Heart
KGF එන්නත් කලින් ඉතිහාසගත පිම්මක් පනී
Published
2 months agoon

සංජේ හදිසියේ රෝගාතුර වෙයි…
සියල්ල හබක් යැයි විජය තැතිගනී…
‘KGF Chapter-2’ චිත්‍රපටය වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරැඹූ ටේ්රලරය ලෙස ‘අන්තර්ජාලය’ තුළ ඉතිහාසගත වාර්තාවක් තබයි…’
පසුගිය දිනෙක ඉන්දීය විiුත් සහ මුද්‍රිත මාධ්‍ය තුළ වැඩි වශයෙන්ම ආන්දෝලනයට ලක්වූ උණුසුම් පුවත එය විය.
මොකක්ද එතකොට මේ ‘KGF Chapter-2’ කියන්නේ.
කෝටි, ප්‍රකෝටි ගණනක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් එහි ටේ්රලරය නරඹන්නට තරම් එහි ඇති විශේෂය කුමක්ද?
ඇත්තෙන්ම එය අතිවිශේෂය… තවත් අගය කරන්නේ නම් එය ඉතාම සුවිශේෂීය… ‘KGF Chapter-2’ කන්නඩ චිත්‍රපටයකි. තේරුමක් නැතිව හත් අටදෙනා එක පොදියට ගහමරා ගන්නා, ආයෙම පණ උපදවාගෙන විත් නැවැත කඩුවලින් කොටා ගන්නා දකුණු ඉන්දියානු සාම්බාරු චිත්‍රපටවලට වඩා කන්නඩ චිත්‍රපටවල අමුතු ආට් එකක් විය.
උතුරු ඉන්දීය සමහර චිත්‍රපට ගත් කළද එය එලෙසම විය.
පාට පාට ඇඳුම් ඇඳගෙන නටන, නටන සමනලියන් වැනි බෝනිකි නිළියන්ගේ රංගනයන් බොහෝ විට කන්නඩ චිත්‍රපටවල නොවීය.
කන්නඩ චිත්‍රපටවල මාවත්වල දූවිලිය.
තේ කඩවල කළු ගැසුණු කැහුටු මිනිසුන්ගේද අඩුවක් නැත.
රෝස පවුඩර් උලා ලිප්ස්ටික් ගා ග්ලෝසිවලින් දෙතොල හැඩ කළ කෙල්ලනට වඩා කන්නඩ චිත්‍රපටවල වූයේ සාරි පොටෙන් හෝ ෂෝල් එකෙන් දහදිය තෙත මාත්තු කරන ආසියාතික ගැහැණුන්ය.
අන්න ඒ නිසා… ‘කන්නඩ’ චිත්‍රපට බොහෝ තැන්වල උසස්ය. යන නිර්මාණ අතළොස්සට මාට්ටු විය.
බිහිසුණු සිද්ධීන්ගෙන් සමන්විත ‘KGF Chapter-2’ ද එවැනි කන්නඩ චිත්‍රපටයක් විය. දේශපාලනමය අරගල, පවුල් කිහිපයක මත ගැටීම්, කොන්ත්‍රාත් ක්‍රමයට කරන මිනීමැරුම් සමඟ පට්ට චණ්ඩීන්ද ‘KGF Chapter-2’ හී ඇතුළත්ය.
කාලයකට පසු රවීනා තන්ඩන් කදිම චරිතයකට මෙහි පණ පොවා ඇත. ‘KGF Chapter-2’ හී අධ්යක්ෂ සහ තිරනාටක රචක ප්‍රශාන්ත් නීල් 2019 දී චිත්‍රපටය නිර්මාණය කිරීමට පෙරාතුව ‘රවීනා තන්ඩන්’ට කියා තිබුණේ ඉන්දියානු අගමැතිනි ‘රමිකා සෙන්’ගේ චරිතය සඳහා සුදුසුම ඇය බවය. රවීනා චරිතය ප්‍රතික්ෂේප කළා නම් තිරනාටකය යම් විටෙක වෙනස් වීමට ඉඩ තිබූ බව ප්‍රශාන්ත් නීල් මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. ඒ තරමට රවීනා ජීවය දුන් ‘අගමැතිනි රමිකා සෙන්ගේ චරිතය ආකර්ශනීයද?
ආකර්ශණීය බවකට වඩා එහි වන්නේ දුෂ්කර බවකි.
සුපිරි පන්තිය නියෝජනය කරන ප්‍රේක්ෂක පිරිස සේම පීඩිත පන්තිය නියෝජනය කරන ප්‍රේක්ෂක පිරිසද රමිකා සෙන්ගේ රංගනයට තිගැස්සෙන තරමට එය ප්රබලය, සංකීර්ණය..,
සංජය දත්ට ප්‍රශාන්ත් නීල් ආරාධනා කළ හේතුව?
එය කදිම කතාවකි.
අදීරාගේ චරිත වස්තුව ලියන විට ප්‍රශාන්ත්ගේ සිතේ හෝ මනසෙහි සංජේ සිටිය බවක් ඔහු කොතැනක හෝ කියා තිබුණේ නැත.
අදීරාගේ පෙනුම කෙසේ විය යුතු දැයි ප්‍රශාන්ත් යන සෑම තැනකම සෙව්වේය. එය ඔහුට මුණගැසී තිබුණේ සිර දඬුවමකට ලක්වූ මිනිසකුගේ කතාව කියවන විටය. ඒ මිනිසාගේ පෙනුම අලුගෝසුය. නවරියනක් උස හඬ ගැඹුරුය. හිතුවක්කාර ගැහැණුන් ප්‍රිය කරන සිත්කළු හැඩිදැඩි බවක් සමඟ පරිණත පිමි වයසක් අදීරාට තිබිණි.
ප්‍රශාන්ත් නීල් තොලගාමින් සිටි බීම වීදුරුව පසෙහින් තබා මේසයට වැරෙන් පහරක් ගැසුවේ ‘සංජේ දත්’ගේ හිතුවක්කාර රූපකාය ඔහුගේ සිතට පැමිණි නිසාය.
සංජේ අදීරා වූයේ එහෙමය..,
මොස්තර නිරූපිකාවක වූ සැලෝලයිට් තරුවක් ලෙස දිලෙන ශ්රිනිධි ෂෙට්ටිව මීනා දේශායි ලෙස ප්‍රශාන්ත් තෝරා ගන්නා විට ඇතැමුන් කීයේ ශ්රිනිධි ඉතා ‘සුමට කෙල්ලක’ බවය. නමුත් ප්‍රශාන්ත් ඔවුනට කියා තිබුණේ ශ්රිනිධිගේ සිරුර තුළ නිදා සිටින චරිතාංග රංගවේදිනියව ඔහු විනිවිද දුටුබවය. ඒ අපූරු කතාව ශ්රිනිධිට ආරංචි විය. ශ්රිනිධි ‘KGF Chapter-1’ වෙනුවෙන් ගිවිසුම ගැසුවේ චිත්‍රපට 7ක් ප්‍රතික්ෂේප කරමිනි. එනිසා එහි දෙවැනි පිවිසුමද ඇයට හිමි විය.
‘KGF Chapter-2’ රූගත කිරීම්වලදී සංජේදත් තදින් රෝගාතුර වුණාද?
පෙණහළු පිළිකාවක පෙරනිමිති පෙන්වමින් සිටි සංජේ දත් ‘KGF Chapter-2’ හි රූගත කිරීම්වලදී රෝගාතුර විය. ප්‍රතිකාර ගැනීමට බිරිය මනායාන සමඟ සියල්ල නවතා දමා ඇමෙරිකාවට යන්නට තරම්ම ඒ රෝගී බව උත්සන්න විය. ‘සියල්ල හබක් යැයි’ නිෂ්පාදක දෙදෙන වූ විජය කිරගන්දූර් සහ කාර්තික් ගවුබා තැති ගත්තද ප්‍රශාන්ත්ට එහි වගක් නොවීය.
ඔබට ගණනක් නැති හැටි, අපි ලොකු අවදානමක නේද?
යැයි, විජය සහ කාර්තික් ප්‍රශාන්ත්ට වද දෙන විට ප්‍රශාන්ත් කීයේ සංජේ පිළිකාවෙන් මියගියද ඒ මියෙන්නට දවසකට පෙර හෝ පැමිණ සියල්ල අවසන් කරන බවය.
එය එලෙසම සිදුවිණ.
උච්චතම සිදුවීම්වලින් ගහණ වූ ‘KGF Chapter-2’චිත්‍රපටයේ අවසන් ජවනිකා පෙළ රූගත කිරීමට සංජේ පැමිණියේ ඇමෙරිකාවේ සිට ප්‍රතිකාර ලබන අතරතුරය. ප්‍රශාන්ත් ඒ මොහොතේ සංජේව වැළැඳගෙන හැඬූ මොහොතක ඉතාම සංවේදීව තිබූ බව ‘KGF Chapter-2’ චිත්‍රපට දෙපළෙහිම රඟපෑ යාෂ් මාධ්‍යයට කීයේ ‘KGF Chapter-2’ චිත්‍රපට නිර්මාණය ගැන කතාබහක දීය.
සියල්ල හරි අපූරුවට සිදුවුණද 2020 දෙසැම්බරයෙහි ‘KGF Chapter-2’ තිරගත කරන සිහිනය සඵලකර ගැනීමට ප්‍රශාන්ත් නීල්ට නොහැකි විය.
ඒ ලොව බලවතුන්ට පවා හතරගාතේ දමා බිම ඇදවැට්ට වූ ‘කොරෝනා’ නිසාය.
දැන් මොකද වෙන්නේ,
මංමාවත් ඔස්සේ ඉදිකරන්නට තිබෙන අහසට ඉණිමං බඳින කටවුට් සියල්ල දැනටත් සූදානම්ය.
කෝටි සියගණනක් වැය කළ ‘KGF Chapter-2’ චිත්‍රපටය හින්දි බසින්ද අනුවාදනය කොට අවසන්ය.
ඒ සියල්ල අතරතුර ‘යූ-ටියුබ්’ හි කෝටි ප්‍රකෝටි ගණන් අනුගාමිකයන් විසින් වාර්තාගත ලෙස එහි ටේ්රලරය නරඹා ඇත.
නැරෑඹූ ඒ පිරිස අතර, කම්කරු ශ්‍රේණියද විශ්වවිiාල අධ්‍යාපනය ලබන තරුණ පිරිස්ද, ගෘහණියක් සේම සඳළුතලවල වෙසෙන සුපිරි පන්තියේ ප්‍රේක්ෂකයන්ද සිටින බව අනාවරණය විය.
ප්‍රශාන්ත් නීල් සතුටින් ‘woooow’ කියා කෑ ගැසුවාද?
එතරම් පුදුමයක් ප්‍රශාන්ත් තුළ නොවීය.
එහි කිසිදුම පුදුමයක් මට දැනෙන්නේ නැත. හේතුව ‘KGF Chapter-2’ ලියන විට මම සුපිරි ධනවතුන්, කම්කරුවන් සේම සරසවි සිසුන් සහ ගේ-දොර කටයුතු කරන කාන්තාවන්ද ඇසුරු කළෙමි. ඔවුන් කියන කරන දෑ කනට පමණක් නොව මනසට සහ බුද්ධියටද එක්රැස්කර ගතිමි.
දසදහස් ගණන් පැසසුම් තම ට්විටර් ගිණුමට බැරවන විට ප්‍රශාන්ත් තම කෘතඥතාවය සමඟ එම සටහන පිළිකුල් ලෙස එක්කර තිබිණි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
