• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Thursday, May 19, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

මම චරිතවල දිග, පළල මනින්නේ නැහැ…

November 16, 2021
in Heart
A A
මම චරිතවල දිග, පළල මනින්නේ නැහැ…

මට තියෙන්නේ චරිත පිපාසයක්…
මම කරපු දේවල් හොඳනම් මට ඒ ඇති…

සෝමරත්න දිසානායක අධ්‍යක්‍ෂණය කළ ‘බිංදු’ චිත්‍රපටයේ ‘මුතු’ චරිත නිරූපණය කරමින් සිනමාවට පිවිසුණු ඒ පුංචි කොලුගැටයා දැන් ලොකු ඉලන්දාරියෙක් වෙලා. සිනමාවේ විතරක් නෙවෙයි දැන් ඔහුට ටෙලිනාට්‍ය ගණනාවකම සුවිශේෂි චරිත නිරූපණය කිරීමටද වාසනාව හිමිවෙලා එදා ඔබට සමීපවුණු ඒ ‘මුතු’ මේ දිනවල විකාශය වන ‘පාරදිගේ’ ටෙලිනාට්‍යයේ ‘අබියා’ චරිතය නිරූපණය කරමින් ඔබට සමීපවෙනවා. ඉතින් අපි සචින් චතුරංග සමග ආ ගිය තොරතුරු කතා කළා…

සචින් ඔබ දැන් ජනප්‍රිය රංගන ශිල්පියෙක්. අපි කැමැතියි ඔබ ‘බිංදු’ චිත්‍රපටයේ නිරූපණය කළ ‘මුතු’ චරිතය ගැන මුලින්ම කතා කරන්න?
‘මුතු’ චරිතය මම රඟපාන කොට මට වයස අවුරුදු දහයක් විතර ඇති. මගේ අයියා තමයි ‘සූරිය අරණ’ චිත්‍රපටයේ ‘පොඩි හාමුදුරුවන්’ගේ චරිතය රඟපෑවේ. ‘බිංදු’ චිත්‍රපටයට මම සම්බන්ධ වුණේ සම්මුඛ පරීක්‍ෂණයකට සහභාගි වෙලා. මම ඒ අවස්ථාවේදීවත් මගේ අයියා ගැන කිවුවේ නැහැ. ඉතින් මාව ‘බිංදු’ චිත්‍රපටයට තෝරාගත් සෝමරත්න දිසානායක මාමාටත්, රේණුකා බාලසූරිය නැන්දාටත් මම විශේෂ ස්තුතිය පුදකරනවා. ඉන්පසුව බඹර වළල්ල, සිරිපැරකුම්, පුංචි අපිත් බය නැහැ, තණ්හා රති රඟා වැනි සුවිශේෂී චිත්‍රපට කිහිපයකම චරිත නිරූපණය කළා.

අද ඔබව ගොඩදෙනෙක් දැන හඳුනන්නේ ‘අබියා’ ලෙසටයි. ඒ අවස්ථාව ගැන කතා කළොත්?
‘පාරදිගේ’ ටෙලිනාට්‍යයේ ‘අබියා’ චරිතය නිරූපණය කිරීමට මට ආරාධනා කළේ සද්ධාසූරිය මංගල බණ්ඩාර මාමා. ‘අබියා’ චරිතයට මම ගොඩාක් කැමැතියි. අද සමාජයේ ‘අබියා’ වගේ මිනිසුන් ඕනෑතරම් ඉන්නවා.

‘අබියා’ට ලැබෙන ප්‍රතිචාර කොයි වගේද?
ලංකාවේ විතරක් නෙවෙයි, විදේශීය රටවල ජීවත්වන මගේ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාවගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ‘අබියා’ කියන්නේ ඉතින් තමන්ගේ මිතුරා වෙනුවෙන් පණ වුණත් දෙන කෙනෙක් තමයි.

සචින් සාමාන්‍ය ජීවිතයේදීත් ‘අබියා’ වගේමද?
අනිවාර්යෙන්ම මගේ යාළුවන්ට මම පණ වගේ ආදරය කරනවා. ඔවුන්ගේ දුකේදීත්, සැපේදීත් මම ළඟින්ම ඉන්න කෙනෙක්. මගේ මිතුරන් වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම දේවල් කරනවා.

එහෙම පණ දෙන්න ගිහින් සචින් අමාරුවේ වැටුණු අවස්ථාත් ඇති..?
මොකද නැත්තේ. ඕනෑ තරම් තියෙනවා. හැබැයි මට ඒ දේවල් මගේ ජීවිතයට අදාළ කරගන්නේ නැහැ. මම කරපු දේවල් හොඳනම් මට ඒ ඇති. ඒ මිනිසුන් ඒ දේවල් තේරුම් ගත් දවසක ‘සමියා’ කියන්නේ කවුද කියලා දැනගනී.

‘පාරදිගේ’ට අමතරව ඔබේ ඉදිරි වැඩකටයුතු කොයි විදියටද සැලසුම් මේ දවස්වල?
බුද්ධික ලොකුකැටිය අධ්‍යක්‍ෂණය කරන ‘අදිසි’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් ඉදිරියේදී කුරුණෑගල අවට සිදුකෙරෙනවා. එයට සම්බන්ධ වීමට තිබෙනවා. තවත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වීමට ආරාධනා ලැබිලා තියෙනවා.

ඔබ දැන් ජනප්‍රිය නළුවෙක්. චරිත තෝරාගැනීමක් කරනවාද?
මට තියෙන්නේ චරිත පිපාසයක්. ඒ නිසා මම චරිතවල දිග, පළල මනින්නේ නැහැ. මට කරන්න පුළුවන්නම් මම ඒ නිර්මාණයට හොඳ සාධාරණයක් කරන්න තමයි බලාපොරොත්තුව.

සචින් කාලෙකට එනවා, ආපහු නැවැත නිර්මාණවල දැකගන්නට නැහැ. මේ ආපු ගමන දිගටම රැඳෙයිද?
මම කාලයක් එක දිගට රඟපාලා ටික කාලයක් නිර්මාණ සඳහා සම්බන්ධ වුණේ නැහැ. ඒ වෙන කිසි හේතුවක් නිසා නෙවෙයි. මගේ අධ්‍යාපන කටයුතු නිසා. රඟපෑමෙන් ටිකක් ඈත් වෙලා හිටියා. නැවැත මම අවුරුදු හතරකට විතර පස්සේ තමයි ‘දෙවන ඉනිම’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ.

ආපු ගමනත් එක්ක අතීතය ගැන මතක් වෙද්දි ඔබට මොකද හිතෙන්නේ?
මගේ වාසනාව සහ දක්‍ෂතාවය මත මම දුරගමනක් ඇවිත් ඉන්නවා. මේ වන විට මම ප්‍රවීණ ශිල්පීන් රැසක් සමග එකට රඟපාලා තියෙනවා. ගොඩාක් දේවල් ඔවුන්ගෙන් මට ඉගෙනගන්න ලැබුණා. ගොඩාක් සතුටුයි මට අද.

-වසන්ත විතාරණගේ

Share54Tweet34SendShare14
Previous Post

ලැජ්ජයි! මෙහෙම උද්ඝෝෂණ තව දෙක තුනක් කළා නම් සජිත්ට විපක්ෂනායකකමත් නැති වෙනවා! (VIDEO)

Next Post

කොරෝනාව රටම ගිලගනිද්දී මාස්ක් එකක්වත් ‌දාන්නේ නැති ලංකාවේ එකම ගම! ‌හේතුව දේව බැල්මද – සිංහල වෙදකමද?

MORE NEWS

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!
Heart

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!

May 12, 2022
ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!
Heart

ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!

May 12, 2022
ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!
Exclusive

ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!

April 26, 2022
මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!
Exclusive

මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!

April 26, 2022
ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!
Exclusive

ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!

April 18, 2022
මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!
Heart

මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!

April 6, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!
Exclusive

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!

May 19, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක්...

Read more
අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)

අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)

May 19, 2022
පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු කෝටි ප්‍රකෝටි ගණන්වලට විකිණෙනවා කියද්දී අසරණ මිනිස්සු තෙල් ගෑස් ඉල්ලා පාරවල් මැද කෑගසයි ! (VIDEO)

අදත් තෙලෙන් රටම රත්වෙයි! දෙහිවලින්-මාදිවෙලින්-මාලිගාවත්තෙන් පාර වැහෙයි!

May 19, 2022
මෙන්න ආණ්ඩුවේ අලුත් සංස්කෘතිය! පුංචි දරුවො තෙල් පෝලිමේ නිදි! පාරෙ වාහන තල්ලු කරනවා! ත්‍රීවීල් ඇතුළෙ ඉස්කෝලෙ වැඩ කරනවා! මීට කලින් කවදා හරි මේවා දැකලා තිබුණාද? (PHOTOS)

මෙන්න ආණ්ඩුවේ අලුත් සංස්කෘතිය! පුංචි දරුවො තෙල් පෝලිමේ නිදි! පාරෙ වාහන තල්ලු කරනවා! ත්‍රීවීල් ඇතුළෙ ඉස්කෝලෙ වැඩ කරනවා! මීට කලින් කවදා හරි මේවා දැකලා තිබුණාද? (PHOTOS)

May 19, 2022
ඉවසීම නිවටකමක් නෙමෙයි! ‌අපේ ආරක්ෂාව අපි සලසගන්නවා! පොහොට්ටු ඇමැති කියයි! (VIDEO)

අදත් කොහොමවත් පෙට්‍රල් දෙන්න බෑ! පෝලිම්වල ඉන්න එපා! කියන දේ අහලා ගෙදර යන්න! රටට තෙල් දෙන වගකීම තියෙන ඇමැති රටටම දැනුම් දෙයි! (VIDEO)

May 19, 2022
අලුත් එක්කෙනා ඊට හපන්! අපි තාමත් මහ පාරේ! පැලවත්තේ මහ පාරේ ඉඳන් මිනිස්සු කියන කතා! (VIDEO)

ගෑස් අවුල තව මාස එකහමාරක්ම ඔහොම තමයි! ලිට්‍රෝ සමාගම අද උදේම නිවේදනය කරයි! ඩොලර් නැති නිසා තායි ගෑස් එන එකත් කල් යයි! සිස්ටම් චේන්ජ්! දරවලින් දැන් තියාම උයන්න පුරුදු වෙන්න!

May 19, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!

ජනාධිපතිවරයා පූර්ණ බලතල සහිත කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් පත්කරයි!

May 19, 2022
අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)

අර්බූදයෙන් පසු ජනපති පළමු උත්සවයට සහභාගී වෙයි! රණවිරු සැමරුමට එක්වෙන්න බත්තරමුල්ල රණවිරු ස්මාරකය ළඟට එයි! (PHOTOS)

May 19, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net