Holiday
ඕන දේවල් හොඳින් හරි නරකින් හරි කරනවා
Published
3 weeks agoon

⬤ මේ දවස්වල සල්ලි පස්සෙ දුවනවා…
⬤ කළුද සුදුද දිග පළල මට අදාළ නෑ…
‘රෝස වසන්තය’ චිත්‍රපටයේ ‘ගිහාන්’ ලෙසට සිනමාවට පැමිණි ඔහු පසුකාලීනව ‘ලේ කිරි කඳුළු,’ ‘හතර දෙනාම සූරයෝ,’ ‘සෙනසුරු මාරුව’ චිත්‍රපටවල විවිධ චරිත පණ පොවමින් සම්මානයන්ටද පාත්‍ර විය. අද නැවැතත් ‘රතු මුදලාලි’ ටෙලිනාට්‍යයෙන් ඔබ හමුවට එන ඔහු ජනප්‍රිය රංගන ශිල්පී බුද්ධික ජයරත්නයි.
🔴 මේ දවස්වල බලතණ්හාවෙ සල්ලි පස්සෙ දුවනවා නේද?
ඔය කියන්නෙ ‘පිංකෙත’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන ‘රතු මුදලාලි’ චරිතය ගැන වෙන්න ඇති. ‘රතු මුදලාලි’ හිතුවේ දියුණුව සහ සල්ලි විතරයි. ඔහු ඒ දේවල් ජීවිතයට උදාකර ගනිද්දී ඔහුගේ ජීවිතයට අවශ්‍ය දේවල්, ගොඩාක් දේවල් හොඳින් හරි නරකින් හරි ගැනීමට තමයි ‘රතු මුදලාලි’ගේ එකම අරමුණ. එවැනි ක්‍රියාදාමවලට මුහුණ දෙමින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් වෙතට මේ දවස්වල මම සමීප වෙලා සිටිනවා.
🔴 ඔබට ලැබුණේම සුවිශේෂි චරිත. නැත්නම් තෝරාගැනීමක්ද මෙය?
මොකද මහන්සිවෙලා දෙයක් කරනවා නම් ඒ කරන වැඩෙන් ප්‍රතිඵලයක් මටත් වගේම මගේ ආදරණීය ප්රේක්ෂකයන්ටත් යමක් දැනිය යුතුයි. මම එහෙම ආවට ගියාට චරිත නිරූපණය කරන්නේ නැහැ. මොකද කරන වැඩේ මට සතුටින් කරන්න ඕනෑ. නැතුව මට නිර්මාණයට සාධාරණය කරන්න බැහැ.
🔴 ඒ කියන්නේ ඔබ චරිත පිපාසයකින්ද ඉන්නේ?
අනිවාර්යයෙන්ම විවිධ චරිත නිරූපණය කිරීමේ පිපාසයක් මට තිබෙනවා. මම හිතන්නේ මේ ක්ෂේත්රයේ වැඩ කරන සියලුම ශිල්පීන්ට ඒ පිපාසය තිබෙන බව මම විශ්වාස කරනවා.
🔴 කාලයක් තිස්සේම ඔබ රංගනයේ යෙදෙනවා. ඔබට තවමත් ඒ පිපාසය සංසිඳුවා ගැනීමට බැරි වුණේ ඇයි?
මම මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙලා අවුරුදු විස්සක් විතර වෙනවා. හැබැයි මම එහෙමයි කියලා ලොකු නිර්මාණ ගොඩකට සම්බන්ධ වෙලා නැහැ. ඉතින් මම මේ කලාවට හදවතින්ම ආදරය කරනවා. මැරෙනතාක් මම චරිත නිරූපණය කරනවා.
🔴 ඒ කියන්නේ දිග, පළල මැනලා තමයි රඟපාන්නේ?
එහෙම තෝරාබේරාගෙන වැඩ කරන්න පුළුවන් කාලයක් නෙවෙයි දැන් තිබෙන්නේ. මම බලන්නේ මට ලැබෙන චරිතය නිර්මාණයට මොන විදියට බලපානවාද. ඒ චරිතය හරහා මොනවගේ අලංකාරයක් නිර්මාණයට ගෙනෙනවාද කියන එකයි. නැතුව කරන චරිතය කළුද, සුදුද, අළුද, දිග – පළල මට අදාළ නැහැ. කරන වැඩේ තුළ මට ආතල් එකක් දැනෙන්න ඕනෑ.
🔴 ඔබ නිරූපණය කරන චරිතවලට ප්‍රේක්ෂකයන්ගේ නම් ආදරයක් නැතුව ඇති නේද?
එහෙම ප්‍රේක්ෂක ආදරය මට අඩුවක් වෙලා නැහැ. මම වැඩිපුර හරියක්ම අළු සහ කළු මිශ්‍ර වුණු චරිත තමයි නිරූපණය කළේ. එවැනි චරිත අපි දකින සමාජයේ වටපිටාවේ මඟතොටදී ඕන තරම් මුහුණට මුහුණ හමුවෙනවා. ඒ චරිත තමයි මම ජීවමාන කරන්නේ.
🔴 දැන් ඔබ මෙගා ටෙලිනාට්‍යවලටත් සම්බන්ධ වෙලා සිටිනවා?
ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ‘හතර දෙනෙක් සෙන්පතියෝ’ තමයි මගේ පළමු ටෙලිනාට්‍ය රංගනය. මගේ පළමු ටෙලිනාට්‍ය සම්මානය ලැබෙන්නෙත් ‘හතර දෙනෙක් සෙන්පතියෝ’ ටෙලිනාට්‍ය හරහා. වර්තමානය දෙස බලන විට මම ‘දෙවනි ඉනිම’ ටෙලිනාට්‍යයටත් සම්බන්ධවෙලා ඉන්නවා. මොකද අපට විවිධ රංග අභ්‍යාස වගේම චරිත ලැබෙන්නේ ටෙලිනාට්‍ය හරහායි. ඒ නිසා මම සම්බන්ධ වෙනවා. ඒ වගේම මම තවමත් ඉන්නවා කියලා ප්‍රේක්ෂකයන්ට දැන්වීම සඳහා මම ටෙලිනාට්‍යවල වැඩ කරනවා.
වසන්ත විතාරණගේ
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
