• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 22, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

රූපෙන් හඳුනන්නේ නැති වුණාට කතාවෙන් මාව හැමොම දන්නවා…

November 17, 2021
in Heart
A A
රූපෙන් හඳුනන්නේ නැති වුණාට කතාවෙන් මාව හැමොම දන්නවා…

මට තවම හොඳ චරිතයක් ලැබුණේ නෑනේ…

‘පරමි’ගේ ජීවිතයට මොන සැපසම්පත් තිබුණත් වටිනා සම්පතක් ඔහුගේ ජීවිතයට අහිමි වුණා. අම්මාගේ ආදරය තරම් උතුම් වටිනා සම්පතක් ‘පරමි’ට තවත් නැහැ. ඉතින් කාලයත් එක්ක ‘පරමි’ගේ ජීවිතයට නැවත වරක් ඒ ආදරය ‘පරමි’ට හමුවුණා. මෙලෙස ආදරණීය කතාවක් ‘සිත් අහසේ ආදරෙන්’ ටෙලිනාට්‍ය තුළින් අපිට දැකගන්නට පුළුවන්. රටක්ම ආදරය කරන ‘පරමි’ පුංචි පුතාව අපි කාලෙක ඉඳලා හෙව්වා. ඔහු තමයි තෙනුජ දිනස් වීරසූරිය. මේ පුංචි පුතා ජාතික පුවත්පතකට ප්‍රථම වතාවට කතාබහ කරන්නේ ‘මව්රට’ අපි සමගයි.

පුතා දැන් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා නේද?
ඔව්… ගොඩදෙනෙක් මාව රූපයෙන් දැන හඳුනන්නේ නැති වුණාට මගේ හඬින් මම ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා. ‘සිත් අහසේ ආදරෙන්’ ටෙලිනාට්‍යයේ ‘පරමි’ චරිතයට තමයි ඔබ හඬ කවන්නේ. දැන හඳුනන අය නම් මට කතා කරන්නේ ‘පරමි’ කියලා තමයි.

එතකොට පුතාගේ නම…?
තෙනුජ දිහස් වීරසූරිය…

අපි කැමැතියි පුතාගේ ගම්පළාත දැනගන්න?
මම වැලිසර ප්‍රදේශයේ මද්දුමගල තමයි ඉන්නේ.

පුතා ඉගෙනගන්න පාසල මතක් කළොත්?
කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය, මද්දුමගල. මම දැන් දෙක වසරේ තමයි ඉගෙනුම ලබන්නේ.

ඉතින් රටක් දැන හඳුනන ‘පරමි’ පුතා කලාවට සම්බන්ධ වුණේ කොහොම..?
පුංචි තරුත් එක්ක ‘ආයුබෝවන්’ වැඩසටහනට මම අක්ක සමග ගියා. එතකොට මට අවුරුදු තුනක් විතර ඇති. ඉතින් අක්කා සමග ගියපු ගමනෙදි හොඳටම පැහිලා, සිඳු, කෝපිකඬේ වගේ නිර්මාණවලට සම්බන්ධ වුණා.

‘පරමි’ පුතාට තවම ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණේ නැද්ද?
ඒ අවස්ථාව ලැබෙනකම් මම ගොඩාක් ආශාවෙන් ඉන්නේ. මම කැමැතියි දිගටම රඟපාලා හොඳම නළුවා සම්මානයක් ගන්න කවදා හරි. ඒත් ඉතින් තවම මට හොඳ චරිතයක් ලැබුණේ නැහැ.

අපි නිතර දෙවේලේ දකින ‘පරමි’ව පුතාට දැනුණේ කොහොමද?
මම හිතුවේ නැහැ මේ වගේ චරිතයකට මට හඬකැවීම් කරන්න ලැබෙයි කියලා. ‘පරමි’ට ගොඩදෙනෙක් ආදරය කරනවා. ඒත් ඉතින් මගේ රූපය පේන්නේ නැහැනේ. ‘පරමි’ට දැනුණු ඒ දුක, වේදනාව මට දැනුණා වගේ හිතලා මම ඒ විදියට කතාබහ කළා.

පුතාගේ අලුත් වැඩකටයුතු කොහොමද?
තවම ඉතින් පාසල් පටන්ගත්තේ නැහැ මාමේ. ඉතින් මේ දවස්වල ගෙදරට වෙලා සෙල්ලම් කරනවා. ඒ අතර ජාතික රූපවාහිනියේ කාටුන් එකට හඬ කැවීම් සඳහා සම්බන්ධ වෙනවා.

‘පරමි’ පුතාට මේ ගමනට උදවු කළේ කවුද?
මගේ පවුලේ හැමෝම උදවු කරනවා. ආච්චි තමයි මාව නිර්මාණවලට එක්කගෙන යන්නේ. ‘දෙරණ’ නාලිකාවේ ශානි නැන්ද, මදු, දිලුෂි නැන්දලා මට ගොඩාක් උදවු කරනවා. ඒ වගේම ‘හිරු’ රූපවාහිනියේ අනුරුද්දක, සුරංග මාමලා වගේම ප්‍රදීප් මානවඩුගේ මාමත් මතක් කරන්න ඕනෑ. මොකද ප්‍රදීප් මාමා තමයි ‘මව්රට’ පත්තරේට මෙහෙම කතා කරන්න අවස්ථාව සලසලා දුන්නේ. මාව මුලින්ම ‘දෙරණ’ ගුවන්විදුලියට සම්බන්ධ කළ නිශාන්ත දිසානායක මාමාව විශේෂයෙන් මතක් කරනවා. ඔහු නැත්නම් මම අද මෙතන නැහැ.

-වසන්ත විතාරණගේ

Share54Tweet34SendShare14
Previous Post

අගමැතිගෙන් අහුවාම දිනේෂ් උත්තර දෙයි! මරික්කාර් ගෝරිය අදී! අනුරත් මැදිහත් වෙයි! කතානායක අවුල් වෙයි! (VIDEO)

Next Post

වැස්සට විස්සක් බිලි!

MORE NEWS

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!
Heart

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!

May 12, 2022
ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!
Heart

ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!

May 12, 2022
ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!
Exclusive

ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!

April 26, 2022
මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!
Exclusive

මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!

April 26, 2022
ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!
Exclusive

ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!

April 18, 2022
මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!
Heart

මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!

April 6, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!
Exclusive

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

May 22, 2022

ශ්‍රී ලංකාවේ උපන් කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම්...

Read more
මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

May 22, 2022
අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

May 22, 2022
රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

May 22, 2022
අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

May 22, 2022
සභාග ආණ්ඩුත් නෑ! අන්තර්වාර ආණ්ඩුත් නෑ! පොහොට්ටුව විතරයි! ඇමැතිකම් ගැන විමල්ලා වැට උඩ!

දානවා දානවා කියපු 21 සංශෝධනය හෙට කැබිනට් එකට එන්නෙ නෑ! ජනපති වෙන යෝජනාවක් කරයි! EXCLUSIVE

May 22, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

May 22, 2022
මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

May 22, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net