• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, June 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

නිළිකමට මැදි වුණේ පුංචි කෙල්ලක කාලේ…

June 29, 2021
in Heart
A A
නිළිකමට මැදි වුණේ පුංචි කෙල්ලක කාලේ…

මට සාමාන්‍යයන් අතරද ඉතාම සාමාන්‍ය පෙනුමක් තියෙන්නේ…

රංගනයට ආරූඪ වන්නේ මගේ වටපිටාවේ සිටින සජීවී සැබෑ චරිත තුළින්…

කවදාවත් මම ඇයව කොපි කළේ නැහැ…
චරිතාංග නිළියක් වුණේ මගේ පෙනුම නිසා…

තරුවක් නොවූ, චරිතාංග නිළි කැල අතර අග්‍රගණ්‍ය මට්ටමේ මතක සටහන් තැබූ රංගනවේදිනියන් කිහිප දෙනෙකු වේ නම්, කෞෂල්‍යා ප්‍රනාන්දු ද ඒ අතර එක් අයෙකි. ඒ සඳහා නිදසුන් අවැසි නම්.., දුන්හිඳ අද්දර, බොරදිය පොකුණ සහ අසන්ධිමිත්තා හරිම පහසුවෙන් පෙළගසා ඒ සඳහා දෙන්නට පුළුවන්ය. එපමණක් නොව.., මෑතක සිට ස්වාධීන රූපවාහිනියෙහි විකාශනය ආරම්භ වූ ‘සකර්ම’ තුළින්ද මේ ප්‍රවීණ රංගනවේදිනිය සිය කුසලතාව මනාව ඔප්නංවන්නීය. ඉතින්.., ‘කෞෂල්‍යා ප්‍රනාන්දු’ ගැන තව මොන කතාද? අප ‘මව්රට’ට ඈ කී කතාව ඔබට කියන්නට මේ සූදානම් වන්නේ ඒ හින්දාමය, මේ තරුවක නොව.., රූප රාජනියක නොවූ චරිතාංග නිළියක ගැන කතාවයි.

🔴 ඉතින් කෞෂල්‍යා.., පිළිගන්නවා බොහොම සුහද සිතින් ඔබව ‘මව්රට – හදවත’ට.
ස්තුතියි.., මමත් පිළිගන්නවා සුහද සිතින් ඒ ආරාධනාව.

🔴 ‘සකර්ම’ තුළින් ඔබ නැවැතත් කලඑළි බැහැලා?
රංගනයෙන් මම ඈත්ව හිටියේ නැහැ කවදාවත්… අලුත් වැඩ කිහිපයකට අතගසා තිබුණා. කනගාටුයි කියන්න කොරෝනාව ඒ සියලු උත්සාහයන් අඩපණ කළා.

🔴 අලුත් වැඩ කිහිපයෙන් එකක්වත් කියමුද අපට?
අලුත් වේදිකා නාට්‍යයක් නිම කරමින් සිටියා. ‘සඟ, වෙද, ගොවි, කම්කරු’ යන නමින්. පුහුණුවීම් අවසාන වෙමින් තිබූ කාලයේ එහි වැඩකටයුතු අතරමග නතර වුණා.

🔴 ඔබ ඒ ගැන කලකිරීමකද මේ දිනවල කල් ගෙවන්නේ?
අපොයි නැහැ.., ලෝවාසී සියලුම කලාකරුවනට මුහුණපාන්නට සිදුව තිබෙන අභාග්‍යයක වූ ‘කොරෝනාව’ ගැන කලකිරීමකට පත්වීමෙන් මොන පලක්ද? මේ කටුක විරාමයට අප හැමෝම උපේක්‍ෂාවෙන් මුහුණ දිය යුතුයි.

🔴 ඉඳහිට විතරක් රඟපාන්නේ නිතර පෙනී සිටීම ඔබේ චරිතාංග නිළි වෘත්තියට පටහැනි නිසාද?
එහෙම දෙයක් එතැන නැහැ. මම චරිත තෝරනවා. එහි ප්‍රධානම හේතුව මට සහ ප්‍රේක්‍ෂකයාට වින්දනය ලැබිය හැකි චරිත නිරූපණයන්ට පමණයි මම දායක වන්නේ. අනෙක් හේතූන් අතර මගේ කාර්යබහුල බව විශේෂයි. එකක් මම ගුරුවරියක්. අනෙක ජයවර්ධනපුර විශ්වවිiාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස සේවය කරනවා. තවත් කාරණයක් වන්නේ නාට්‍ය සහ රංගන කලාව පිළිබඳව නවක රංගනවේදීන් හට වැඩමුළු පවත්වනවා. සුවිශේෂීවම සඳහන් කළ යුතුයි, මගේ දරුවන් තවම කුඩායි. රාජකාරි බොහොමයක් අතරතුර දෝලනය වෙලා රංගනයටත් නිතර කාලය දෙන්නට ගියොත් මගේ දරුවන්ට අම්මාගේ සෙනෙහස අහිමි විය හැකියි. ඒ නිසා තිර පිටපත් තෝරා ගැනීමේදී නිතර පරෙස්සම් වෙනවා.

🔴 ඔබ නිළිකමට යොමු වුණේ ඔබේ මව ‘සෝමලතා සුබසිංහ’ වූ හේතුවටද?
අම්මගේ අනුග්‍රහය මත තමයි එය සිදුවූයේ. ඒ වගේම ඇගේ ජාන මා තුළද තිබුණා. හැබැයි රංගවේදිනියක වූයේ මමත් එයට යම් කැමැත්තක සිටි නිසයි. ඒ කැමැත්ත තුළ වූයේ හීනයක් සැබෑකර ගැනීමේ ආශාවක් නම් නෙවෙයි. මගේ හීනය තුළ සිටියේ ගුරුවරියක්. නිළිකමට මැදි වුණේ පුංචි කෙල්ලක කාලේ ඉඳන්ම වේදිකාව මට බොහෝ හුරුව තිබූ නිසයි.

🔴 අම්මා ප්‍රවීණ රංගවේදිනියක වීම, ඔබට හොඳ නිර්මාණකරුවන් සමග ගැටීමේ වාසනාව උදා කළා?
සම්පූර්ණ වැරැදි නිගමනයක්. සෝමලතා සුබසිංහ නම් ප්‍රවීණ රංගවේදිනියගේ දියණිය වීම තුළ මම රංගනයට ප්‍රවිෂ්ට වීම වඩාත් අපහසු කාරණයක් වුණා. අම්මා මට දුන් මුල් උපදෙස වුණේ කරන්නන්වාලේ රංගනයට යොමු වීම කිසිදා නොකරන්න කියලයි. අනෙක ඈ මට කිව්වා… සෝමලතා සුබසිංහගේ දුව ලෙස නොව කෞෂල්‍යා ප්‍රනාන්දු ලෙස රංගනය ජයගන්න කියලා.
ඒ කාලේ දැන් වාගේ නාට්‍ය සහ රංග කලාව සඳහා පන්ති පාඨමාලා තිබුණේ නැහැ. මම වේදිකාව කියෙව්වා. වේදිකාව ශ්‍රවණය කළා. එය නැරැඹුවා. ඒ අතර අම්මා ආරම්භ කොට තිබූ ළමා නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක වුණා. අන්න එතැනදී වේදිකාව තුළ අණසක පතුරුවා සිටි ප්‍රවීණයන්ගෙන් මට ආරාධනා ලැබුණා. ඒ ගමන ඉදිරියට යන විට උසස් නිර්මාණකරුවන් ඇසුරු කිරීමේ වරම තුළ මම හොඳ නිර්මාණ සඳහා දායක වෙමින් වෘත්තීමය වශයෙන් රංගනයට පිවිසුණා.

🔴 වේදිකාව තුළ ප්‍රවීණත්වයට පත් ඔබ පළමුව කැමරාවක් අබියස සිටගත්තේ හඳගමගේ ආරාධනයටයි?
ඔව්… ‘දුන්හිඳ අද්දර’ට මට ආරාධනා කළාට මම අශෝක හඳගමට ස්තුති කරනවා.

🔴 එය ඔබේ විශිෂ්ට රංගනයක්, හඳගම එය අගය කළාද?
නැහැ… ඔහු එය අගය කළේ නැහැ… ඔහු එහෙම කරන කෙනෙක් නෙවෙයි. හැබැයි ඒක හරි නැහැ. මම හිතපු විදිය නෙවෙයි’ කියා ඔහු නොකියන්නේ යම් රූගත කිරීමක් සාර්ථක වූ විට කියලයි මම හිතන්නේ.

🔴 ඔබ රංගනයට මැදිවන්නේ අම්මාගේ රංගන ශෛලියන් තුළින් ගත් යමක් හරහාද?
කවදාවත් මම ඇයව කොපි කළේ නැහැ. හැබැයි ඇයගෙන් උගත් දේ අපමණයි. මම බොහෝ තැන්වල චරිතයනට ආරූඪ වන්නේ මගේ වටපිටාවේ සිටින සජීවී සැබෑ චරිත තුළින්. නිවෙසක මෙහෙකාරියක්, දරුවන් සමග නිතර වෙහෙස වන මවක්… කම්කරු ගැමිලියක්, ඇඟලුම් කම්හලක සේවිකාවක්… වැනි අයගේ හැසිරීම් සහ දිවි රටාවන් මම මට ලැබෙන තිර පිටපත් සඳහා ආභාෂයට ගන්නවා.

🔴 ප්‍රවීණ, දේශීය සහ විදේශීය නිළියන්ගෙන් ඔබ යම් කිසිවක් සියුම්ව සොරාගත් අවස්ථා නැතිද?
තියෙනවා… ඔබ කීවා වාගෙම මම ස්වර්ණා මල්ලවආරච්චි, චාන්දනී සෙනෙවිරත්න සහ මෙරිල් ස්ටී්‍රෆ් වැනි අයගේ රංගන චර්යාවන් තුළින් යම් යම් දෑ උකහා ගත් තැන් තිබෙනවා.
ඒ වාගේම හිටපු උතුරු ඉන්දීය නිළි ‘ස්මිතා පටෙල්’ගේ රංගන ශෛලියටද මම ඉතාම මනාපයි. ඈ මට සුවිශේෂී කෙනෙක්.

🔴 ඒ ඔබ ‘ස්මිතා පටෙල්’ගේ පෙනුමට මඳක් සමාන නිසාද?
ඔබ මට සරදමක් කරනවාද මන්දා… ස්මිතා පටෙල් ඉතාම හැඩකාරයි. කෞෂල්‍යා ප්‍රනාන්දු කියන්නේ සාමාන්‍යයන් අතරද ඉතාම සාමාන්‍ය පෙනුමක් ඇති කෙනෙක්. තරුවක් නොවූ මම චරිතාංග නිළියක වූයේද ඒ පෙනුම නිසයි.

🔴 ඔබ සිටින්නේ ඔබ ගැන පැහැදිලි වැටහීමක?
සත්තකින්ම… මම කවුද… සිටිය යුතු තැන කොතැනද… මට රිසි, නොරිසි දෑ මොනවාද යන්න මම හොඳින්ම දන්නවා.
– දමයන්ති රේණුකා ප්‍රනාන්දු

Share51Tweet32SendShare13
Previous Post

තුන්කට්ටුව ලංකාවට එයි! මීගමුවේ හෝටලයකට අරන් යයි!!

Next Post

කොරෝනා එක්ක නොබියව සටන් වැදුණු පත්තරකාරියකගේ හෘදය සාක්ෂිය!

MORE NEWS

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!
Heart

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!

June 22, 2022
‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!
Heart

‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!

June 22, 2022
ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!
Heart

ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!

June 8, 2022
අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ!  මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!
Heart

අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ! මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!

June 8, 2022
තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!
Heart

තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!

June 2, 2022
මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)
Exclusive

සජබෙ අද රැස්වෙයි! පොහොට්ටුවයි රනිලුයි ඇරෙන්න සියලු පක්ෂ කැදවන්න සජිත් තීන්දු කරයි! වැටුණු රට ගොඩගන්න දැවැන්ත වැඩපිළිවෙළකට යන්න සූදානම්!

June 28, 2022

අද පෙරවරුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම විපක්ෂනායක සජිත්‌ ප්‍රේමදාස මහතාගේ...

Read more
හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

June 28, 2022
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුව ETI ඇතුලු මූල්‍ය ආයතන 5ක ලයිසන් කැන්සල් කරයි! ඈවර කරන්නත් තීන්දුවක් ගනී!

June 28, 2022
රනිල්ගේ අගමැති ප්ලාන්ට් එක! හතරවතාවක් අගමැති වෙලා කරපු දේ ගැන, මහ බැංකු කොල්ලය ගැන, මරික්කාර් හැංගි හැංගි නැතිව එලිපිට උත්තර දෙයි!

ගෑස් අර්බූදයක් හදලා හදිසි මිලදී ගැනීම් කියලා මහා ගැහිල්ලක් ගහලා! මෙන්න ගණන් මිනුම් එක්ක දින වකාවානු එක්ක ගහපු ගැහිල්ල මරික්කාර් රටටම හෙළිකරයි! (VIDEO)

June 28, 2022
රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

සජබෙ අද රැස්වෙයි! පොහොට්ටුවයි රනිලුයි ඇරෙන්න සියලු පක්ෂ කැදවන්න සජිත් තීන්දු කරයි! වැටුණු රට ගොඩගන්න දැවැන්ත වැඩපිළිවෙළකට යන්න සූදානම්!

June 28, 2022
හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

හිරුණිකා කාන්තාවන් දෙන්නෙක් එක්ක කොටුවට ගියාම පොලිසිය කලබල වෙයි! ජනාධිපති මන්දිරය පැත්තට යන්න බැරි වෙන්න බැරියර් දාලා පාර වහයි! (VIDEO)

June 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net