• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Holiday

කාර් එකෙන් මුහුදු යන්න උතුරෙන් ෆෙරියට නඟින්න

November 2, 2019
in Holiday
A A
කාර් එකෙන් මුහුදු යන්න උතුරෙන් ෆෙරියට නඟින්න

පත්තර කලාවට සම්බන්ධ වුණාට පස්සේ අඩුම ගානේ අවුරුද්දට දෙවතාවක්වත් යාපනේ යන්න හම්බවෙනවා. ඒ හින්දා දැන් අපට කොළඹ තරමටම යාපනෙත් හොඳට හුරුයි. හැබැයි ඉතින් කොච්චර යාපනේ ගියත් තාමත් යාපනේ වටේ කරකවද්දී එකසැරයක් හරි පාර වරදිනවා. යාපනේ නගරය වටේට හන්දි කීයක් තියෙනවද කියලා ගිහින් තියෙන අය දන්නවා ඇතිනේ. ඔය හන්දි ටික හරියටම ඔළුවට දාගන්න තව කීසැරයක් යාපනේ යන්න වෙයිද කියල කියන්නත් බැහැ.

යාපනේ වටේට තියෙන හන්දි ටික වගේම යාපනේ යන හැමදාම මීට කලින් විඳලා නැති අලුත් අත්දැකීම් කිහිපයකුත් විඳින්න අපට අවස්ථාව ලැබෙනවා. කීසැරයක් ගියත් අපි තාම යාපනේ ගැන හරියටම දන්නේ නැහැ කියන එකයි ඒකෙන් තේරෙන්නේ.

අන්තිම වතාවට අපි යාපනේ ගියේ මීට සති කිහිපයකට කලින්. ජනාධිපතිවරණයට යාපනේ මිනිස්සු සූදානම් වෙන්නේ මොන විදියටද කියලා හොයන එක තමයි ඒ ගමනේ අරමුණ වුණේ. ඒ ගැන විස්තර හොයන්න අපි යාපනේ වටේම ඇවිද්දා. මිනිස්සු එක්ක කතා කර කර ඒ විදියට යාපනේ වටේ ඇවිදිද්දී තමයි මේ අහඹු අත්දැකීම විඳගන්න අපට අවස්ථාව ලැබුණේ. කයිට්ස් හරහා කුරිකට්ටුවාන් ජැටිය දක්වා ගමන් කරන පාර පටන්- ගන්නේ යාපනේ කොටුව ළඟින්මයි. නිල් පාට මුහුද මැද්දෙන් වැටිලා තියෙන මේ පාර දිගේ ගමන් කරන එකත් හරිම සුන්දර අත්දැකීමක්. මේ පුංචි ගොඩබිම් තීරුවෙන් තමයි කයිට්ස් දූපත යාපනේ අර්ධද්වීපය එක්ක සම්බන්ධ වෙන්නේ. යාපනේ ගිහින් නාගදීපේ ගිය කෙනෙක් නම් මේ පාරේ ගිහින් ඇති. කුරිකඞ්ඩුවාන් ජැටියෙන් තමයි නාගදීපෙට යන බෝට්ටු සේවාව පටන්ගන්නේ. නාගදීපේ විතරක් නෙවෙයි ඩෙල්ෆ්ට්, කච්චතිව් වගේ දූපත්වලට යන බෝට්ටු පටන්ගන්නෙත් කුරිකඞ්ඩුවාන් ජැටියෙන් තමයි. ඒත් කයිට්ස් හරහා කුරිකඞ්ඩුවාන් ජැටියට යන කෙනකුට කයිට්ස් නගරය හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක වෙනම ගමනක්.

කයිට්ස් කියන්නේ බොහොම පුංචි නගරයක්. යාපනේ අනෙක් නගර යුද්ධෙන් පස්සේ සංවර්ධනය වෙලා තියෙන විදිය දකිද්දී, ඊට සාපේක්ෂව කයිට්ස් දියුණු වෙලා මදිද කියලත් හිතෙනවා. කයිට්ස් නගරයේදි හම්බවෙන මිනිස්සු එක්ක කතා කර කර අපි කයිට්ස් ජැටිය පැත්තට ඇවිදගෙන යද්දී දැක්කේ ටිකක් වෙනස් විදියේ දර්ශනයක්. මහා සෙනඟක් පටවගත්ත යාත්‍රාවක් මුහුද මැද ඉඳන් ගොඩබිම දෙසට එනවා. ඒ යාත්‍රාවේ මිනිස්සු විතරක් නෙවෙයි බයිසිකල්, ත්‍රිරෝද රථ එහෙමත් පටවලා තියෙනවා. මේ වෙද්දී වැඩිය දකින්න නැතත් ඉස්සර අපේ රටේ සමහර තැන්වල ගංගා හරහා ගමන් කළ පාලම් පාරු මතකද? කයිට්ස්වලදි අපි දැක්ක යාත්‍රාවත් පාලම් පාරුවකට ටිකක් සමානයි. හැබැයි සාම්ප්‍රාදායික පාලම් පාරුව වගේ මේක අදින්න කඹයක් නම් නැහැ. මේ යාත්‍රාව ගමන් කරන්නේ එන්ජිමකින්. මේ යාත්‍රාවට ෆෙරි යාත්‍රාවක් කියලා කිව්වොත් වැරැදි නැහැ කියලයි මම හිතන්නේ.

මුහුද මැද ඉඳන් ආව යාත්‍රාව කයිට්ස් ජැටියට ආවට පස්සේ තමයි අපි මේ හැම දෙයක්ම හරියටම දැක්කේ. මේ මොකක්ද, මේකෙන් වෙන්නේ මොකක්ද කියන එක ගැන හොයන්න ගත්තෙත් ඊට පස්සේ තමයි. කරෙයිනගර් කියන්නෙත් යාපනය අර්ධද්වීපය වටේ පිහිටි ගොඩබිමෙන් සම්බන්ධ දූපතක්. යාපන නගරයට උතුරු පැත්තෙන් තමයි කරෙයිනගර් දූපතට යන මාර්ගය වැටිලා තියෙන්නේ. කරෙයිනගර් දූපතේ ජීවත් වන කෙනකුට ගොඩබිමෙන් කයිට්ස් දූපතට එන්න සෑහෙන දුරක් ගෙවන්න ඕනේ. ඒ වගේම ඒ ගමනට සෑහෙන වෙලාවකුත් යනවා. හැබැයි කයිට්ස් සහ කරෙයිනගර් අතර එහෙ මෙහෙ යන මේ යාත්‍රාවට ගොඩවුණා නම් ඒ ගමන ඉතාම ඉක්මන්. ඒ වගේම පහසුයි. මේ යාත්‍රාවට තමන්ගේ වාහනත් පටවගන්න පුළුවන් හින්දා ඒක තවත් පහසුයි.

කයිට්ස්වලට ආව පාරෙන්ම ආපහු යාපනේ යන්න හිතාගෙන හිටිය අපිත් මේ යාත්‍රාව දැක්ක ගමන් ගමනේ සැලසුම වෙනස් කළා. ඒ යාත්‍රාවේ ගිහින් ඒ අත්දැකීම විඳගන්න අපට ලොකු ආශාවක් ආවා. දූපත් අතරේ එහේ මෙහේ යන ජනතාවත් එක්ක අපේ වාහනෙත් ඒ යාත්‍රාවට පැටවුණා.

ඒ ගමන හරිම ලස්සන එකක්. ගොඩබිම් දෙක අතර දුර ගොඩක් නැති වුණත්, ඒක හරි සුන්දර අත්දැකීමක්. අපට එක් පැත්තකින් පේන්න තිබුණේ අනවසරයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වීම නිසාවෙන් අත්අඩංගුවට පත්වුණු ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක්. අනෙක් පැත්තෙන් රාත්‍රියට මුහුදු යන්න බලාගෙන ඉන්න ධීවර යාත්‍රා කිහිපයක් දකින්න තිබුණා. ඒ වගේම ටිකක් ඈතට වෙන්න තවත් අපූරු වගේම වැදගත් ස්ථානයකුත් අපට පේන්න තිබුණා. මේ වෙද්දී සංචාරක හෝටලයක් බවට පත්කරලා, නාවික හමුදාව යටතේ පාලනය වන හැමන්හිල් සිරගෙදර තමයි ඒ.
කයිට්ස් ජැටියේ ඉඳන් කරෙයිනගර් ජැටියට එන්න ගතවෙන්නේ විනාඩි 20ක විතර කාලයක්. වටපිට බල බලා යාත්‍රාවේ ඉන්න ජනතාවත් එක්ක පුළුවන් විදියට කතාබහ කර කර එද්දි අපි නොදැනීම ගමනාන්තයට ඇවිත්.

දැන් ඉතින් වාහනේ අරගෙන අනෙක් පැත්තෙන් ගොඩබිමට බහින්නයි තියෙන්නේ. ඒත් යතුර ඇතුළේ තියෙද්දී ජීවන අතින් අපේ කාර් එක ලොක්වෙලා. දැන් ඉතින් කොහොමද යන්නේ? ආව මිනිස්සු ටික බැහැලා ගියා. ආපහු අනෙක් පැත්තට යන්න තවත් පිරිසක් යාත්‍රාවට ගොඩවුණා. එතැන ඉඳන් ඒක එකම යුද්ධයක්. හැමෝම දන්න විදියට කාර් එකේ දොර අරින්න හදනවා. එපා කියන්නත් බැරි හා කියන්නත් බැරි ඒ එක එක ක්‍රම දිහා අපි පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. ට්‍රයි කරලා ට්‍රයි කරලා කොහොම හරි කාර් එකේ දොර ඇරගනිද්දී අපි ආපහු කයිට්ස් පැත්තටත් ඇවිත්. මොනවා වුණත් ඒ වෙලාවේ ඒ නන්නාඳුනන මිනිස්සු අපට කරපු උදව් නම් පුදුමාකාරයි කියලා කියන්න ඕනේ. ඒ මිනිසුන්ගෙම උදව්වෙන් කොහොම හරි දොර ඇරියේ නැත්නම් අපට තව කීපාරක් දූපත් දෙක අතරේ එහෙ මෙහෙ යන්න වෙයිද දන්නේ නැහැ.
කාර් එකේ දොර ඇරගනිද්දී අපි කයිට්ස් පැත්තේ හිටියේ හින්දා කොහොමත් එකයි කියලා ආපහු පාරක් අනෙත් පැත්තටම ගිහින් යාපනේ යන්න අපි තීරණය කළා. කරෙයිනගර් ජැටියට තමයි ඊට පස්සේ අපි ගොඩබැස්සේ. එතැන ඉඳන් ආපහු ප්‍රධාන මාර්ගය දිගේ යාපනේයට යන්න පුළුවන්. යාපනේ යන කවුරුත් යන කසුරිනා මුහුදු වෙරළ පිහිටලා තියෙන්නෙත් මේ කරෙයිනගර් දූපතේම තමයි.

කලින් දැනගෙන හිටියේ නැති මේ අපූරු ප්‍රවාහන සේවය ගැන තව ටිකක් විස්තර අපට දැනගන්න පුළුවන් වුණා. ඒ තොරතුරුවලට අනුව කයිට්ස් – කරෙයිනගර් අතර විතරක් නෙවෙයි කයිට්ස් දූපතට තරමක් ඈතින් පිහිටි අනලතිවු, එලුවිතිවු වගේ දූපත්වලටත් මේ ෆෙරි සේවය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි ඒ දූපත්වල ජීවත් වන ජනතාවට තියෙන එකම ප්‍රවාහන ක්‍රමය වෙන්නෙත් මේ ෆෙරි සේවය විතරයි. හැමදාම යාපනේ ගියාම අලුත් දෙයක් හම්බවෙනවා කියලනේ මේ කතාව පටන්ගත්තේ. දැන් අපට ඊළඟ සැරේ යාපනේ ගියාමත් අත්විඳින්න අලුත් අත්දැකීමක් තියෙනවා. ඒ තමයි ෆෙරියක නැඟලා අනලතිවු හරි එලුවිතිවු හරි ගිහින් එන එක.

චන්දන පොන්නම්පෙරුම

Share51Tweet32SendShare13
Previous Post

පත්තිනි මෑණියන් ඔබේ නිවෙසට වඩින දවස

Next Post

නොවැම්බර් 05 ගුරු මාරුවෙන් ඔබට – රටට වෙන්න යන දේ

MORE NEWS

මහ හිමට යන පාරේ වඳිමු ගෞතම සිරීපාදේ…
Holiday

මහ හිමට යන පාරේ වඳිමු ගෞතම සිරීපාදේ…

December 29, 2021
පුරුදු තැනකට වෙනස් පාරක්…
Holiday

පුරුදු තැනකට වෙනස් පාරක්…

September 23, 2021
ඇලි හතක් උඩ රැයක්…
Holiday

ඇලි හතක් උඩ රැයක්…

September 23, 2021
පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…
Holiday

පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…

September 23, 2021
සමන් සුරිඳුගේ බාරේසිත නිවන මේ අවාරේ…
Holiday

සමන් සුරිඳුගේ බාරේසිත නිවන මේ අවාරේ…

September 23, 2021
අරුනැල්ලේ බඹරැල්ලේ සිරි…
Holiday

අරුනැල්ලේ බඹරැල්ලේ සිරි…

December 25, 2021
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මුලු රටම කියන්නෙ ගෝඨාට යන්න කියලා! ගෝඨා යනකම් විශ්වාසභංගවලට TNA එක නෑ! විපක්ෂයේ ඇතැම් ඇමැති පෙරේතයන්ට සුමන්තිරන් කන හරහා ගහයි!
Exclusive

අගමැතිකම විතරක් වෙනස් කළාට දේශපාලන ස්ථාවරත්වයක් එන්නේ නෑ! ජාත්‍යන්තරය පිළිගන්නෙත් නෑ! තවමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලා! ගෝඨයි රනිලුයි දෙන්නම අයින් වෙලා වහාම මහමැතිවරණයකට යන්න! දෙමළ සන්ධානය ආණ්ඩුවට දැනුම් දෙයි!

May 28, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වහාම ඉල්ලා...

Read more
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

May 28, 2022
ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 28, 2022
මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!

මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!

May 28, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මුලු රටම කියන්නෙ ගෝඨාට යන්න කියලා! ගෝඨා යනකම් විශ්වාසභංගවලට TNA එක නෑ! විපක්ෂයේ ඇතැම් ඇමැති පෙරේතයන්ට සුමන්තිරන් කන හරහා ගහයි!

අගමැතිකම විතරක් වෙනස් කළාට දේශපාලන ස්ථාවරත්වයක් එන්නේ නෑ! ජාත්‍යන්තරය පිළිගන්නෙත් නෑ! තවමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලා! ගෝඨයි රනිලුයි දෙන්නම අයින් වෙලා වහාම මහමැතිවරණයකට යන්න! දෙමළ සන්ධානය ආණ්ඩුවට දැනුම් දෙයි!

May 28, 2022
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net