• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Holiday

තවමත් සැඟවුණු ලෝකයේ ඉම

February 8, 2020
in Holiday
A A
තවමත් සැඟවුණු ලෝකයේ ඉම

අනුරාධපුර රුවන්වැලි සෑය අබියස ඉඳන් ජනවාරි පළමුවැනිදට එළි වෙද්දී හිතේ තිබ්බ එකම පැතුම නම් මේ අවුරුද්දේ පුරාමත් පුළුවන් තරමක් ලංකාව පුරා ඇවිදින්න ලැබේවා කියලයි. ඉතින් පතන දේවල් ඉබේ වෙන්නේ නෑනේ. ඒවා ඉෂ්ට කරගන්න ඕනෑ. ප්‍රශ්න මොනවා ආවත් කොහොම වුණත් ඇවිදින එක නතර කරලා බෑනේ. ඉතින් අද කියන්න යන්නේ 2020 අවුරුද්දේ මුල්ම සංචාරය ගැනයි. ඇත්තටම මේ ගමන ප්ලෑන් කරලා හිතල ගියපු ගමනක් නම් නෙවේ. හදිසියේ ෆේස්බුක් එකේ දැකපු පෝස්ට් එකක් නිසා සෙට් වෙලා පහුවදාම ගියපු ගමනක්.
කොහෙද මේ යන්න ප්ලෑන් කරපු තැන? මෙතැන තිවංකය නම් කොහෙන්දෝ මන්ද හොයාගෙන කලින් කිහිප සැරයක් යන්න ප්ලෑන් කරලා තිබුණත් යන්න පුළුවන් වෙලා නෑ. ඉතින් දෙන්න එක්ක පහුවදා ගමන යන්න කතා කරගෙන සෙට් වුණේ තවත් එක සැඟවුණු පුංචි ලෝකාන්තයක් හොයාගෙන යන්න.

තිවංක පේරාදෙණිය ස්ටේෂන් එකට කෝච්චියේ එන්නම් කිව්ව නිසා මම ගෙදර ඉඳන් පාන්දරම (5.30) බයික් එකෙන් පිටත් වුණේ කුරුණෑගල හරහා නුවර පාරේ පේරාදෙණියට සෙට් වෙන්නයි. එතැනින් තිවංකවත් බයික් එකේ දාගෙන දෙන්න එක්ක එතැනින් ගම්පොළ හරහා නාවලපිටිය ටවුන් එකට ගියේ මඟ කඬේකින් හොඳට බඩකට පුරවගෙනමයි. දවල් කෑමක් ෂුවර් නැති නිසා තිවංක නාවලපිටිය ෆුඞ් සිටි එක පැත්තේත් රවුමක් දාල ආවේ පොඩි කෑලි බෑලි ටිකකුත් බෑග් එකේ දාගෙන. එතැනින් අපි ගියේ නාවලපිටිය ඉඳන් තලවකැලේ හරහා නුවරඑළියට යන පාරේ. ඒ යද්දී හරියටම අපිට පිටිපස්සෙන් තිබ්බේ තවත් එක ලස්සන ගොඩක් අයගේ කෑම්පින් ගමනාන්තයක් වුණු කබරගල.

ඒකෙත් ෆොටෝ ටිකකුත් අරගෙන අපි තලවකැලේ පාරේ දිගටම යද්දී අපිට හම්බවුණේ ඇවිදින අය නම් නම කිව්වා ගමන් දන්නා පාරේ ඉඳන්ම බලන්න පුළුවන් තවත් එක ලස්සන දිය ඇල්ලක් වෙච්ච කඩියන්ලෙන ඇල්ල. මේකට කැටඹුල ඇල්ල කියලත් කියනවා. දිය ඇල්ලත් බලාගෙන අපි දිගටම ගමන ඉස්සරහට ගියේ ආපහු එන ගමන් දිය ඇල්ලේ ඇවිදල නාල යන්න ප්ලෑන් කරගෙනයි. කඩියන්ලෙන ඇල්ල පාස් කරලා තවත් කිලෝ මීටර් 20ක් යද්දී ක්වීන්ස්බේරී ටී ෆැක්ටරි එකත් පාස් කරගෙන කොළපතන ස්ටේට් නැත්නම් ගෝනගල්ල ඩිවිෂන් එක හම්බ වෙනවා. අන්න ඒ හරියේදී තමා අපිට හම්බවෙන්නේ තේ වත්ත මැද්දෙන් උඩට යන පොඩි පාර. තිවංක බයික් එකේ පිටිපස්සට වෙලා මැප් එකට බැහැල ඉන්න අතරේ මම බයික් එකේ උඩටම ගියේ වටේට ලස්සනට වටවුණු තේ වතු මැද්දෙන් වැටුණු පාරක් දිගේ. පාර ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ. යකාගේ පඩිපෙළේ ගියපු අය දන්නවා ඇතිනේ පාරේ තත්ත්වේ. අන්න ඒ වගේ තමා. මට නම් මතක් වුණේ පහුගිය සැරේ කැලෑබොක්ක ගිය ගමන. ඒ පාරත් මේ වගේම තමා. කැඩුණු ගල්, පාර හේදිලා ගිහින් හැදුණු කානු. රට වටේ යන මගේ බයික් එක ගැන තිබ්බ ෂුවර් එක නිසාම භය නැතිව පාරේ දිගටම අපි උඩටම ගියේ මැප් එකෙන් ගමනාන්තය හොයන ගමන්. සමහර තැන්වල නම් තිවංකව හලලා ගිය අවස්ථාත් නැතිව නෙවේ. මොකද ඒ තරමට හොඳයි පාර.

කොහොමින් කොහොම හරි අපි අවසානේ ළඟා වුණේ තේ වතුවල අවසානෙකට. එතැනින් එහාට තිබ්බේ තේ වතු නෙවේ. ටිකක් ලොකු කැලයක්. මාන ගස්වලින් වැහුණු පොඩි පාරක්. තිවංක අතේ තිබුණු මැප් එකත් බලාගෙන පාර දිගේ පයින් යද්දී මමත් බයික් එකෙන්ම ඒ පස්සෙන්ම පැදගෙන ගියේ අපි හොයාගෙන ආපු ගමනාන්තය දැන් ළඟ බව දැනුණ නිසයි.
මේ තමා දිඹුල පතන පුංචි ලෝකාන්තය. ගෝනගල්ල පුංචි ලෝකාන්තය කියලත් මෙතැනට කියනවා. ලංකාවේ දැනට නම් කරන ලද පුංචි ලෝකාන්තයන් අතරට මේක තාම එකතු වෙලා නැති එක පුදුමයට කරුණක් වුණත් ඒකට හේතු තියෙනවා කියල අපිට තේරුණා.

මොකද මෙතැන සංචාරක ස්ථානයක් නෙවෙයි. ගමේ අය දන්නවා වුණත් ලංකාවේ සංචාරකයෝ අතර තාම මෙතැන ඒ තරම් ප්‍රසිද්ධ නෑ. ඒ වගේම තමා මේක පිහිටලා තියෙන්නේ පුද්ගලික වත්තක වීමත් ඒකට කෙළින්ම බලපානවා කියලයි මං හිතන්නේ. පුංචි ලෝකාන්තේ අබියසම පිහිටල තියෙන ලස්සන හට් එක ගැන නම් අපිට එතැනට ගිය වෙලේ ඉඳන් කතා කරන්න දේවල් තිබුණා. (මෙතැන හොටෙල් එකක් දැම්මොත් කොහොමද? කෑම්පින් කරන්න පුළුවන් වෙයිද?, වත්තේ අයිතිකාරයා මේක විකුණන්නේ නැති වෙයිද?) ඔය වගේ කතා ගොඩක් අස්සේ අපි මේ හට් එකත් පාස් කරලා එතැනින් පල්ලෙහට වැටුණ අඩි පාර දිගේ ගියේ අපි ආපු ගමනේ අවසාන ස්ථානයට ළඟා වෙන්නයි. එතැන අයිනේ තියෙන ඩ්‍රොප් එක ළඟට යද්දී නම් කකුල් දෙක වෙවුලන එක පුදුම වෙන්න දෙයක් නෑ. මොකද දැනුණ විදිහට එතැන රිවස්ටන් පිටවලපතන පුංචි ලෝකාන්තේට වඩා උසයි. ඒ වගේම අපි ගිය දවසේ කිසිම වැස්සක්, මීදුමක් නැති ලස්සනට පායපු හොඳටම පැහැදිලි දවසක් නිසා අපිට පල්ලෙහා ගෙවල් වගේම එතැනින් ඉස්සරහට ඈතින් තිබුණ කඳු පන්ති වලට යනකම් පැහැදිලි දැක්මක් තිබුණා. මෙතැනට ඈතින් පීකොක් හිල්, ග්‍රේට් වෙස්ටර්න් වගේම කොත්මලේ ඔය ජලාශයත් පැහැදිලිව පේන්න තියෙනවා. එතැනට වෙලා ටික වෙලාවක් ගත කරලා තව වටේ රවුමකුත් දාල ෆොටෝස් ටිකකුත් අරගෙන අපි ආපහු එන්න ආවේ එන ගමන් කඩියන්ලෙන ඇල්ලට ගිහින් නාන්න යන්නත් ප්ලෑන් කරගෙන හිටපු නිසා. අපි අර මුලදී කිව්වා කැලය වගේ කොටසට ඇතුළු වෙන තැන ඉඳන් ආපහු තේ වතු තියෙන හරියට එනකම් කිසිම මනුස්සයෙක් පෙන්න නොහිටියේ අපේ වාසනාවට කියල මට හිතෙනවා. මොකද පස්සේ දැනගන්න ලැබුණු හැටියට මේ ප්‍රදේශය පුද්ගලික ඉඩමක් නිසා වත්තේ පාලකයන් මෙතැනට කට්ටිය එනවට කැමැත්තක් නෑ කියලයි දැනගන්න ලැබුණේ. ඉතින් කවුරු හරි යන්න හිතන් ඉන්නව නම් මෙතැනට ටිකක් ඒ ගැන අවධානය යොමු කරන්න වෙයි. විශේෂ අවසරයක් අරගෙන යන්න පුළුවන්ද කියල බලන්න. හැබැයි බොන්න, පාටි දාන්න හිතාගෙන නම් යන්න එපා. අවසර කෙසේ වෙතත් බීල හට් එකෙන් පල්ලෙහා විව් පොයින්ට් එකට බහින්න හිතුවොත් නතර වෙන්න වෙන්නේ ලෝකාන්තේ පල්ලෙහායි.

එතැනින් ආපහු ඇවිත් මඟදී කඩියන්ලෙන ඇල්ලත් ෆොටෝස් ටිකකුත් අරගෙන, උඩ කොටසට ගිහින් එතැන තිබුණ නැචුරල් පූල් එකෙන් හොඳට නාල දෙන්න එක්ක ආපහු එන්න පිටත් වුණේ එන ගමන් පේරාදෙණියෙන් තිවංකව දාගෙන මමත් රෑ වෙන්න කලින් ගෙදරට එන්නයි.
ප්‍රභාත් එස්. බණ්ඩාර

Share53Tweet33SendShare13
Previous Post

කිසිම ජනපති ‌කෙනෙක් ‌නොකළ වැඩක් ‌ගෝඨා කරයි

Next Post

මේ සතියේ ඔබට මොකද වෙන්නේ

MORE NEWS

මහ හිමට යන පාරේ වඳිමු ගෞතම සිරීපාදේ…
Holiday

මහ හිමට යන පාරේ වඳිමු ගෞතම සිරීපාදේ…

December 29, 2021
පුරුදු තැනකට වෙනස් පාරක්…
Holiday

පුරුදු තැනකට වෙනස් පාරක්…

September 23, 2021
ඇලි හතක් උඩ රැයක්…
Holiday

ඇලි හතක් උඩ රැයක්…

September 23, 2021
පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…
Holiday

පහුරු ආ ගිය මඟ දිගේ බෝට්ටු ගමනක්…

September 23, 2021
සමන් සුරිඳුගේ බාරේසිත නිවන මේ අවාරේ…
Holiday

සමන් සුරිඳුගේ බාරේසිත නිවන මේ අවාරේ…

September 23, 2021
අරුනැල්ලේ බඹරැල්ලේ සිරි…
Holiday

අරුනැල්ලේ බඹරැල්ලේ සිරි…

December 25, 2021
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)
Exclusive

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක...

Read more
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022
ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

ආපු ප්ලේන් ටික ඉන්දියාවට හැරෙව්වා! ඔන්න ඒ පාර නැව් ටිකත් ඉන්දියාවට යනවලු! ජාත්‍යන්තර මොළේ! අපිට දෙනවද වැඩේ!

May 27, 2022
උනුත් එකයි මුනුත් එකයි කියන එවුනුත් එහෙම තමයි! අපි යන්නේ කොයි පාරේ! ඔය කවුරුත් නොගිය පාරේ!

ට්‍රිලියනයක් සල්ලි අච්චු ගහන එක සැකයි! මේ හදන්නේ මහා දානපතියන්ට බදු සහන ‌දෙන්නද? මිනිස්සුන්ට වන්දි නෑ! ආණ්ඩුවේ දේශපාලඥයන්ට ඉක්මනට වන්දි දෙන්න යනවා! (VIDEO)

May 27, 2022
සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

May 27, 2022
කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

May 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net