• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

මල් සුවඳ දිගේ හමා ගිය බස් සින්දු රැල්ල…

September 29, 2021
in Heart
A A
මල් සුවඳ දිගේ හමා ගිය බස් සින්දු රැල්ල…

හැම බස් එකකම හිටියේ අජිත් කිංස්ලි අසංක දමිත් විතරයි…
නියාමනය කරන්න කොමිසමටත් බැරිවෙලා…

පොදු ප්‍රවාහන සේවාවල මුලින්ම සිංදු අහන්න පටන් ගත්තේ කොයි කාලෙද කියලා හොයන එක ටිකක් අමාරු වැඩක්. 90 දශකයේ මැද භාගය වෙද්දිත් බස් රථවල විවිධාකාරයේ සිංදු අහන්න තිබුණා. ඒත් ඒක රැල්ලක් බවට පත් වුණේ 90 දශකයේ අගභාගය වෙද්දි. එහෙම නැත්නම් 2000 වසරෙන් පස්සේ කිව්වත් හරි. සාමාන්‍ය ප්‍රමාණයේ ශබ්ද විකාශන උපකරණයක් වෙනුවට වැඩි ශබ්දයක් සහ විවිධාකාරයේ ශබ්ද සංකලයන් ලබා දෙන උපකරණ බස් රථවලට ආවේ ඒ කාලෙදි.

ඇත්තටම ඒ රැල්ල පටන් ගත්තේ ත්‍රිරෝද රථ හරහා. ඒත් ඒ රැල්ල හරහා සමාජයට වැඩි බලපෑමක් වුණේ බස් රථ හරහා. බස් රථයක් කියන්නේ විශාල පිරිසක් ගමන් කරන වාහනයක්. ඒ තුළ ඉන්න විවිධ පුද්ගලයන්ගේ රසිකත්වය විවිධාකාරයි. නමුත් ඒ සියලු දෙනාටම මහ සද්දෙට අහන්න වෙන්නේ බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර කැමැති ගීත. බස් ගීත රැල්ල බොහෝ දෙනාගේ විවේචනයට හේතු වුණේ මෙන්න මේ හින්දයි.

හැබැයි මේ කාරණයෙත් සුවිශේෂී බවක් තියෙනවා. බස් රථ දෙකක සේවක මඩුල්ලේ රසිකත්වය විවිධාකාර වෙන්න පුළුවන්. ඒත් අපි මේ කතා කරන බස් රැල්ලෙදි සිද්ධ වුණේ ඊට වඩා වෙනස් දෙයක්. සෑම බස් රථයක් තුළදීම එකම ගායක පිරිසකගේ එකම විදියේ ගීත අහන්න ලැබුණු එක තමයි ඒ හරහා සිද්ධ වුණේ. ඒ හින්දා ඒ විදියට පොදු ප්‍රවාහන සේවා තුළ නිරන්තරයෙන් ගීත ප්‍රචාරය වුණු ගායන ශිල්පීන්ව බස් ගායකයන් විදියට හඳුන්වන්නත් ඒ කාලේ බොහෝ දෙනකු පෙලඹුණා.

ඒ වගේම ඒ ගීත මල් සින්දු විදියට හඳුන්වන්නත් බොහෝ දෙනෙක් කැමැති වුණා. ඒ ආකාරයෙන් ජනප්‍රිය වූ ගීත රාශියක් මල් ගැන ලියැවී තිබීම තමයි ඊට හේතුව. ඒත් අද වෙද්දි මේ අර්ථ ගැන්වීම වෙනස් වී තිබෙන ආකාරයකුත් දැක ගන්න පුළුවන්.

මේ ලැයිස්තුවට ඇතුළත් වෙන ගායන ශිල්පීන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ අජිත් මුතුකුමාරණ සහ කිංස්ලි පීරිස්. අජිත් මුතුකුමාරණගේ සුදු අරලියා මල ගීතයේ ඉඳන් තවත් ගීත රාශියක් බස්වල නිරන්තරයෙන්ම අහන්න ලැබුණා. දෙහි මලක් වගේ ගීතයෙන් ජනප්‍රිය වුණු කිංස්ලිගෙත් ගීත රාශියක් බස්රථවල ප්‍රචාරය වුණා.

සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ නායකයා විදියට කලා ලෝකයට අවතීර්ණ වුණු අජිත් මුතුකුමාරණට තිබුණේ ඔහුටම ආවේණික ශෛලියක්. ඔහු නිකුත් කළ පළමු ගීත ඇල්බමය අති විශාල අලෙවියක් වාර්තා කළා. එතැනින් පසුව ගීත එකතු කිහිපයක්ම නිකුත් කරන්නත් ඔහු කටයුතු කළා. ඒ හැම එකක්ම විශාල ජනප්‍රියත්වයක් හිමි කර ගත්තා. ඒ වගේම ඒ ගීත බොහොමයක් බස් රථවලත් ප්‍රචාරය වුණා.

කිංස්ලි පීරිස් සංගීත ලෝකයට පිවිසුණේ ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියෙක් විදියට. මලේ මටත් හිතයි කරන්න ආදරේ ගීතයෙන් ජනප්‍රිය වුණු කිංස්ලි එතැනින් පස්සේ මල් ගැන ගීත කිහිපයක්ම ගායනා කළා. ඒ හැම එකක්මත් අතිශයින් ජනප්‍රිය වුණා. ඒ හැම ගීතයක්ම බස් රථවලත් නිරන්තරයෙන් ප්‍රචාරය වුණා. ඒ අතරට දෙහි මලක්, ඩේලියා මලක්, දෙළුම් මලක් වගේ මල් ගැන කියැවුණු ගීත කිහිපයක්ම ඇතුළත් වුණා.

අජිත්, කිංස්ලිගෙන් පස්සේ මේ අතරට එකතු වුණේ අපූරු ගායන ශිල්පියෙක්. ඒ තමයි අසංක ප්‍රියමන්ත පීරිස්. හැබැයි අසංකගේ වටපිටාව ටිකක් වෙනස්. 80 දශකයේ සරල ගී ගායකයෙක් ලෙස ගුවන් විදුලියට එකතු වුණු අසංක ජනප්‍රිය වෙන්නේ 90 දශකයේ මුල් භාගයේදී. මුල් කාලයේදී ඔහු ගායනා කළ ගීත සියල්ලම ප්‍රශස්ත මට්ටමේ ගීත. ඒ හේතුවෙන් ඔහු වටා එකතු වුණෙත් ඒ ගීතවලට ආස කරන පිරිස් විතරයි.

ඒත් 2000 වසරෙන් ඇරඹි නව සහස්‍රයේදී ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් ගායකයෙක් බවට පත් වුණා. ඒ වෙනස ඇරඹුණේ නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි ගීතයෙන්. ඒ ගීතයෙන් පස්සේ අසංක වටා සෑහෙන රසික පිරිසක් එකතු වුණා. එතැන ඉඳන් වසර කිහිපයක් යනතුරුම අසංකගේ ගීත රාශියක් අතිශයින්ම ජනාදරයට පත් වුණා. ඒ වගේම පොදු ප්‍රවාහනයෙත් නිරන්තරයෙන් ඇහෙන ගායන ශිල්පියෙක් බවට අසංක පත් වුණා. ඒත් ඒ ගැන 90 දශකයේ ඔහුට ආදරය කරපු බොහෝ දෙනෙක් කනගාටුවෙන් පසු වූ බවත් ප්‍රසිද්ධ කාරණාවක්.

හැබැයි මේ ගායන ශිල්පීන් තිදෙනා ජනප්‍රියත්වයේ උපරිමයේ ඉන්න කාලෙත් එච්. ආර්. ජෝතිපාල මහත්මයාගේ ගීත බස් රථවල ප්‍රචාරය වීමත් විශේෂ කාරණාවක්. මරණයට පත් වෙලා වසර ගණනාවක් ගත වෙලා තිබුණත් බස් ගීත රැල්ල පටන් ගනිද්දිත්, ජෝතිපාල මහත්මයාට තිබුණු ආදරය සහ ජනප්‍රියත්වය අඩු වෙලා තිබුණේ නැහැ.

අජිත්, කිංස්ලි සහ අසංක කියන ගායන ශිල්පීන් ත්‍රිත්වයට තරගයක් දෙන්න යම් තරමකින් හෝ සමත් වුණු ගායන ශිල්පීන් දෙන්නෙක් විදියට චාමර වීරසිංහ සහ දමිත් අසංක හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව වෙනත් ගායක ගායිකාවන්ගේ ගීත බස් රථවල අතරින්පතර ප්‍රචාරය වුණත්, ඒ කිසිවෙක් මෙරට තුළ රැල්ලක් ඇති කරන්න සමත් වුණේ නැහැ.

මේ රැල්ලත් එක්ක ටික කාලයක් යද්දි තමයි බස් රථවලට ටී. වී. සවිකිරීම ආරම්භ වුණේ. සජීවීව පටිගත කරන ලද සංගීත ප්‍රසංග බස්රථවල ප්‍රචාරය වීම ආරම්භ වුණේ එතැනින් පස්සේ. එක් ගායකයෙකුගේ ගීත වෙනුවට ප්‍රසංගවල ගායනා කරන ලද ගීත රාශියක් ප්‍රචාරය වීම තමයි ඒ අනුව සිද්ධ වුණේ. හැබැයි ඒ ප්‍රසංගවලදිත් අසංක ප්‍රියමන්ත පීරිස් ගායනා කළ ගීත සඳහා විශේෂත්වයක් හිමි වෙන ආකාරයත් දැක ගන්න ලැබුණා. ඒ වගේම නව පරපුරේ ගායන ශිල්පියෙකුවන සඳුන් පෙරේරාත් කාලයක් බස්රථවල නිරන්තරයෙන් ගීත ප්‍රචාරය වූ ගායකයෙක් බවට පත් වෙලා තිබුණා.

සජීවීව පටිගත කරන ලද සංගීත ප්‍රසංග තමයි අදටත් අපේ රටේ පොදු ප්‍රවාහනය තුළ ප්‍රචාරය වෙන්නේ. භේදයකින් තොරව වර්තමානයේදී මෙරට තුළ ජනප්‍රිය සංගීත කණ්ඩායම් සියල්ලේම ප්‍රසංග ඒ අතර දැක ගන්න පුළුවන්. බස් රැල්ලේ ආරම්භක සාමාජිකයන් වූ අසංක සහ කිංස්ලි අදටත් ප්‍රසංග වේදිකාව හරහා බස් රථවලදී දැක ගන්න පුළුවන්. ඒත් අජිත් මුතුකුමාරණව අද වෙද්දි ඒ විදියට දැක ගන්න ලැබෙන්නේ නැති වීමත් විශේෂ කාරණාවක්.

කොහොම වුණත් මේ බස් ගීත රැල්ල නියාමනය කරන්න මීට වසරකට පමණ පෙර ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කළා. ඒ අනුව බස්රථවල ප්‍රචාරය සඳහා එම කොමිෂන් සභාව මඟින් විශේෂ ගීත එකතු කිහිපයකුත් නිකුත් කළා. ඒත් අදටත් ඒ නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ හින්දා බස් රථයේ සේවක මඬුල්ලේ රුචිකත්වයට හරියන්න තමන්ගේ රුචිකත්වය සකසා ගන්න අදටත් මගී ජනතාවට සිදු වෙලා තියෙනවා. මොනවා වුණත් බස් සින්දු රැල්ල ආරම්භ වුණු කාලයේ අපි අහපු ගීත මොනතරම් ලස්සනද කියලා තමයි දැන් බස්වල යන සින්දු ඇහෙන ඕනෑම කෙනකුට හිතෙන්නේ.

-චන්දන පොන්නම්පෙරුම

Share84Tweet52SendShare21
Previous Post

මුලින් පල්ලිවලට ගහනවා කියලා පස්සේ නෑ කීවා! ආණ්ඩුව ජාතික ආරක්ෂාව විහිලුවකට අරන්ද? පියතුමන්ලාට බරපතළ සැකයක්! (VIDEO)

Next Post

පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණ කුමන්ත්‍රණය හරියටම හොයාගන්න කළ යුතු දේ ගැන පල්ලියෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

MORE NEWS

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!
Heart

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!

June 22, 2022
‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!
Heart

‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!

June 22, 2022
ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!
Heart

ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!

June 8, 2022
අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ!  මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!
Heart

අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ! මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!

June 8, 2022
තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!
Heart

තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!

June 2, 2022
මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net