• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

ඇත්තටම වුණේ මොකද්ද?

October 14, 2021
in Heart
A A
ඇත්තටම වුණේ මොකද්ද?

‘ආර්යන් ඛාන්ට ඇපත් නැති වෙයි…’
පසුගිය සඳුදාවේ මාධ්‍ය අතර ඉන්දියාව කලඹාලු ආරංචිය එය විය.
ආර්යන් ඛාන් කවුද?
එය නොදන්න කිසිවකු සිටින්නට බැරිය..,
ආර්යන් ඛාන්.., බොලිවුඩයේ කිරුළ හිමි ෂාරුක් ඛාන්ගේ පුත්‍ර රත්නයයි. තවත් සරලව කියනවා නම් ‘කිං ඛාන්ගේ පුතාය..,
ආර්යන්ට ඇපත් අහිමි වූ නඩුව තදබල මත්ද්‍රව්‍ය ආරවුලකි. ආරංචියේ හැටියට ආර්යන් තම සමීපතම මිතුරා වූ අර්බාස් සෙත් මර්චන්ට් සහ ඔහුගේ පෙම්වතිය වන ප්‍රසිද්ධ මොස්තර නිරූපිකාවක වූ මුන්මුන්ධ මේඛා සමග එක්ව ප්‍රසිද්ධ සාදයකදී මත්ද්‍රව්‍ය අලෙවි කොට ඇත.

සාදය පැවැත්වුණේ මුම්බායි සිට ගෝවා බලා යාත්‍රා කරන්නට නියමිතව තිබූ කෝර්බේලියා නම් නෞකාවේය. එය සුපිරි සාදයකි. ටිකට් පතක මිල ඉන්දියානු රුපියල් ලක්‍ෂයකි. දූවිලි පොදක් පයට පාගා නැති ධනවත් පවුල්වල සුපිරි දූපුතුන් ෆැන්ටසි තාලයට ඇඳ හැඩට පැමිණ තිබූ මේ සොඳුරු සාදයෙහි සාමාජිකයන් ගණන අටසියයකි.

ෂාරුක්ගේ පුතා එයට සහභාගී වී ඇත්තේ මිතුරාගේ ආරාධනයටද..?
නැහැ… ෂාරුක්ගේ පුතාට ඒ සඳහා සුවිශේෂී ආරාධනා පතක් එවා තිබෙන්නේ කෝර්බේලියා නෞකාවේ මෙම සුපිරි සාදය සංවිධානය කළ සංවිධායකයන් විසින්ය. අන්තර්ජාතික මුහුදේ නෞකාව නවතා සාදය ඒ වටපිටාව මැද ඉතා කලාත්මකව පැවැත්වීම ඔවුනගේ අරමුණ වී තිබිණි.

ආර්යන් ආරාධනාව එකපයින්ම පිළිගෙනද..?
කිසිවක්ම නොපවසා සිටි ඔහු පළමුව තම අතීසාර මිත්‍ර අර්බාස්ට දුරකතන ඇමැතුමක් දී සාදයට එනවා දැයි අසා ඇත… අර්බාස් සිය පෙම්වතියගේද අනුමැතිය මැද ඇයවද සහභාගි කරගෙන ඇත. තරුණ හවුල කෝර්බේලියාවට පය තබා ඇත්තේ එහෙමය.

සියල්ල එසේ සිදුවන විට ‘එන්.සී.බී.’ ආයතනයට ලැබුණු නිර්නාමික ආරංචියක සඳහන්ව තිබුණේ, කෝර්බේලියා මුහුදු සාදය මත්ද්‍රව්‍යවලින් ගහන අමුතුම පාහේ එකමුතුවක් බවය. පාට පාට හීන සමග පාවෙන්නට ප්‍රිය ධනවත් තරුණ කොල්ලන්, කෙල්ලන් එයට සහභාගි වීමට ඉන්දියානු රුපියල් ලක්‍ෂයකට වඩා හෝ පූජා කරන බවද එම පණිවුඩයෙහි සඳහන් විය.

ඇමැතුම ආ සැණින්ම ක්‍රියාකාරී වූ ‘එන්.සී.බී.’ නිලධාරීන් සාදයට සහභාගි වීම සඳහා ටිකට්පත් 22ක් වෙන්කර ගත්තේ කඩිනමිනි.

අමුත්තන් ලෙස සාදයට සහභාගි වූ ‘එන්.සී.බී.’ නිලධාරීන් වැටලීම කරන මොහොතේ ‘මුහුදු සාදය’ පාට පාට මත්බර ලොවක පාවෙමින් තිබුණද?

එවැන්නක් සඳහන්ව නැත.., නමුත් එම වැටලීමේදී කොකේන්, චරා සහ එම්.ඩී.එම්.ඒ. නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ග්‍රෑම් ගණනින් සොයාගත් බව ආරංචිය.

බොලිවුඩයේ අප්‍රතිහත ප්‍රතිරූපය වූ කිං ඛාන් තම පුත්‍රයා ගැන පවසන කතාව කුමක්ද?

‘මගේ පුතා ආර්යන් නිර්දෝෂයි. මේක මගේ ප්‍රතිරූපයට එල්ල කළ අශෝභන මඩපහරක්,
අනිවාර්යෙන් ෂාරුක් මාධ්‍යයට එහෙම කියන්නට ඇති.., ෂාරුක් නිහඬය. ඔහුගේ ජංගම දුරකතනයත් ඛාන් මැඳුරේ දුරකතනය වාගේම ගෞරි ඛාන්ගේ දුරකතනයද ප්‍රතිචාරයක් නොමැත යන පණිවුඩය පමණක් නිකුත් කරවයි. එලෙසම කිසිවෙකු යාම් ඊම් කරන්නට නොහැකි වන ආකාරයට ඛාන් මැඳුරෙහි විශාල ගේට්ටුවට අගුළු ලා ඇති බවද සැලවී ඇත.

ඇත්තෙන්ම, ආර්යන්ව සැලැසුම් කර මුහුදු සාදයට ගෙනැවිත් මෙය සිතාමතාම ෂාරුක්ට විරුද්ධව කළ පහත් මෙහෙයුමක් වන්නට බැරිද..?

එහෙමම හිතන්නටත් අපහසුය. එයට හේතුව ආර්යන්ගේ මිතුරා අර්බාස් සහ පෙම්වතිය මුන්මුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව පරීක්‍ෂණවලදී සනාථව ඇත.

එතකොට ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය ගෙන තිබුණේ නැද්ද?
ආර්යන්ගේ රුධිර සාම්පවලින් ඔහු මත්ද්‍රව්‍ය ගෙන ඇති බව ඔප්පු වී නැත. ඒ විතරක් නෙවේය.., වැටලීම් කෙරෙන අතරතුර දී අර්බාස් සහ ඔහුගේ පෙම්වතිය මුන්මුන්ගේ යට ඇඳුම් සහ පසුම්බිවල තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ආර්යන්ගේ යට ඇඳුම්වල හෝ පසුම්බිවල තිබුණේ නැත..,

එහෙනම් ආර්යන්ට ඇප නොලැබුණේ ඇයි..?
ගැටලුව ඇත්තේ එතැනය.

ආර්යන්ට ඇප නොලැබීම ගැන ෂාරුක් කියන්නේ මොනවද?
ෂාරුක් ඉතාම පුදුමාකාර ලෙස මුනිවත රකිමින් සිටින්නේය. අඩු ගණනේ ෂාරුක් තම පුතුගේ නඩු දිනයේ තබා ඔහු සිරභාරයට පත්වූ මොහොතේවත්..,
‘බය වෙන්න එපා… ඔයා එක්ක මම ඉන්නවා…’
කියා ආර්යන්ට හයියක් වෙන්නටවත් පැමිණියේ නැත.

ඒ කියන්නේ ෂාරුක් මාධ්‍යයට බය ඇති..,
සමහරවිට ඒක එහෙම වන්නට ඇත. හේතුව තමා වටකරගෙන දහසකුත් එකක් ප්‍රශ්න අසන විට තම මුවින් පිටවන වචනවල දුර්වල තැනක් අල්ලාගෙන මාධ්‍යකාරයන් ඊළඟට නටන්නට සූදානම් වන කස්තිරම්වලට ෂාරුක් කිසියම් වූ බියක් දක්වන්නට ඇත. සමහර විට බයකට වඩා එතැන ඇත්තේ පරෙස්සමය.

ආර්යන් තම නිදොස්භාවය ගැන හඬ නඟන්නේ නැතිද?
ආර්යන් හරිම සන්සුන්ය…

ඇප නොලැබෙන බවත්, අත්අඩංගුව දීර්ඝ වන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කරන මොහොතේ අර්බාස් සහ මුන්මුන් දැඩි කම්පාවට පත්ව නොසන්සුන්තාවය ප්‍රකට කරන විට ආර්යන් ශාන්තුවරයකු සේ සන්සුන්ව සිටියා විතරක් නොවේය.., තම මිතුරන්ව සනසවන්නටද වෙහෙසී තිබිණි.

මත්ද්‍රව්‍ය නඩුවෙහි අවසානය කුමක් වේදැයි කියන්නට බැරිය…

ශුද්ධ වූ බයිබලයෙහි සඳහන් වන පරිදි ධනවතකුට ස්වර්ගයට පය තැබීම කොටළුවෙකුට ඉදිකටු සිදුරකින් රිංගනවාට වඩා අපහසුය කිව්වාට…
නීතියේ රැහැනින් නම් සුපිරි ධනවතුන් හරි පහසුවට බේරී රිංගා යන්නෙහිය. අර් බාස්ගේ පියා සූර මිනිසෙකු බැවින් කෙසේ හෝ තම පුතාව සහ පෙම්වතියව බේරා ගනු ඇත.

ආර්යන්ට කුමක් වේද..?
ෂාරුක් තම දරුවා වෙනුවෙන් දිගින් දිගටම මුනිවත රකීවිද..?

සිදුවිය හැක්කේ කුමක් දැයි කියන්නට බැරිය.
කෙසේ වුවද..
නැවැතිල්ලේ සිතා බලන කල එක් ගැටලුවක් වේ…

ඒ..,
මත්ද්‍රව්‍ය කිසිවක් ළඟ නොතිබුණද… මත්ද්‍රව්‍ය භාවිතයට ගෙන නොසිටියද… ආර්යන් ඛාන්ට නීතියෙන් ඇප නොලැබුණු හේතුව කුමක්දැයි යන්නය…
ඒ අතර ෂාරුක් දැඩි නිහඬතාවයකය…
නිර්දෝෂී බව දැන දැන ආර්යන්ද හරිම සන්සුන්ය,

ඇත්තෙන්ම සිදුවූයේ කුමක්ද..?
සිදුවන්නේ කුමක්ද..?

සියල්ල පටලැවිල්ලකි.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

Share118Tweet74SendShare30
Previous Post

නිව්ෆෝට්‍රස් සමාගමේ ලොක්කා මහ රෑ ප්‍රයිවට් ජෙට් එකකින් ලංකාවට ඇවිත්! මොනවද වෙන්නේ කියලා ඇමැතිවරු දන්නෙත් නෑ!

Next Post

ගෑස් නැග්ගා! තෙලුත් නගීවි! පොඩ්ඩක් ඉවසන්න! ජොන්ස්ටන් ජනතාවගෙන් ඉල්ලයි! (PHOTOS)

MORE NEWS

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!
Heart

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!

June 22, 2022
‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!
Heart

‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!

June 22, 2022
ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!
Heart

ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!

June 8, 2022
අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ!  මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!
Heart

අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ! මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!

June 8, 2022
තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!
Heart

තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!

June 2, 2022
මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...

Read more
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

June 27, 2022
ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net