• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

මට කිසිම තරඟයක් නැහැ! මගේ ගමන යන්නේ තනියම!

February 23, 2022
in Heart
A A
මට කිසිම තරඟයක් නැහැ! මගේ ගමන යන්නේ තනියම!

රේස් එක තියෙන්නෙ මාත් එක්කමයි…
වැඩිහිටියන්ට පමණයි ද කොමඩි ද වාණිජ ද කලාත්මක ද කියන එක අදාළ නැහැ…
මම අදටත් කොටු වෙලා නැහැ…
හමුදාවේ හිටියා නම් ලබන අවුරුද්දට අවුරුදු විස්සක්…

පුංචි තිරයේ මෙන්ම සිනමාවෙහි ද ලැබෙන සෑම චරිතයකින්ම ස්වකීය රංගන පෞරුෂය නැවත නැවතත් තහවුරු කළ ඔහු, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ය(Isuru Lokuhettiarachchi). ඔහුව “ගිනිමල් පොකුරු”‍ හා “කවුරුවත් දන්නේ නැහැ ”‍චිත්‍රපට ඔස්සේ මේ දිනවල දිවයින පුරා පුළුල් තිරයේ දකින්න ලැබෙනවා . මේ ඔහු මව්රට පත්තරේ හදවතට කළ ආමන්ත්‍රණයයි….

මේ දිනවල තිරගත වන “ගිනිමල් පොකුරු” චිත්‍රපටයෙන් කතාව පටන් ගමු..?
උදයකාන්ත වර්ණකුලසූරිය මහතාගේ නවතම සිනමාපටය තමයි ගිනිමල් පොකුරු කියන්නේ. මේ සිනමා නිර්මාණය වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ලංකාවේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කළ චිත්‍රපටයක්. නීතිය හසුරුවන පුද්ගලයෙක් නීතිය භාවිතා කරමින් තම පහත් අරමුණු සාක්ෂාත් කරගන්නා අයුරු තමයි රංග කියන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගේ චරිතය තුළින් නිරූපණය කරන්න තිබුණේ. ලංකාව තුළ මේ වගේ චරිතයකට පණ පොවන එක අභියෝගාත්මක වුණත් ඒ අභියෝගයට මා කරපු කැපවීම තුළින් චරිතයට සාධාරණයක් කරන්නත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන්නත් මට හැකි වෙලා තියෙනවා. ඒ ගැන මට ආඩම්බරයකට එහා ගිය නිහතමානී සතුටක් තමයි තියෙන්නේ.

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රඟපාන්නේ තවත් ජනප්‍රිය වෙන්නද?
මම ටෙලිනාට්‍ය, චිත්‍රපටවල ඕනේ තරම් රඟපාලා තියෙනවා. මේ වෙද්දී චිත්‍රපට 12කට පමණ රංග දායකත්වය ලබා දී තිබෙනවා. සිනමා නිර්මාණ දෙකයි වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිකුත් වුණේ. අනෙක් සියලු‍ චිත්‍රපට එකිනෙකට වෙනස් චරිතයන් ඔස්සේ නිර්මාණය වුණේ. එහෙම කියනවා නම් ඒ කතාව අසත්‍යයක්.

අනාගතයේ දී ඔබ වැඩිහිටියන්ට පමණයි ලේබලයට කොටු වෙයි ද?
මම අදටත් කොටු වෙලා නැහැ. නිදහසේ පියා, රශ්, වැඩ බැරී ටාසන්, පාර්ලිමන්ට් ජෝක්ස්, ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්, කවුරුවත් දන්නේ නැහැ, තිරගත වීමට නියමිත මන්දාරා වගේ සිනමා නිර්මාණයන්හි රංගනයේ යෙදිලා තියෙනවා. රඟපාපු සිනමා නිර්මාණ 15ක් ගත්තොත් පහළොවෙන් දෙකයි වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ රඟපාලා තියෙන්නේ. වැඩිහිටියන්ට පමණයි ද කොමඩි චිත්‍රපටයක් ද වාණිජ ද කලාත්මක ද කියන කුමන පැතිකඩ ඔස්සේ වැඩකරනවා ද කියලා නැහැ. නිර්මාණාත්මක වටිනාකමත් එක්ක මට ලැබෙන චරිතයත් එක්ක ඉන් මගේ රංගන ජීවිතය කෙසේ පෝෂණය වනවා ද එයින් කලාවට වන පෝෂණය කොහොමද යන කාරණා සැලකිල්ලට ගෙන තමයි මම නිර්මාණවල රංගනයෙන් දායක වෙන්නේ.

ඉසුරුට, ලැබෙන හැම චරිතයක්ම බාර ගන්නේ නැහැ නේද?
මම හිතන්නේ නැහැ වෘත්තීයමය රංගන ශිල්පියෙක් විදිහට හැම චරිතයක්ම බාර ගත්තා නම් මෙතනට එන්න ලැබේවි කියලා. මම ලැබෙන හැම චරිතයක්ම භාරගන්නේ නැහැ. නමුත් ලැබෙන හොඳ නිර්මාණයක්ම චරිතයක්ම මම කිසිමවිටක දී මඟ හරින්නේ නැහැ.

එකිනෙකට වෙනස් චරිත සමගින් ප්‍රේක්ෂකයන් අතරට එන්නේ ඔබ වෙනස් චරිතයන් තෝරා ගන්නා නිසාද?
පැහැදිලිවම. සාමාන්‍යයෙන් එක චරිතයක් නිරූපණය කළාම ඒ හා සමාන චරිතවලට ආරාධනා ලැබෙන්න පුළුවන්. නමුත් රංගන ශිල්පියා හෝ ශිල්පිනිය ඒ දේවල් කළමනාකරණය කරගෙන තමන් ඒ අවස්ථාවලදී ඒ චරිතයන් නොකර සිටින්න උත්සාහ ගත යුතුය.

ප්‍රථම සිනමා අත්දැකීම ගැනත් මතක් කරමු?
එරංග සේනාරත්න මහතා අධ්‍යක්ෂණය කළ සදිස්නා කියන චිත්‍රපටය තමයි ප්‍රථම සිනමා අත්දැකීම වුණේ. නමුත් එය තිරගත වුණේ නැහැ. ප්‍රථමයෙන් තිරගත වුණ චිත්‍රපටය තමයි සුදේශ් වසන්ත පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ රන්සයුර සිනමාපටය.

මේ දවස්වල ටෙලි නිර්මාණ කටයුතු කොහොමද?
සිහින ගෙනෙනා කුමාරියේ නාට්‍ය හිරු ටීවී නාලිකාවේ සති අන්තයේ විකාශය වෙනවා. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ නවතම ටෙලි නිර්මාණය “නන්නත්තාර”‍. නාට්‍යයේ රූපගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.

යුද හමුදාව අතහැරලා ආවේ රඟපාන්න තිබුණ ආසාව නිසා ද?
රඟපාන්න තිබුණ ආසාව නිසා තමයි හමුදාවෙන් ඉවත් වුණේ. ඒක මගේ දෛවය වෙන්න ඇති. යුද හමුදාවේ හිටියා නම් මේ යුද හමුදාවේ සේවය කරන 19 වන අවුරුද්ද. එහෙම වුණා නම් අවුරුදු 20ක සේවය සම්පූර්ණ කරලා ලබන 2023 අවුරුද්දේ දී යුද හමුදා නිලධාරියෙක් විදිහට විශ්‍රාම යන්නත් තිබුණා.

දැන් ඒ ගැන පසු තැවීමක් තියෙනවා ද?
ඇත්තටම රංගන ශිල්පියෙක් වීම සම්බන්ධයෙන් මම සියයට සියයක්ම තෘප්තිමත් වෙනවා. කිසිම පසුතැවීමක් නැහැ. ඒ වගේම යුද හමුදාවේ සේවය කළ නිලධාරියෙක් වීම ගැන මම ආඩම්බර වෙනවා විතරක් නෙවෙයි හිස නමලා යුද හමුදාවට අදටත් මම ආචාර කරනවා.

රටේ ජනප්‍රියත්වයට පත්වෙයි කියලා කවදා හරි හිතුවද?
ඇත්ත වශයෙන්ම එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. සුළු චරිතවලට පණපොවපු මම අද වෙද්දී ප්‍රධාන චරිත නිරූපණයට තරම් සුදුසුකම් ලැබීම තුළ නිහතමානී සතුටක් නැතුවාම නෙමෙයි. එක රැයෙන් ජනප්‍රියත්වයට පත් වෙනවාට වඩා බිංදුවෙන් පටන් ගෙන පියවරෙන් පියවර රංගන ජීවිතය ගොඩනගාගත් එක ගැන ආපස්සට හැරිලා බලද්‍දී ලොකු සතුටක් තියෙනවා.

මේ ක්ෂේත්‍රයේ ඔබට අභියෝගක් වුණු අයෙක් ඉන්නවාද ?
මට මේ කලා ක්ෂේත්‍රය තුළ කිසිම තරගයක් නෑ. මගේ ගමන යන්නේ තනියම මගෙ හැකියාවන් හා දක්ෂතාවන් එක්ක. ඒ නිසා මේ රේස් එක තියෙන්නේ මාත් සමගමයි. රේස් එක දිනන්න ඕනි මම මගේ ජීවිතයේ අප්ඬේට් එක තුළින් කියන එක තමා මගේ අදහස. ඒ නිසා මගෙ ලොකුම තරගකරුවා, අභියෝගය විදිහට මම සලකන්නේ මා තුළ ඉන්න ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන ප්‍රතිරූපය.

කෙනෙක් ඔබට කිව්වොත් ඔබේ හඬ විජය කුමාරතුංග වගේ කියලා…?
(සිනහවක් සමගින්) කුඩා කළ පටන් මා ආදරය කළ, ගෞරව කළ අනර්ඝ ‍රංගදරයෙක් ලෙස විජය කුමාරතුංග මහතා හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔහුට තිබූ කැමත්ත නිසා ඔහුගේ හඬ අනුගමනය කරමින් ඔහු වගේ සිංදු කියන්න, කතා කරන්න පොඩි උත්සාහයන් දැරූවා. නමුත් මා විශ්වාස කරනවා මාගේ හඬ එතුමන්ට සමාන නැහැ කියලා. මොකද එතුමන්ව කිසි අයෙකුට අනුකරණය කිරීමේ මට්ටමක නැහැ. එතුමන් අපේ සිත්වල සදා අමරණීයයි.

ඔබ ජනප්‍රිය නිළි තරින්දි සමග යුගදිවියට පත් වුණා කියන්නේ ඇත්තද?
(සිනාසෙමින්) එහි සත්‍ය අසත්‍යතාවය කාලයට බාරයි.

අවසාන වශයෙන් මෑතකාලීන සිනමාව ගැනත් අදහසක් දක්වමු.
පවතින කොවිඞ් වසංගත තත්ත්වයත් එක්ක රටේ සියලු‍ම අංශ කඩා වැටීමකට ලක්වෙලා තියෙනවා. ගහක මුල කුණුවෙද්දි මල්, ගෙඩි හට ගන්නේ නැහැනේ. ඒ වගේ මුදුන් මුල කුණුවීම සිනමාවටත් බලපාල තිබෙනවා. කිසියම් පුද්ගලයෙක් විනෝදාස්වාදය ලබාගැනීමට පෙලඹෙන්නේ හොඳට කාලා බීලා ලැබෙන නිදහස් කාලය තුළදීයි. මේ වෙද්දි මිනිස්සු එදාවේල හොයා ගන්නේ කොහොමද කියන ගැටලු‍වට මුහුණපාල තියෙනවා. බඩගින්නත් එක්ක සටන් කරන මිනිස්සු රුපියල් 300ක් දීලා චිත්‍රපටයක් බලනවට වඩා කොහොම හරි පොල් සම්බෝලයි බතුයි කාලා ඉන්න උත්සාහ කරන ආර්ථිකයක් තුළ සිනමා කර්මාන්තය ගොඩගන්න බැහැ. කෙසේ වෙතත් හොඳ නිර්මාණයන් බිහිවුණහොත් මේ ප්‍රශ්න තිබුණත් සිනමා ශාලාවලට මිනිසුන් ගෙන්වා ගන්න පුළුවන්. ඒ වගේම අපේ මිනිස්සු මොළේ පාවිච්චි කරලා මේ රට කරන්න කවුද තෝරා ගන්නේ කියලා තීරණය කළොත් මේ හැමතැනදි ම අපි බුද්ධිමත්ව කටයුතු කළහොත් සිනමාව පමණක් නෙවෙයි මුළු රටම දියුණුවට පත් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා.

-ස්ටෙෆනි කොතලාවල

Share69Tweet43SendShare17
Previous Post

ශානිගෙ ජීවිතේ අවදානම්! ඔහුව ස්වාභාවික ඝාතනයකට තල්ලු කරනවා? විපක්ෂනායක බරපතළ ප්‍රකාශයක් කරයි! (VIDEO)

Next Post

කොළඹ-මාතර බස් එක ඩීසල් නැතිව කළුතර ටවුම මැද නතර වෙයි!

MORE NEWS

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!
Heart

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!

June 22, 2022
‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!
Heart

‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!

June 22, 2022
ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!
Heart

ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!

June 8, 2022
අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ!  මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!
Heart

අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ! මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!

June 8, 2022
තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!
Heart

තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!

June 2, 2022
මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net