• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 22, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

ග්‍රැමී සම්මානය දිනා ගන්න එක තමයි මගේ ලොකුම ආසාව…

July 7, 2021
in Heart
A A
ග්‍රැමී සම්මානය දිනා ගන්න එක තමයි මගේ ලොකුම ආසාව…

සංගීත භාණ්ඩවලට වැඩිය මම ආස බාහිර ශබ්දවලට…
හමාර බණවර ඇත්තම අත්දැකීමක්…

ලංකාවේ රියැලටි වැඩසටහන් හරහා බිහි වුණු තරු අතර රවී රෝයිස්ටර්ට හිමි වෙන්නේ විශේෂ තැනක්. රවී ගැන රටම දැන ගත්තේ ඩී්‍රම් ස්ටාර් හරහා. ඒත් එතැනින් පස්සේ තමන්ටම සුවිශේෂී වූ අනන්‍යතාවයක් ගොඩනඟා ගන්න රවීට පුළුවන් වුණා. රවීගේ සංගීත ගමනේ විශේෂම කඩයිම තමයි හමාර බණවර. රියැලටි වැඩසටහන් නොබලන ලංකාවේ සංගීත රසිකයන් පවා ඒ හරහා රවී ගැන කතා කරන්න ගත්තා. අපි රවීට කතා කළේ ඒ හැමදෙනාම වෙනුවෙන්.

🔴 රවී අලුතෙන් වැඩ කිහිපයක්ම පටන් අරගෙන කියලා දැනගන්න ලැබුණා. ඒ ගැන මතක් කරලම අපි කතාව පටන් ගමු?
ඔව්. අලුත් සිංදු කිහිපයක්ම කරලා තියෙන්නේ. කාන්ති කියලා සිංදුවක් හැදුවා. තව තිරප්පන් කියලා සින්දුවක් හැදුවා. ඒක ද්‍රවිඩ ගායිකාවක් එක්ක එකතු වෙලා තමයි හැදුවේ. තව ඉන්දියානු රැපර් කෙනෙක් එක්කත් අලුත් සිංදුවක් හැදුවා.

🔴 ඒ කියන්නේ ඉදිරියේදී වෙනස්ම සිංදු කිහිපයක්ම අපිට අහන්න පුළුවන්?
මේ සිංදු ඔක්කොම එකිනෙකට එකක් වෙනස්. ඒ වෙනසට හැමෝම ආසා වේවි කියලා මම හිතනවා.

🔴 ඩී‍්‍රම් ස්ටාර්වලින් පටන් අරගෙන මේ දක්වා ආව ගමන ගැන දැන් මොනවද හිතෙන්නේ?
මම ඩී‍්‍රම් ස්ටාර් ආවේ 2018 අවුරුද්දේ. එදා මට තිබුණු දේවල් එක්ක දැන් බලද්දි මට ගොඩක් ආඩම්බරයි. දැන් මම මටම කියලා අනන්‍යතාවයක් නිර්මාණය කරගෙන තියෙනවා. මිනිස්සු මාව හඳුනනවා. ඇත්තටම මගේ තිබුණු ආශාවන් මම ඉෂ්ට කරගෙන තියෙනවා.

🔴 ඔබ ඔය කියන ආශාව ගැනත් අපි කතා කරමු?
මට ඒ ලෙවල් කරන කාලෙ ඉඳන්ම ලොකු ආසාවක් තිබුණා අවුරුදු 28, 29 වෙද්දි ජනප්‍රිය චරිතයක් වෙන්න. මම පාරේ යද්දි මිනිස්සු ඇවිත් මාත් එක්ක ෆොටෝ ගහන තත්ත්වයට එන්න මට ආසාවක් තිබුණා. ඒ ආසාව වෙනුවෙන් තමයි ඉගෙන ගත්තේ. දැන් ඒක සැබෑ වෙලා තියෙනවා.

🔴 ඒ ආසාව සැබෑ වුණේ ඩී‍්‍රම් ස්ටාර් හරහා. ඒත් ඔබ ඉගෙන ගත්ත දේවලුත් ඒකට ගොඩක් උදවු වුණා?
ඔව්. මගේ පාසල මාතර රාහුල විද්‍යාලය. එතැනින් පස්සේ මම ඉන්දියාවේ විශ්වභාරතී කලායතනයේ සංගීතය හැදෑරුවා.

🔴 ඔබ ඉගෙන ගත්ත දේවල් කොහොමද ඩී‍්‍රම් ස්ටාර් වගේ රියැලටි වැඩසටහනකට උදවු වුණේ?
මම හිතන්නේ ඕනෑම දෙයක නිරත වෙනවා නම් ඒ ගැන හදාරන්න ඕනෑ. නැත්තං ඒකෙන් ඉදිරියට යන්න අමාරුයි. ඇත්තටම මම ඉගෙන ගත්ත දේවල් මේ ගමන එන්න මට ගොඩක් උදවු වුණා.

🔴 ඩී‍්‍රම් ස්ටාර්වලින් පස්සේ ඔබ ගැන හැමෝම කතා කළේ හමාර බණවර හරහා කිව්වොත් ඒක වැරැද්දක් නැහැ. මෙතැනදි ඒ ගැන කතා නොකළොත් ඒක අඩුවක්?
ඉරේෂා හේමමාලි අක්කා තමයි මේ සිංදුව ලිව්වේ. එයා මට මේ ගැන කිව්වේ ඩී‍්‍රම් ස්ටාර් ඉවර වුණු ගමන්මයි. ඒත් මම ඒ සිංදුව නිර්මාණය කරන්න ටික කාලයක් ගත්තා. එයා මට දුන්නේ කවියක්. ඒකට වෙනස්ම දෙයක් කරන්න පුළුවන් කියලා පද පේළි ටික දැක්ක ගමන් මට හිතුණා. අවුරුදු 100, 200ක් ඇහුවත් මිනිසුන්ට එපා නොවෙන විදියේ වැඩක් ඒ පද පේළි ටිකෙන් කරන්න පුළුවන් කියලා මට හිතුණා. කොච්චර ඇහුවත් එපා නොවෙන නිර්මාණයක් කරන්නයි මට ඕනෑ වුණේ. ඒ වෙනුවෙන් මම කාලය ගත්තා. හැබැයි මේ තමයි මට ආව මුල්ම මෙලඩි එක. මේ සිංදුව මුල් සැරේ මටම කියා ගන්න බැරි වුණා. ඒ තරම් මාවත් මේකට හැඟීම්බර වුණා.

🔴 මේක ඇත්ත අත්දැකීමක් කියලත් බොහෝ අය කතා වෙනවා?
ඔව්. මේක ඉරේෂා අක්කගේ ඇත්තම අත්දැකීමක්.

🔴 ගායකයෙකුට අමතරව රවී දක්ෂ වාදකයෙක්. ලංකාවට ආගන්තුක බොහෝ සංගීත වාද්‍යපවා වාදනය කිරීමේ හැකියාව රවීට තියෙන බව අපි අහලා තියෙනවා?
මම වැඩිපුර වාදනය කරන්නේ තාල වාද්‍ය භාණ්ඩ. ඊට අමතරව කී බෝර්ඩ්, පියානෝ සහ ඉන්දියානු සංගීත භාණ්ඩ වාදනය කරනවා. හැබැයි සංගීත භාණ්ඩවලට වැඩිය බාහිර ශබ්ද භාවිතා කරලා සංගීතය නිර්මාණය කරන්න තමයි මම වඩාත්ම කැමැති. ඒ පිළිබඳ මම පර්යේෂණ රාශියක් කරලා තියෙනවා.

🔴 ඒ හරහා ලංකාවේ සංගීතයට මොන වගේ වෙනසක් එකතු කරන්නද ඔබ බලාපොරොත්තු වෙන්නේ?
චිත්‍රපට ශබ්ද සංකලනය කියන දේට අපේ රටේ රික්තකයක් තියෙනවා. අන්න ඒ හිඩැස පුරවන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මම මේ වෙද්දි චිත්‍රපට කිහිපයකම ශබ්ද සංකලනයට සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියේදී ඒ චිත්‍රපට තිරගත වේවි. ඒ වගේම කෙටි චිත්‍රපට කිහිපයක් ශබ්ද සංකලනය කරලා තියෙනවා.

🔴 ඔබ ගායකයෙක්, වාදකයෙක් විතරක් නෙවෙයි සංගීතය හා සම්බන්ධ ඉසව් ගණනාවක දක්ෂතා දක්වන කෙනෙක්. රවී රෝයිස්ටර් කවුද කියලා ඇහුවොත් ඔබ කොහොමද උත්තර දෙන්න කැමති?
ශබ්ද නිර්මාණ ශිල්පියෙක් විදියට තමයි මාව හඳුන්වන්න මම කැමැති. ඒ වගේම සංගීත නිෂ්පාදකයෙක් විදියටත් මාව හඳුන්වන්න කැමැතියි. ගායකයෙක්, වාදකයෙක් විදියටත් මිනිස්සු කැමැති දෙයක් දෙන එක තමයි මගේ ආසාව.

🔴 ශබ්ද නිර්මාණ ශිල්පියෙක් විදියට ඔබ සම්මාන පවා දිනා ගෙන තියෙනවා නේද?
ඔව්. 2019 වසරේ රයිගම් සම්මාන උලෙලේදී හොඳම නිර්මාණාත්මක ශබ්ද සංකලනයට හිමි සම්මානය දිනා ගන්න මට පුළුවන් වුණා.

🔴 ඒ ලෙවල් කාලෙදි තිබුණු ආසාව මේ වෙද්දි සැබෑ වෙලා කියලා ඔබ කිව්වා. අනාගතයේදී ඒ වගේ සැබෑ කර ගන්න බලාපොරොත්තු වෙන ආසාවක් තියෙනවද?
ඔව්. කවදාහරි ග්‍රැමී සම්මාන උළෙලේදී සම්මානයක් දිනා ගන්න එක තමයි මගේ ලොකුම ආසාව. ඒක හරිම අමාරු වැඩක්. ඒ වෙනුවෙන් අමාරුවෙන් වැඩ කරගෙන යනවා. ඒක දිනවකවානු එක්ක තියෙන බලාපොරොත්තුවක් නෙවෙයි. ඒත් අපිට තව වයස තියෙනවනේ. ඒ හින්දා ඒ වෙනුවෙන් මහන්සි වෙනවා.
– චන්දන පොන්නම්පෙරුම

Share51Tweet32SendShare13
Previous Post

මැතිව්ස්ට ක්‍රිකට් එපා වෙයි! බෝඩ් එකට සමුගැනීමේ ලියුම යවයි!

Next Post

ක්‍රීඩා ඇමැතිගේ ක්‍රීඩාව කොහොමද? (VIDEO)

MORE NEWS

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!
Heart

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!

May 12, 2022
ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!
Heart

ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!

May 12, 2022
ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!
Exclusive

ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!

April 26, 2022
මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!
Exclusive

මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!

April 26, 2022
ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!
Exclusive

ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!

April 18, 2022
මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!
Heart

මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!

April 6, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!
Exclusive

අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

May 22, 2022

අද පෙරවරුවේ පැවැති කළුතර ශ්‍රීලනිප රැස්වීමකදී ලසන්ත අලගියවන්න මහතා සිදු කළ...

Read more
සභාග ආණ්ඩුත් නෑ! අන්තර්වාර ආණ්ඩුත් නෑ! පොහොට්ටුව විතරයි! ඇමැතිකම් ගැන විමල්ලා වැට උඩ!

දානවා දානවා කියපු 21 සංශෝධනය හෙට කැබිනට් එකට එන්නෙ නෑ! ජනපති වෙන යෝජනාවක් කරයි! EXCLUSIVE

May 22, 2022
මෛත්‍රී මහින්ද ආණ්ඩුව = ගෝඨා රනිල් ආණ්ඩුව, ඒකට දින 52යි : මේකට දින කීයද?

මෛත්‍රී මහින්ද ආණ්ඩුව = ගෝඨා රනිල් ආණ්ඩුව, ඒකට දින 52යි : මේකට දින කීයද?

May 22, 2022
මයන්ත සජබෙ දාලා යන්නෙ නෑ කිව්වාම රුවන් විජයවර්ධනගේ ‘ඩේලිමිරර්’ එක මයන්ත යනවා වගේ ප්‍රවෘත්තියක් දාලා! අනුන්ගේ සදාචාරය ගැන කතා කරන උන්ගේ මාධ්‍ය සදාචාරය ඔන්න ඕකයි!

මයන්ත සජබෙ දාලා යන්නෙ නෑ කිව්වාම රුවන් විජයවර්ධනගේ ‘ඩේලිමිරර්’ එක මයන්ත යනවා වගේ ප්‍රවෘත්තියක් දාලා! අනුන්ගේ සදාචාරය ගැන කතා කරන උන්ගේ මාධ්‍ය සදාචාරය ඔන්න ඕකයි!

May 22, 2022
ගෝඨා-රනිල් ආණ්ඩුවට වෙන්න යන දේ ගැන ප්‍රවීණ ජ්‍යොතිෂවේදී තොටවත්ත විග්‍රහකරයි…

ගෝඨා-රනිල් ආණ්ඩුවට වෙන්න යන දේ ගැන ප්‍රවීණ ජ්‍යොතිෂවේදී තොටවත්ත විග්‍රහකරයි…

May 22, 2022
අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ…

අම්මාවරුනේ අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ…

May 22, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

May 22, 2022
සභාග ආණ්ඩුත් නෑ! අන්තර්වාර ආණ්ඩුත් නෑ! පොහොට්ටුව විතරයි! ඇමැතිකම් ගැන විමල්ලා වැට උඩ!

දානවා දානවා කියපු 21 සංශෝධනය හෙට කැබිනට් එකට එන්නෙ නෑ! ජනපති වෙන යෝජනාවක් කරයි! EXCLUSIVE

May 22, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net