සම්පත් මාමා කිවුවා මේ නාට්‍යයට තෝරාගන්නේ අක්කා වගේ ලොකු අය කියලා. ඒ නිසා මම හිතුවේ නැහැ මාව තෝරාගනියි කියලා. ඒත් ඉතින් මමත් ඉදිරිපත්වෙලා බැලුවා.

දුවගේ රඟපෑම දකිනකොට දුවට මොකද හිතෙන්නේ..?
හොඳට රඟපාලා කියලා හිතෙනවා. හැබැයි මට ඒ වෙලාවෙ රඟපානවා කියලා ඇත්තටම දැනුණේ නැහැ. අක්කත් ඒ ටෙලිනාට්‍යයට රඟපාන නිසා හරිම විනෝදයෙන් තමයි අපි කාලය ගතකළේ.

රඟපාන්න යද්දි විභාග වැඩකටයුතු අතපසුවෙන්නේ නැද්ද?
මේ පාර තමයි මම ශිෂ්‍යත්වය විභාගය ලියන්නේ. ඉතින් මම ඔන්ලයින් හරහා පන්ති කරනවා. පාඩම් වැඩකටයුතුත් හොඳට කරන නිසා අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන විදියට රඟපෑම් කටයුතු කරනවා.

දුවලා රඟපානවා දැකලා තව ටෙලිනාට්‍යවලින් එහෙම රඟපාන්න කතා කළාද?
තවම නැහැ… ඒත් මමයි, අක්කයි දෙන්නම හිතාගෙන ඉන්නේ ‘ගුග්ලි’ ටෙලිනාට්‍යය ඉවර වෙනකම් කිසිම ටෙලිනාට්‍යයක රඟපාන්න යන්නේ නැහැ කියලා. මොකද මේනක මාමා අපිට දුන්න මේ අවස්ථාව ගොඩාක් වටිනවා.

දුවට තවම අක්ක එක්ක රඟපාන්න ලැබුණේ නැද්ද?
තවම එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉදිරියට රඟපාන්න ලැබුණොත් ගොඩාක් හොඳයි.

-වසන්ත විතාරණගේ

Share82Tweet52SendShare21
Previous Post

ඇමැතිට එරෙහිව අම්පාරේදී දහස් ගාණක් පාරට බහී!

Next Post

වාර්තා රැසක් තියපු නාලන්දාවේ ක්‍රිකට් කැප්ටන්! 93 නාලන්දාවේ අතිදක්ෂතම සිසුවා! එංගලන්තෙ ඉගෙනගෙන කැනඩාවේ රැකියාව කරපු තරුණයා! අද සියල්ල අතහැරපු කොළඹ ධම්මසාර හාමුදුරුවො! (VIDEO)

MORE NEWS

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!
Heart

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!

May 12, 2022
ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!
Heart

ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!

May 12, 2022
ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!
Exclusive

ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!

April 26, 2022
මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!
Exclusive

මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!

April 26, 2022
ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!
Exclusive

ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!

April 18, 2022
මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!
Heart

මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!

April 6, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)
Exclusive

ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)

May 23, 2022

ජනතා විමුක්ති පෙරමණට හංගන්නට දෙයක් නැති බවත් ඔනෑම දෙයක් තමන්ගෙන් අසා...

Read more
මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

May 23, 2022
ලංකාවේ තියෙන බෙහෙත් හිඟය ගැන විපක්ෂනායක හා WHO නියෝජිතයා අතර සාකච්ජා! (VIDEO)

ලංකාවේ තියෙන බෙහෙත් හිඟය ගැන විපක්ෂනායක හා WHO නියෝජිතයා අතර සාකච්ජා! (VIDEO)

May 23, 2022
බෝම්බ ගැන අතේරෝල් ගහන්නෙ කවුද?

බෝම්බ ගැන අතේරෝල් ගහන්නෙ කවුද?

May 23, 2022
හිටපු ප්‍රබල ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකුට පැය හයෙන් ගෙදරින් පිටවෙන්න කියයි!

හිටපු ප්‍රබල ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකුට පැය හයෙන් ගෙදරින් පිටවෙන්න කියයි!

May 23, 2022
මේ පලදෙන්නේ සංදෘෂ්ටික විපාකයද?

මේ පලදෙන්නේ සංදෘෂ්ටික විපාකයද?

May 23, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)

ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)

May 23, 2022
මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

May 23, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net