• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Wednesday, May 18, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

මං කරන්නේ මේන් රෝල් එක.. යොහානි ලෝකෙම අල්ලද්දි ටාෂියා පාකිස්තානේ වැඩ අල්ලයි…

November 30, 2021
in Heart
A A
මං කරන්නේ මේන් රෝල් එක.. යොහානි ලෝකෙම අල්ලද්දි ටාෂියා පාකිස්තානේ වැඩ අල්ලයි…

පුදුමාකාර සතුටකින් ඉන්නේ…

මැණිකේ ගීතයෙන් ලොවක් වසඟකළ යොහානි ද සිල්වා ගෙන් පසුව තවත් සුබ ආරංචියක් අපිට මේ දවස්වල අහන්නට ලැබෙනවා. ඒ නව පරපුරේ දක්‍ෂ රංග ශිල්පිනියක් වන ටාෂියා කාලිදාසට පාකිස්තානයේ ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට අවස්ථාව ලැබීමත් එක්ක. ඒ සියලුම වැඩකටයුතු අවසන් කර ඇය පසුගියදා ලංකාවට පැමිණියා. ඉතින් ඇයගේ නාමයත් ජාත්‍යන්තරයට එකතු වෙන උණුසුමත් එක්කම ඇයගේ ඉදිරි ගමනට සුබපැතුම් එකතු කරමින් ටාෂි සමග ඒ නිර්මාණය ගැන වැඩි විස්තර අපි කතා කළා…

ටාෂි ජාත්‍යන්තරයට යන්න සූදානමින් සිටින බව ආරංචියක් පැතිරෙනවා. ඇත්තද මේ කතාව?
සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්.

ඉතින් අපටත් කියන්න මේ පැතිරෙන කතාවේ සුලමුල?
මම මාස තුනක් විතර පාකිස්තානයේ හිටියේ. එහෙ මිනි සීරියස් ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපෑමට මට අවස්ථාව ලැබුණා. ඒ වැඩකටයුතු අවසන් කරලා පසුගිය දහඅටවැනිදා තමයි මම ලංකාවට ආවේ. ඒ ඇවිල්ලා ඒ ගැන මම ඉස්සෙල්ලාම විස්තර ටික දෙන්නෙත් ‘මව්රට’ ජාතික පුවත්පතට. සතුටුයි මට ඒ ගැන කියන්න අවස්ථාව ලබාදෙන එකට.

ඔබට කොහොමද පාකිස්තානයේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ?
ශ්‍රී ලංකා යුද හමුදාවෙන් තමයි මට ආරාධනාවක් ලැබුණේ මෙහෙම ටෙලිනාට්‍යයක් කරනවා එයට අයැදුම් කරන්න කියලා. ඔය විදියට ඉතින් මම විස්තර දැනගෙන අයැදුම්පතක් දැම්මා. පාකිස්තානයේ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ නබිත් ඩෙක් පසුව මට කතා කළා. පසුව තමයි මාව ඒ චරිතයට තෝරා ගත්තේ (Sinf-e-Aahan) අයෝම ගැහැනිය එහි අදහස. ඒ නිර්මාණයේ පුහුණුවන යුද සෙබළියකගේ චරිතයක් තමයි මම රඟපාන්නේ. ලංකාවෙන් ඒ ටෙලිනාට්‍යයේ රඟපාන්නේ මම විතරයි.

ඉතින් ජාත්‍යන්තරයේ ජයගත්ත ශිල්පීන් සමග එකට රඟපාන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන නම් කියන්න වචන නැහැ. පුදුමාකාර සතුටක් තියෙන්නේ.

‘කොවිඞ්’ ප්‍රශ්නයත් එක්ක අවදානමක් තිබුණේ නැද්ද ඒ ප්‍රදේශයේ?
පාකිස්තානයේ ඇබටාක්ඩි නගරයේ තමයි සම්පූර්ණ රූගත කිරීම සිදුකළේ. හමුදා කඳවුරක් ඇතුළේ. ඒ නගරයේ ‘කොවිඞ්’ ප්‍රශ්න නැහැ. අඩු තරමේ මුඛ ආවරණයක්වත් දාන්නේ නැහැ. මට තිබුණු බය ‘කොවිඞ්’ ප්‍රශ්නත් එක්ක ලංකාවෙන් යන්න පුළුවන් වෙයිද කියලා තමයි හිතහිතා හිටියේ.

විදේශීය ශිල්පීන් සමග ගත්ත අත්දැකීම කොයි වගේද?
ලංකාවට වඩා ඉතින් කලා නිර්මාණ අතරින් තවත් දියුණු රටක්. ඒ නිසා එහිදී නිර්මාණ කරන විදිය අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. මම එහෙට ගියාට පස්සේ පුහුණුවක් දුන්නා පැරිෂුට්වල යන්න, වෙඩි තියන්න එහෙම.

භාෂා ප්‍රශ්නයත් මතුවෙන්න ඇති නේද ඔබට?
එහෙම ප්‍රශ්නයක් නම් තිබුණා. නමුත් මාස ගානක් ඒ ශිල්පීන් සමග කටයුතු කරපු නිසා මම භාෂාව පවා පුරුදු පුහුණු වුණා. පස්සේ ඉතින් ඔවුන් කියන විදියට මට සාර්ථක රංගනයක් නිදහසේ කරන්න පුළුවන් වුණා.

ලංකාවෙ ප්‍රේක්‍ෂකයන්ටත් මෙය දැකබලා ගන්න අවස්ථාව උදාවෙයිද?
ඔව්… ඒ අය පවසපු විදියට ඉදිරියේදී ලංකාවෙත් ඒ නිර්මාණය සියලුම ජනතාවට නැරැඹීමට ඉඩකඩ ලැබේවි.

පාකිස්තානයේ ටෙලිනාට්‍ය නිසාමද ඔබ අතරමගදී ‘චලෝ’ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණේ?
කෙටියෙන්ම පැවැසුවොත් අතරමගදී මට ‘චලෝ’ ටෙලිනාට්‍යයෙන් ඉවත් වෙන්න සිද්ධ වුණේ ඒ නිසා තමයි.

-වසන්ත විතාරණගේ

Share103Tweet64SendShare26
Previous Post

ආණ්ඩුවේ ඇමැති කෙනෙක් කියනවා මේ ආණ්ඩුවේ හොරු නැහැල්ලු! අහලා බලන්න කව්ද මේක කියන්නෙ කියලා! (VIDEO)

Next Post

කොවිඩ් එන්නත්වලින් හොරා කාලා! නෑ සභාපතිතුමනි හොරා කෑවේ නෑ! මෙයාට මඩ ගහන්න දෙන්න එපා! මේ හරක් ටික පාලනය කරන්න! (VIDEO)

MORE NEWS

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!
Heart

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!

May 12, 2022
ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!
Heart

ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!

May 12, 2022
ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!
Exclusive

ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!

April 26, 2022
මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!
Exclusive

මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!

April 26, 2022
ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!
Exclusive

ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!

April 18, 2022
මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!
Heart

මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!

April 6, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!
Exclusive

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

May 18, 2022

කුලියාපිටිය නගර සභාවේ උපසභාපති ෂෙල්ටන් වනසිංහ මහතා (එජාප) සිය ධුරයෙන් ඉල්ලා...

Read more
තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

May 18, 2022
පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධයි ඩී. වීරසිංහයි පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ෆෝන් පැහැරගැනීම ගැන මාධ්‍ය සංගමය කතානායකට පැමිණිලි කරයි!

පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධයි ඩී. වීරසිංහයි පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ෆෝන් පැහැරගැනීම ගැන මාධ්‍ය සංගමය කතානායකට පැමිණිලි කරයි!

May 18, 2022
අරහෙන් මෙහෙන් ඩොලර් එනවා කියපු අය මේ වීඩියෝ එක බලන්න! ලංකාව අද ණය ගෙවන්න බැරි තත්ත්වයට පත්වෙනවා! සල්ලි ගෙවන්නේ කොහොමද? කකුලෙන් අදින්න නෙමෙයි අහන්නේ! හර්ෂ අහපු ප්‍රශ්නෙට රනිල් උත්තර නොදී පැන යයි! අලි සබ්‍රි මැද්දට පැනලා ඇත්තම කතාව කියයි! (VIDEO)

ලසන්ත වික්‍රමතුංග විකුණගෙන කාපු මේ රටේ මාධ්‍යවලට මේවා පේන්නේ නෑ! අන්න ලසන්ත ගැන හේග් නුවර නඩුව අහනවා! ඝාතනය ගැන විමර්ශන කරලා රටින් පිටවුණු IP නිශාන්ත සිල්වා මිග් ගනුදෙනුව ගැන සාක්ෂි දෙනවා! පුලුවන් නම් ඒවත් මාධ්‍යවල දාන්න!

උද්ඝෝෂණය මැද්දට ආයුධ ගත් යුනිෆෝම්කාරයො එව්වේ කව්ද? කව්ද දැන් මුදල් ඇමැති! පැන්ඩෝරා සල්ලිවලට මොකද කරන්නේ? සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! (VIDEO)

සජිත් පාර්ලිමේන්තුව හෙල්ලෙන කතාවක් කරයි! රනිල්ගේ අලුත් සංස්කෘතියේ සලුපිළි එකින් එක ගලවයි! රාජපක්ෂලාගේ ප්‍රචණ්ඩත්වය රටටම පෙන්වයි! මිනිස්සු දුක් විඳින හැටි කතා කරයි! ආසයි බයයි නෙමෙයි ලැජ්ජාවයි බයයි තිබිය යුතු බව අවධාරණය කරයි! අනිවාර්යයෙන් කතාව අහලා බලන්න! (VIDEO)

May 18, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

May 18, 2022
තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

May 18, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net