Connect with us
Redmi 9C
Advertisement

Holiday

ඇතා බැන්ද බෝමුල ළඟ ඇදහැලෙන සුන්දරී

Published

on

සංචාරකයන්ගේ තෝතැන්නක් බඳු සීතල නුවරඑළියේ ඔබ සංචාරය කිරීමට කැමතිම ස්ථානය කුමක්දැයි කවරෙකු හෝ මාගෙන් විමසුවහොත් එය නිසැකවම බෝඹුරු ඇල්ල ලෙස මම පවසමි. ශ්‍රී ලංකාවේ මා සංචාරය කළ ස්ථාන අතරින් දුටු මනස්කාන්තම දිය ඇලි අතරින් බෝඹුරු දිය කොමලිය ඉදිරියේ පසුවන බව විවාදයකින් තොරව කිව හැක.

බෝඹුරු ඇල්ල පිහිටා ඇත්තේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. මෙම ප්‍රදේශය පේරවැල්ල ලෙසද හඳුන්වයි. නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා ඇති මෙම දිය ඇල්ල වැලිමඩ සිට කිලෝමීටර් 15ක දුරකින්ද නුවරඑළියේ සිට කිලෝමීටර් 17ක පමණ දුරකින්ද පිහිටා ඇත. බෝඹුරු ඇල්ල වෙත ළඟා වීමට මාර්ග කිහිපයක්ම ඇත. ඔබ නුවරඑළිය ප්‍රදේශයේ සිට පැමිණෙනවානම් හක්ගල මාර්ගයේ හක්ගල උද්‍යානය පසු කර ටික දුරක් ගමන් කරන විට හමුවන තෙමංසලින් වම් පැත්තට ඇති රේන්දපොළ මාර්ගයේ කිලෝමීටර් 4.5ක ගමනකින් පසුව රථගාල අසලටම ළඟාවිය හැක. නුවරඑළිය නගරයේ සිට ත්‍රිරෝද රථයකද පැමිණිය හැකි අතර චසජනපැ ප්‍රවාහන සේවයෙන් රුපියල් 400කට අවම මුදලකට ඔබට රථගාල අසලටම පැමිණිය හැක. ඔබ වැලිමඩ සිට එන අයෙක් නම් උඩුවර මාර්ගයේද නැතිනම් වැලිමඩ -උඩුපුස්සැල්ලාව මාර්ගයේ පැමිණ අඹගස්දෝව හන්දියෙන් හග්ගල මාර්ගය ඔස්සේද බෝඹුරු ඇල්ල වෙත ළඟාවිය හැක. වැලිමඩ නගරයේ සිට බෝඹුරු ඇල්ල වෙත පොදු ප්‍රවාහන සේවාද ක්‍රියාත්මකය. පෞද්ගලික ප්‍රවාහන ක්‍රමයකින් පැමිණෙනවා නම් දිය ඇල්ලට කිලෝමීටරයක් පමණ මෙපිටින් පිහිටි රථ ගාල අසලටම පැමිණිය හැක.

සංඛ්‍යාන අනුව මෙය ලංකාවේ පළලින් වැඩිම දිය ඇල්ල ලෙස සැලකුවද මාගේ පෞද්ගලික මතය නම් උඩුදුම්බර හසලක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රත්න ඇල්ල මීට වඩා පළලින් වැඩි බවයි. කෙසේ නමුදු මෙම දිය දහර මීටර් 50ක උසකින් හා මීටර් 20ක පමණ පළලකින් යුතුව කඩා හැලෙයි. මහවැලි රැජිනගේ ප්‍රධාන අතුගංගාවක් ලෙස සැලකෙන දුල්ගල ගඟ මීටර් 1842ක් උස කොටකිතුල් කන්දේ බෑවුමක පිහිටි ගල් පව්වකින් කොටස් 4කින් ඇදහැලීමෙන් මෙම මනස්කාන්ත දිය ඇල්ල නිර්මාණය වේ. මෙම අතු ගංගාව දිය ඇල්ලෙන් පහළ ප්‍රදේශයේදී උමා ඔය ලෙසද හඳුන්වයි.

බෝඹුරු ඇල්ලෙ නම සැදීම පිළිබඳව ඉතා සුන්දර ජනප්‍රවාදයක් ඇත. දෙවැනි රාජසිංහ රජුගෙ ඇතා වරෙක කුලප්පු වී දම්වැල් කඩාගෙන වන වැදී ඇත. නම්දැරූ කිසිවෙකුට ඇතා ඇල්ලීමට නොහැකි වූ නිසා රජු විසින් ඇතා ඇල්ලීම ප්‍රසිද්ධ කරන ලදී. ඇතා අල්ලන අයට ගම්වරයක්ද ලබදෙන බව රජු පැවසීය. මෙම ප්‍රදේශයේ සිටි වනසිංහ මුත්තා නම් අයෙකු ඇතා අල්ලා බෝගසක මුලක බැඳ දමන ලදී. ඇතා බැන්දේ බෝමුලක නිසා මෙම ප්‍රදේශය බෝමුලේ ලෙස ව්‍යවහාර වී පසුව බෝඹුරේ විය. මාර්ග තැනී ගම දියුණු වූ පසු ගම රටෙහි ජනප්‍රිය වීම උදෙසා ඇල්ලේ නමද ඈඳා බෝඹුරු ඇල්ල ලෙස නම තැබූ බව ජනප්‍රවාදයේ එයි.

මෙම බෝඹුරු ඇල්ල වටා ප්‍රදේශය ඉතා අලංකාරවත් තණකොළ පිහිටි ඉවුරකින්ද යුක්තය. ඇල්ල පිහිටි ප්‍රදේශයට අනවසරයෙන් ඇතුල්වීම, ගිනි තැබීම හෝ කූඩාරම් ගැසීම තහනම්ය. දේශීය සංචාරකයන්ගේ නොමනා ක්‍රියාකලාපය ඊට හේතු වී ඇති බවද මෙහිදී කිව යුතුමය. ප්‍රාදේශීය සභාවෙන් බෝඹුරු ඇල්ල නැරඹීමට එක් අයෙකුට රුපියල් 30ක අවසරපතක්ද නිකුත් කරයි. බෝඹුරු ඇල්ල පහළින් කුඩා දිය ඇලි කිහිපයක්ද නිර්මාණය වන අතර ඔබ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කරනවානම් තවමත් නොයිඳුල් පරිසර පද්ධතියකින් යුත් බෝඹුරු මනාලිය නැරඹීමටද අමතක නොකරන්න. නමුත් රැගෙන එන සියල්ලම නැවත රැගෙන යාමටත් පා සටහන් පමණක් එහි තබා ඒමටත් වගබලා ගන්න.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive8 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)