• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, May 24, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

අඩනිරුවත් චරිත හැමෝටම රඟපාන්න බැහැ! කොටට අඳිනවා කියන්නේ අමුතු දෙයක්ද?

January 18, 2022
in Heart
A A
අඩනිරුවත් චරිත හැමෝටම රඟපාන්න බැහැ! කොටට අඳිනවා කියන්නේ අමුතු දෙයක්ද?

සමහරු වැඩි කැමැත්තක් නැහැ…
මට කියලා විශේෂයක් කරන්නේ නෑ…

‘දූවිලි අහසේ’ පියාසර කරමින් ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරන සුන්දර හැඩකාරියක් තමයි පියුමාලි පාලමකුඹුර. ඇය කලාවට පිවිසෙන්නේ ‘දූවිලි අහස’ ටෙලිනාට්‍ය තුළින්. ඉන්පසු ටෙලිනාට්‍ය රැසක චරිත නිරූපණය කරපු ඇය මේ දවස්වල ‘ෂැඩෝ’ ටෙලිනාට්‍යයේද ‘නුරි’ලෙස රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඇගේ මේ රංගන චාරිකාව ගැන අකුරු කිරීමට අපි පියුමාලිට කතා කළා…

පියුමාලි ඉතින් කොහොමද මේ දවස්වල වැඩකටයුතු..?
සුපුරුදු පරිදි හෙමීට කරගෙන යනවා.

මේ දවස්වල ඔබ වෙනස්ම රංගනයකින් ‘නුරි’ ලෙස අපට සමීපවෙනවා. කොහොමද එහි වැඩකටයුතු..?
‘නුරි’ – ‘ෂැඩෝ’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් එක්ක තමයි මේ දවස්වල කාලය ගතකරන්නේ. සාමාන්‍යයෙන් එදිනෙදා දකින චරිතවලට වඩා වෙනස් චරිතයක් තමයි ‘නුරි’ චරිතය.

ඒ වෙනස ගොඩාක් දැණුණේ ‘නුරි’ කරන විලාසිතාවලින් නේද..?
ඔව්… ‘ෂැඩෝ’ ටෙලිනාට්‍ය වෙනස්ම මාදිලියේ කතාවක් නිසා අපිට කොටට අඳින්න සිදුවුණා. ඉතින් ‘ෂැඩෝ’ ටෙලිනාට්‍ය කණ්ඩායමට උපරිම නිදහස දුන්නා අපේ ඇඳුම් විලාසිතාවට.

එහෙම කොටට ඇඳලා රඟපානකොට ප්‍රේක්‍ෂකයන්ගේ වැඩි ආකර්ෂණයක් ඇති නේද..?
‘ෂැඩෝ’ ටෙලිනාට්‍ය ගොඩදෙනෙක් නරඹනවා. ඒ නිසාම හොඳ ප්‍රතිචාර තියෙනවා. හැබැයි ඉතින් ඔය අතර සංස්කෘතිය පැත්තෙන් බලලා කතා කරන පිරිසකුත් ඉන්නවනේ. ඒ අය වැඩි කැමැත්තක් නැහැ එහෙම අඳිනවට. සාමූහික පැත්තෙන් බැලුවොත් ගොඩදෙනෙක් එහෙම වරදක් කියන්නේ නැහැ. මොකද වර්තමාන සමාජයේ කොටට අඳිනවා කියන එක අමුතු දෙයක් නොවන නිසා.

ඔබ හිටිහැටියේම ‘දෙවනි ඉණිම’ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණේ ඇයි..?
අදටත් මාව ගොඩදෙනෙක් අඳුරන්නේ ‘දෙවනි ඉණිමේ – ටිනා’ ලෙසට තමයි. සමහරු අහනවා ඇයි මම දැන් නැත්තේ, ඉදිරියේදී මොකද වෙන්නේ කියලා විවිධ ප්‍රශ්න අහනවා. ඇත්තටම මම ‘දෙවනි ඉණිමෙන්’ ඉවත් වුණේ මම ගුවන් සේවිකාවක් ලෙසට කටයුතු කරන නිසා. රාජකාරි කටයුතු සඳහා කාලය කළමනාකරණය කරගැනීමට අපහසු නිසා. මම සියලුමදෙනා සමග සුහදව කතාබහ කරලා ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණා.

පියුමාලි ඉදිරියේදී අඩනිරුවත් චරිත එහෙම රඟපෑමට කැමැත්තෙන්ද ඉන්නේ..?
එවැනි චරිත රඟපාන අයට මම දොස් කියන්නේ නැහැ. එහෙම චරිත හැමෝටම රඟපාන්න බැහැ. ඉතින් එවැනි චරිතයක් මට රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් මම රඟපාන්නේ නැතිවෙයි. මොකද එවැනි චරිතයකට මට සාධාරණයක් කරන්න අපහසු නිසා.

ඔබේ සැමියා ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු සමග වැඩ කරද්දි ඔබට විශේෂත්වයක් දක්වනව ඇති?
නාලක විතානගේ තමයි මගේ සැමියා. ඔහු තමයි ‘ෂැඩෝ’ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය කරන්නේ. ඇත්තටම ඔහු සුන්දර හදවතක් තියෙන කෙනෙක්. ඔහු සමග නිර්මාණයේදී පවා වැඩ කරන්න හරිම පහසුවක් දැනෙනවා. ඔහු මට කියලා විශේෂයක් කරන්නේ නැහැ. ටෙලිනාට්‍යයේ වැඩ කරන සියලුමදෙනාට උපරිම සහායක් දෙනවා. ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී ඔහු මාව දිරිගන්වන්න උත්සාහ කරමින් මගේ සෙවණැල්ල වගේ මගේ ළඟින් ඉන්න එකම මට ලොකු ශක්තියක්.

කුඩා කාලයේ ඉඳලම තිබුණු ආශාවක්ද මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්න..?
එහෙම ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අවස්ථාවක් ලැබුණොත් කරනවා කියලා හිතාගෙන තමයි හිටියේ. හැබැයි දැන්නම් බලාපොරොත්තුවක් තියෙනවා රාජකාරි කටයුතුවලට බාධාවක් නොවන විදියට කරන්න.

රැකියාව එක්ක රංගන කටයුතු කරගෙන යෑමට පුළුවන්ද..?
එහෙම ප්‍රශ්නයක් නැහැ. ආයතනයේ නීති-රීතිවලට අනුව වැඩකරගෙන යනවා. ආයතනයෙන් පවා ලොකු සහායක් ලැබෙනවා.

මේ වන විට රටවල් කීයකට විතර ගිහින් තියෙනවද..?
හැම රටකටම වගේ ගිහින් සුන්දර තැන් බලලා තියෙනවා.

හිතපු තරම් සුන්දරද කලාව..?
හැම දෙයක්ම හොඳ විදියට දකිනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න නැතුවාමත් නෙවෙයි. හැබැයි ඒ සියල්ලටම සිනහමුවින් මුහුණ දුන්නාම සුන්දර කලාවක් ලෙසට දකින්න පුළුවන්.

-වසන්ත විතාරණගේ

Share90Tweet56SendShare22
Previous Post

පී.බී.ගේ ගෙදර යාමත් එක්ක ‌ලේකම්වරු සෙට් එකකටම මාරුවීම්!

Next Post

සුසිල් 40කින් පස්සට විසිවෙයි!

MORE NEWS

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!
Heart

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!

May 12, 2022
ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!
Heart

ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!

May 12, 2022
ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!
Exclusive

ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!

April 26, 2022
මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!
Exclusive

මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!

April 26, 2022
ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!
Exclusive

ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!

April 18, 2022
මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!
Heart

මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!

April 6, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)
Exclusive

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022

‌ේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට තරුණයන් පිරිසක් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක්...

Read more
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022
පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්! නැත්නම් අපි යනවා! මධ්‍යම කාරක සභාවේදී දැඩි තීන්දුවක් අරන්!

ඇමැතිකම් ගත්ත අය දොට්ට දාන පළමු නිවේදනය මෛත්‍රීපාල නිකුත් කරයි! ඊළග නිවේදනයත් ළඟ එනවා!

May 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net