• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, May 24, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

කොටුවෙලා නෙවෙයි! ලැබෙන්නෙම මැර චරිත!

January 19, 2022
in Heart
A A
කොටුවෙලා නෙවෙයි! ලැබෙන්නෙම මැර චරිත!

සමහර විට ඒ පෙනුම හින්දා වෙන්න ඇති…
අත පය කඩගත්ත වෙලාවලුත් තියෙනවා…

මහාපොළොව සමග පොරබදිමින් ජීවිතය ගොඩයන්න සිහින දකින ඔහු රංගන ශිල්පියෙක්, හඬකැවීම් ශිල්පියෙක්, ඒ වගේම නිවේදකයකු ලෙසට කටයුතු කරන පසිඳු සිංහාරගේ. මේ වන විට ටෙලිනාට්‍ය රැසක චරිත නිරූපණය කර ඇති පසිඳු, මේ දිනවල විකාශය වන රේස්, ගුග්ලි ටෙලිනාට්‍ය හරහාද ඔහුගේ දක්‍ෂතාවයන් අපිට දැකගන්නට පුළුවන්. ඉතින් මහපොළොවටත්, කලාවටත්, හදවතින් ආදරය කරන මේ සොඳුරු මිනිසා ප්‍රථම වතාවට මාධ්‍ය කතාබහකට ‘මව්රට’ අපි සමග හඬ අවදි කළා.

පසිඳු ඔබ ගැන දැනගන්න ගොඩදෙනෙක් කැමැත්තෙන් ඇති. කියමුකො ඔබ ගැන මුලින්ම විස්තර ටිකක්..?
මම පසිඳු සිංහාරගේ. මගේ ගම්පළාත් ආටිගල, හංවැල්ල. පාසල ගියේ ආටිගල කනිෂ්ඨ විiාලයට. උසස් අධ්‍යාපනය සඳහා හංවැල්ල මායාදුන්න විiාලයට ගියා. මම විවාහකයි. දැනට ගල්ගමුව ප්‍රදේශයේ තමයි පදිංචිය.

පසිඳුගේ මේ දවස්වල කලාකටයුතු කොහොමද..?
මේ දවස්වල ටෙලිනාට්‍ය දෙකක වැඩ කරගෙන යනවා. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශවන ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ ‘චූටියා’ ලෙසට රඟපානවා. ඒ වගේම ජයසේන අපොන්සු අධ්‍යක්‍ෂණය කරන ‘සන්තෑසියේ ලන්තෑරුම’ ටෙලිනාට්‍යයේ ‘උංගා’ ලෙසට රඟපානවා. ඒ වගේම ‘රේස්’ ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වෙලා වැඩ කරනවා.

‘චූටියා’ මොන විදියටද ‘ගුග්ලි’ තුළ ගලාගෙන යන්නේ..?
‘ගුග්ලි’ ටෙලිනාට්‍ය දරුවෙක් වටා ගෙතුණු කතාවක්. මම මෙතෙක් රඟපාපු නිර්මාණ අතර සුවිශේෂී චරිතයක් තමයි ‘චූටියා’ චරිතය. මට ඒ දරුවාගේ ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කරන්න කියලා දරුවාගේ මාමා වගකීමක් දෙනවා. මුළු නාට්‍ය පුරාම ඒ දරුවා පසුපස යනවා. මමයි, මගේ මිතුරයි යනවා දරුවා හොයාගෙන කොළඹ ඉඳලා උඩවලවට. ඔය විදියට තමයි මගේ චරිතය ගලාගෙන යන්නේ.

අපි දකින විදියට පසිඳුගේ රංගනයන් වැඩිහරියක්ම මැර චරිත..?
ඒ දේ මමත් පිළිගන්නවා. මම මේ වන විට ටෙලිනාට්‍ය තිහක විතර රඟපාලා තියෙනවා. ඒ අතරින් ටෙලිනාට්‍ය විසිදෙකක විතර මම දුෂ්ට චරිත නිරූපණය කරලා තියෙනවා. ඇත්තටම මටත් එය ප්‍රශ්නයක්. ගොඩාක් නිර්මාණවලින් මට කතා කරන්නේ දුෂ්ට චරිත සඳහා තමයි. සමහරු හිතයි මම කොටුවෙලා කියලා. ඒත් මට එවැනි චරිතම ලැබෙන්නේ මම දුෂ්ට චරිතවලට සාධාරණයක් කරන නිසා කියලයි හිතෙන්නේ. මගේ බාහිර පෙනුම, මගේ පෞරුෂත්වය, හඬ මේ හැමදෙයක්ම එයට ගැළපෙනවා ඇති. මමත් කැමැතියි විවිධ චරිත රඟපාන්න.

සාමාන්‍ය ජීවිතයේදී ඔබ කොයි වගේද..?
ඇත්තටම හාත්පසින්ම වෙනස්. මම කොණ්ඩ, රැවුල් වවලා ඉන්න කොට දුෂ්ටයෙක් කියලා නිර්මාණවල දකින චරිතවලට වඩා හාත්පසම වෙනස්, සරල කෙනෙක්. මම කොයි වෙලෙත් විනෝදයෙන් තමයි ඉන්නේ.

චරිත නිරූපණය කරනකොට සිදුවුණු අනතුරුත් ඇති නේද?
මම දුෂ්ට චරිත කරන අවස්ථාවල සටන් කරන්න සිදුවුණු අවස්ථා තියෙනවා. මම ශ්‍රී ලංකා යුද හමුදාවේ මල්ලවපොර කරපු ක්‍රීඩකයෙක්. 2018 මල්ලවපොර තරගයේ මම සම්මාන ගත්තා. මම සමග සටන් කරන හිරෝට කියන්නේ මට ඇත්තටම ගහන්න කියලයි. ඔය අතර ඉතින් කැඩුම් බිඳුම් වුණු අවස්ථා තියෙනවා. මම ඒ දේවල් වේදනාවක් විදියට හිතන්නේ නැහැ.

නවක රංගන ශිල්පියෙක් ලෙසට ඔබ මේ ක්‍ෂේත්‍රයේ නිර්මාණකරණය ගැන පැහැදීමකින්ද ඉන්නේ..?
මම වසර දෙකක් විතර වෙනවා මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා. හොඳ නිර්මාණ බිහිවෙනවා. දක්‍ෂ අධ්‍යක්‍ෂවරු බිහිවෙලා ඉන්නවා. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ එකම විදියට තමයි නිර්මාණ බිහිවෙන්නේ. නව විදියට, අලුත් විදියට නිර්මාණය වෙනවා නම් වටිනවා. මම කියන්නේ නැහැ දැන් නිර්මාණ හොඳ නැහැ කියලා. නමුත් ප්‍රේක්‍ෂකයා රූපවාහිනියේ රඳවාගන්න නම් අපේ ගැමිකමත් එක්ක සුන්දරත්වය ගැන වටිනාකමක් දෙන්න පුළුවන්නම් තවත් වටිනවා.

ෂූටින් බලන්න ගිහින් ආපු මේ ගමන ගැන මොකද හිතෙන්නේ..?
මට තවමත් හීනයක් වගේ. යුද හමුදා සොල්දාදුවෙක් ලෙසට කටයුතු කරපු මම දැන් ඉතාමත් කෙටි කාලයක් තුළ නළුවෙක් වෙලා. ආපස්සට හැරිලා බලන කොට සතුටක් තමයි තියෙන්නේ. අහම්බෙන් තමයි මම මේ ගමන ආවේ. මගේ මවුපියන් අද ලබන සතුට මට වචන නැහැ කියන්න.

-වසන්ත විතාරණගේ

Share64Tweet40SendShare16
Previous Post

මට හැදුණු කාතාවක් නෑ! මේක මාර වැඩක්නේ!

Next Post

මන්ත්‍රීවරු 225 දෙනාගේ කියවීමේ තරම එළියට එයි! ගත්තු පොත් 300න් 122ක්ම ප්‍රබන්ධ!

MORE NEWS

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!
Heart

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!

May 12, 2022
ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!
Heart

ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!

May 12, 2022
ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!
Exclusive

ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!

April 26, 2022
මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!
Exclusive

මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!

April 26, 2022
ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!
Exclusive

ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!

April 18, 2022
මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!
Heart

මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!

April 6, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)
Exclusive

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022

‌ේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට තරුණයන් පිරිසක් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක්...

Read more
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022
පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්! නැත්නම් අපි යනවා! මධ්‍යම කාරක සභාවේදී දැඩි තීන්දුවක් අරන්!

ඇමැතිකම් ගත්ත අය දොට්ට දාන පළමු නිවේදනය මෛත්‍රීපාල නිකුත් කරයි! ඊළග නිවේදනයත් ළඟ එනවා!

May 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net