• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

දැන් රඟපාල විතරක් ජීවත් වෙන්න අමාරුයි! ඒකට හුරු වෙන්න ටික කාලයක් ගියා!

February 15, 2022
in Heart
A A
දැන් රඟපාල විතරක් ජීවත් වෙන්න අමාරුයි! ඒකට හුරු වෙන්න ටික කාලයක් ගියා!

හැම දෙයකටම සල්ලි ඕනේ… හිත් රිද්දන වැඩ නම් කරන්නේ නැහැ…

රංගන ශිල්පිනියන් අතරින් මේ දිනවල නිතර කතාබහට ලක්වන, පුංචි තිරයේ දක්නට ලැබෙන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි චන්දිමා කරුණාදාස (Chandima Karunadasa) කියන්නේ. ඇය සතු රංගන දක්ෂතාව නිසාම ඇය නිරූපණය කළ චරිතයන් ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වුණා. ඒ නිසාම ‘මව්රට’ හාට් මේ සොඳුරු කතාබහ ඇයත් සමගයි….

චන්දිමා මේ දවස්වල ‘පාරදිගේ’ යන ගමන් වැහිල තියෙන පාරවල් වෙනුවට විකල්ප මාර්ග භාවිත කරනවා කියලා ආරංචියි…?
පාර දිගේ යමින් ‘පාර වසා ඇත’ නාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. රංගන ශිල්පිනියක් විදිහට මට ඇත්තටම සතුටුයි. රංගනයෙන් දායක වෙන්න ලැබිල තියෙන වෙනස්ම චරිත දෙකක් නිසා. ඒ නිසා හරිම ආසාවෙන් පාර දිගේ යමින් පාර වසා ඇත නාට්‍යයට සම්බන්ධ වෙලා වැඩකටයුතු කරනවා.

‘පාර දිගේ’ නාට්‍යයේ චණ්ඩි රැජින ‘පාර වසා ඇත’ නාට්‍යයේ අහිංසක කාන්තාවක් බවට පත් වෙනවා….?
ඩාලිං අක්කා කියන්නේ කට සැර තමන්ගේ ආධිපත්‍යය පතුරවන සැමියාවත් යටත් කරගෙන ඉන්න කාන්තාවක්. ඩාලිං අක්කාගේ චරිතයේම අනෙත් පැත්ත තමයි ‘පාර වසා ඇත’ නාට්‍යයේ නිරූපණය කරන්නේ. විවිධ චරිත නිරූපණය කිරීමට ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. රංගන ශිල්පිනියක් විදිහට එය මට හොඳ අත්දැකීමක්. මම ඒ චරිත ද්විත්වය වෙනස්ම විදියකට ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යන්නට පරිස්සම් වෙනවා. එහෙම වුණොත් තමයි චරිතාංගමය විදිහට යම්කිසි දක්ෂතාවයක් පෙන්විය හැකි වෙන්නේ.

චන්දිමා සැබෑ ජීවිතයේ නපුරු, චණ්ඩි අයෙක්ද?
මම කතාබහ අඩු මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. මම නපුරු කෙනෙක්වත් කාටවත් නපුරුකම් කරන කෙනෙක්වත් නෙමෙයි.

ඔබ වේදිකාවට මෙන්ම පුංචි තිරයේදිත් චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරන අයෙක්?
මම හැම වෙලාවේම උත්සාහ කරන්නේ ඒකාකාරී නොවූ චරිතයන් භාරගෙන මගේ යම්කිසි දක්ෂතාවක් තියෙනවා නම් එය මගේ චරිතයන් තුළින් ප්‍රේක්ෂකයන් අතරට පත් කිරීමටයි. වේදිකාවෙන් ලබපු අධ්‍යාපනය එක්ක මම හිතනවා සඳමිණිගේ චරිතය සියලු දෙනාගේ සහයෝගය මත දැනට ගොඩක් හොඳින් නිරූපණය කරන්න ලැබුණා කියලා.

වේදිකාව කියන්නේ ‍රංගන ශිල්පියෙක්ට/ශිල්පිනියක්ට රංගනයයේ තම අඩිතාලම හදාගන්න ලොකු පන්නරයක්?
ඔව්. මම පෞද්ගලිකව එහෙම විශ්වාස කරනවා. වේදිකාව තමයි කෙනෙක්ට හැදෙන්න තියෙන හොඳම තැන කියලා. මොකද වේදිකාව කියන තැනින් හැදෙන කෙනෙක්ට අනිත් මාධ්‍යවල හැසිරෙන එක අපහසු නැහැ. එහිදී අපි ගොඩනගා ගන්නා පුහුණුවීම් හා චරිත, පිටපත් කියවීම් වගේ අප ලබන සෑම පුහුණුවකින්ම හැමදාම ජීවිතයට දෙයක් ඉගෙන ගන්නවා වගේම ඒක රංගනයට ලොකු අභ්‍යාසයක් කියලා මා විශ්වාස කරනවා.

ඔබ වේදිකාවට සමුදීලාද ඉන්නේ…?
මම හැදුණු තැන වේදිකාව. වේදිකාවට තාමත් ආදරෙයි. මගේ දැනට තියෙන වෙලාව වෙන්කර ගැනීමේ ගැටලුව නිසා මේ වෙද්දී වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා නැහැ. ආරාධනා ලැබුණත් සමහර ඒවා භාර ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. වේදිකාවෙන් අයින් වෙන්නේ නැහැ කවදාවත්. මම හැමදාම ආදරේ කරන තැන. මම ඒ ගෞරවය හැමදාමත් වේදිකාවට දෙනවා.

වේදිකාවෙන් පුංචි තිරයට පැමිණීමත් සමග තවත් රසික පිරිසක් එකතු වුණා. කොහොමද චරිතවලට ලැබෙන ප්‍රතිචාර?
සමාජ මාධ්‍ය ඔස්සේත් දුරකතන ඇමතුම් මගිනුත් හැම විදිහකටම ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බෙනවා. සමහර වෙලාවට ෂූටින් ගියාම රසිකයන් අපිව බලන්න එනවා. අපිත් එක්ක කතා කරන්න ආසයි කියලා ෆොටෝස් ගන්නවා. එතකොට ඇත්තටම හරි සතුටුයි.

සිනමා නිර්මාණයන්ට සම්බන්ධ වීමේ අදහසක් නැද්ද?
සිනමාවට ආරාධනා කිහිපයක් ලැබුණා. කාල කළමනාකරණය එක්ක ‍යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වූ නිසා ඒ ආරාධනා භාරගන්න ලැබුණේ නැහැ. අනිවාර්යයෙන්ම සිනමාවටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. මොකද මම සිනමාවට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා නීතිරීති දාගෙන වැඩකරන කෙනෙක් නොවන නිසා.

වෘත්තීය ලෙස රංගනයේ යෙදෙන්නට ඔබේ අදහසක් තියෙනවාද?
දැන් රටේ තියෙන තත්ත්වය එක්ක වෘත්තීය රංගන ශිල්පියෙක් වෙලා ජීවත් වෙන්න අමාරුයි. කොළඹ ජීවත් වෙද්දී අපට වියදම් වැඩියි. හැම දෙයකටම මුදල් අවශ්‍ය වෙනවා. ඒ දේවල් එක්ක අපට හොඳ ආර්ථික පසුබිමක් තියෙන්න ඕනි. වෘත්තීමය රංගන ශිල්පිනියක් වුණොත් ජීවත් වෙන්න පුළුවන්. නමුත් තමන්ට තෝරාබේරා ගැනීමකින් තොරව නිර්මාණයන් භාර ගන්නට සිදුවෙනවා. මම ඒ දෙයට කැමැති නැහැ. මට ලැබෙන චරිතවලින් මට දෙයක් කරන්න පුළුවන් විදිහේ චරිත කරන්න තමයි මම කැමැති. ඒ වගේ සීමාවක ඉඳලා මම රංගනයට එකතු වෙනවා නම් වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්න අමාරුයි.

මේ ක්ෂේත්‍රයේ දක්ෂයාට තැනක් ලැබෙනවා ද?
දක්ෂයාට නිසි තැනක් හම්බවෙන්නේ නැහැ කියන එක කියන්න බැහැ. මේ ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් දක්ෂයෝ. අද ඒ අය ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරගෙන යනවා. යම් තැනකදී එක්කෙනෙක් දෙන්නෙක් මඟ හැරෙන්න පුළුවන්. ඒකට ක්‍රමවේදයක් හැදෙනවා නම් හොඳයි. ඒත් මට එක එල්ලේම කියන්න බැහැ දක්ෂයෝ ක්ෂේත්‍රය තුළ නැහැ ඒ අයට අවස්ථාව හම්බෙන්නේ නැහැ කියලා.

හැමදෙනාටම තම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් තියෙනවා. චන්දිමාගේ මුල්ම හැරවුම් ලක්ෂ්‍යය වුණේ මොකක්ද?
මුල්ම හැරවුම් ලක්ෂ්‍යය තමා උසස් පෙළ සමත් වෙලා කැලණිය විශ්වවිද්‍යාලයට ආපු එක. මගේ ජීවිතයේ තිබූ එකම හීනය විශ්වවිද්‍යාලයට කෙසේ හෝ යනවා කියන එක. ඉතින් ඒ හීනය යථාර්ථයක් වීමත් සමගම මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමෙන් තමයි රංගනය ගැන ප්‍රායෝගිකව හදාරන්න ගත්තේත් වේදිකාව මත රංගනයේ යෙදෙන්නෙත්. මම අද යම්කිසි දක්ෂතාවයක් පෙන්වනවා නම් ඒ ගෞරවය මගේ විශ්වවිද්‍යාලයට හිමිවිය යුතුයි.

බොහෝ දෙනෙක් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීම එක්ක පවුල් ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඔබට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මම විවාහ වෙලා අවුරුදු තුනක් පමණ වෙනවා. මේ වෙනකන් මට ගැටලුකාරී තත්ත්වයන් ඇතිවෙලා නැහැ. හේතුව මගේ සැමියා තමයි මට ඉන්න ලොකුම ශක්තිය. ඔහු තමයි හැම දෙයකටම හෙවණැල්ල වගේ මට ශක්තිය දෙන්නේ.

මේ ආ ගමන ගැන ඔබ තෘප්තිමත් ද?
හරිම දුක් විඳලා ආපු ගමනක්. මොකද විශ්වවිද්‍යාල ජීවිතේ අවුරුදු හතරක් හරිම දුක් කම්කටොලු මැදින් ‍ගලා ගියේ. ඒක නිසා මට හරිම නිහතමානී ආඩම්බරයක් තියෙන්නේ.

ගමක ඉඳන් ඇවිත් කොළඹ ජීවිතයට හැඩගැසෙන්නට අපහසු වුණා නේද?
ගමේ ඉඳන් සරසවි අධ්‍යාපනය ලබන්න ආ මුල් කාලයේ නම් හරිම අමාරුයි. අපි ගම්වල දකින්නේ සරල, හරි නිහතමානී මිනිස්සු. ඒ ලබපු අත්දැකීම් එක්ක කොළඹ පරිසරයේ ජීවත් වන මිනිස් සමාජ ඇසුර සංකීර්ණයි. මට ඒකට හුරු වෙන්න කාලයක් ගතවුණා. සමහර අවස්ථාවන්හිදී අපහසුතාවයට පත්වුණු තැන් තිබුණා. ඒ කිසි දෙයකින් මම ආපස්සට ගියේ නැහැ. ඒ අයගේ හිත් රිදෙන විදිහේ වැඩකරල නැහැ. මගේ හිත රිදෙන තැන් තිබුණත් මම ඔවුන්ගේ හිත් රිදවලා නැහැ. මම ඒක ජීවිතයට අත්දැකීමක් කරගෙන ඉස්සරහට ‍යනවා.

ඉදිරි අනාගත සැලසුම් මොනවද?
මේ වෙද්දී නම් ‘පාර දිගේ’ හා ‘පාර වසා ඇත’ නාට්‍යවල කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී තව නිර්මාණයන් කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් රටේ පවතින කොවිඞ් වසංගත තත්ත්වයත් එක්ක ඒවා මොන විදිහට වෙනස් වෙයිද කියන්න බැහැ.

-ස්ටෙෆනි කොතලාවල

Share110Tweet69SendShare28
Previous Post

දානෙ නෑ… බොන්න වතුර නෑ… ලැබෙන දනත් ගමට බෙදලා දුෂ්කරව දිවිගෙවන බුළුගල ‌සෙනසුනේ හිමිවරුන්ට පිහිටක් වෙමුද?

Next Post

අපි උදේ කියපු කතාව කාදිනල් හිමියන් දහවල් තහවුරු කරයි! වතිකානුව එක්ක පාස්කු ප්‍රහාරය ගැන හෙළිකළ නොහැකි ගනුදෙනුවක!

MORE NEWS

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!
Heart

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!

June 22, 2022
‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!
Heart

‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!

June 22, 2022
ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!
Heart

ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!

June 8, 2022
අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ!  මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!
Heart

අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ! මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!

June 8, 2022
තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!
Heart

තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!

June 2, 2022
මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net