• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

අසරණ කාන්තාවන් වෙනුවෙන් මම පෙනී ඉන්නවා…

July 15, 2021
in Heart
A A
අසරණ කාන්තාවන් වෙනුවෙන් මම පෙනී ඉන්නවා…

තෝරලා බේරලා රඟපාන්න අපි මහා පරිමාණයේ නිර්මාණ කරන රටක් නෙමෙයි…
කොයිතරම් ප්‍රශ්න ආවත් මට දරාගන්න පුළුවන්…

කලා ක්‍ෂේත්‍රයටම අහිංසකාවියක් වෙමින් සරල දිවියකට හැඩහුරුකම්පාන කලා ශිල්පීන් අතර සුවිශේෂී ශිල්පිනියක් ලෙසට ආදරය දිනාගත්තත් ඒ සොඳුරු රුවැත්තිය මනීෂා නාමල්ගම. ඉතින් දිගු කාලයකට පසු අපට ඇය සමග කතාබහ කිරීමට නොහැකි වුණා. ඇය මේ දවස්වල විවේකීව ගෙවන ජීවිතයත් එක්ක කතාබහ කිරීමට ඇයව අපි සම්බන්ධ කරගැනීමට හිතුවේ ඇයගේ කලා දිවියේ අලුත් තොරතුරු ඔබට පැවැසීමටයි.

මේ දවස්වල මනිෂා ගෙදරට වෙලා කාලය ගතකරන බව ආරංචියි?
පසුගිය දවස්වල රටේ තිබුණු වාතාවරණයත් එක්ක මම වැඩිපුරම කාලය ගතකළේ ගෙදරට වෙලා තමයි. හැබැයි මම නිර්මාණවලට සම්බන්ධ නොවී සිටයේ නැහැ. අඩුවෙන් වැඩ බාරගෙන වැඩ කළා. අසංවර වැස්ස, දාම්, දෙවැනි ඉණිම, සකූගේ ලෝකය ටෙලිනාට්‍යවල පසුගිය දවස්වල වැඩ කළා. එයට අමතරව ‘හිරු’ ටෙලි චිත්‍රපටවලට සම්බන්ධ වුණා.

‘සකුගේ ලෝකය’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කරන චරිතය ගැන පැවැසුවොත්?
කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ. අසරණ තත්ත්වයට පත්වුණු කාන්තාවන්ට උදවු කරන්න මම පෙනී සිටිනවා.

සාමාන්‍ය ජීවිතයේදීත් එබ එවැනි සමාජ සත්කාර වෙනුවෙන් කටයුතු කරනවා නේද?
ඔව්… සාමාන්‍ය ජීවිතයේදී මම වැඩිපුර කළේ අසරණ ජනතාව වෙනුවෙන් පිහිටවෙන එක තමයි. මොකද ඔවුන් විඳින දුක, වේදනාව ඒ අවස්ථාවේදී එතැන මම උන්නා නම් කියන සිතුවිලි ආකල්පය මට දැනෙනවා. ඉතින් මම නිරන්තරයෙන්ම ඒ වෙනුවෙන් උදව්පදව් කරනවා. පසුගිය කාලේ පැවැතුණු කොරෝනා වසංගතයත් එක්ක අසරණයට පත් ජනතාවට මමත් තව කලා ක්‍ෂේත්‍රයේ කිහිප දෙනෙකුත් එකතුවෙලා උදව් කළා.

ඔබ තීරණයක් කරලා තිබුණා නේද මෙගා ටෙලිනාට්‍ය සඳහා යොමුවීමට අදහසක් නැහැ කියලා?
ඔව්… එහෙම හිතපු කාලයක් තිබුණා. නමුත් අපේ ක්‍ෂේත්‍රයේ අපි සමග වැඩ කරපු ප්‍රවීණ ශිල්පීන් පවා දැන් මෙගා නිර්මාණවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. අනෙක අපේ මේ පුංචි රටේ එහෙම මහා පරිමාණයෙන් ලොකුවට නිර්මාණ කරන රටක් නෙවේ. ඉතින් අපි මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරන නිසා අපිට නිර්මාණ සඳහා තෝරා බේරා ගැනීමක් නැතුව වැඩ කරන්න සිදුවෙනවා. හැබැයි ඉතින් මට ගැළපෙන චරිතයක් ලැබුණොත් තමයි කරන්නේ.

එහෙම එකදිගට මෙගාවල වැඩ කරන්න ගියාම ප්‍රශ්න මතුවෙන්නේ නැද්ද?
එහෙම ලොකු ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. දින වෙන්කර ගැනීමේ ගැටලු මතුවෙනවා. ඒවා ඉතින් කාලය කළමනාකරණය කරගෙන වැඩ කරනවා.

එදා දැකපු ඒ අහිංසක පෙනුම තවමත් එලෙසම චරිත තුළ රැඳී පවතිනවා නේද?
සාමාන්‍ය ජීවිතයේදීත් මම කාටවත් කරදරයක් නොවී සරලව ජීවත් වෙන කෙනෙක්. අපි වෙනස් වෙන්නේ නැහැ. නමුත් මම කරන චරිත තුළින් රඟපෑමේදී වෙනසක් සිදුවෙනවා.

මෑත කාලයේදී ඔබේ හිතට දැනුණු සුවිශේෂී චරිතයක් ගැන කතා කළොත්?
එහෙම කියලා මම වර්ගීකරණයක් කරන්න කැමැති නැහැ. මම නිරූපණය කරපු හැම චරිතයක්ම මට සුවිශේෂීයි. මට අසාධාරණයක් වුණත්, මොන ප්‍රශ්නයක් මතු වුණත් මම එය දරාගන්න කෙනෙක්. මම මේ ක්‍ෂේත්‍රය ගැන එහෙම විවේචනය කරන්න කැමැති කෙනෙක් නෙවේ. මම ඒ තරමට කලාවට ආදරය කරනවා.

කලාවට තිබෙන බැඳීමත් එක්ක ඔබේම කියලා නිර්මාණයක් කිරීමට සැලැසුමක් නැද්ද?
නිෂ්පාදිකාවක් ලෙසට වැඩ කිරීමට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. හොඳ අධ්‍යක්‍ෂවරයකු යටතේ සමාජයට හොඳ පණිවුඩයක් දෙන්න. නමුත් නිර්මාණයක් කරලා විකාශය කරගන්නේ කොහොමද කියලා සැලැසුමක් හදාගන්න සිදුවෙනවා. එයට සුදුසු කාලයක් එනකම් මම මගබලාගෙන ඉන්නවා.

විවිධ නිර්මාණ හරහා ඔබ විවිධ චරිත නිරූපණය කළා. සාමාන්‍ය ජීවිතය ගෙවන විදිය ගැන කතා කළොත්?
රංගන ජීවිතයට එහා ගිය සරල කාන්තාවක් මම. බිරියක්, ගෘහණියක්, සහෝදරියක්, හිතවතියක්, යෙහෙළියක් ඔය හැම චරිතයකම මම සාමාන්‍ය ජීවිතයේදීත් ජීවත්වෙවී රඟපානවා.

–වසන්ත විතාණගේ

Share83Tweet52SendShare21
Previous Post

අවුරුදු පහළොවේ දැරිය කපිතාන්වරුන් දෙදෙනාම හදුනාගනී!

Next Post

අතිවිශිෂ්ටයි! අපේ හමුදාවට ලෝක සෞඛ්‍යයෙන් සහතිකයක්! (PHOTOS)

MORE NEWS

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!
Heart

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!

June 22, 2022
‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!
Heart

‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!

June 22, 2022
ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!
Heart

ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!

June 8, 2022
අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ!  මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!
Heart

අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ! මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!

June 8, 2022
තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!
Heart

තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!

June 2, 2022
මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...

Read more
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

June 27, 2022
ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net