සංචාරකයන් නොමැති වීම හේතුවෙන් මේ වෙද්දී ලෝකයේ බොහෝ කෞතුකාගාරත් පාළුවට ගිහිල්ලයි තියෙන්නේ. ඒ හින්දා අන්තර්ජාලය හරහා කෞතුකාර නැරඹීමේ අවස්ථාවත් ලොව පුරා හැම දෙනාටම උදා වෙලා තියෙනවා. ගූගල් ආයතනයත් එක්ක එකතු වෙලා මේ වෙද්දී එම පහසුකම ලබා දීල තියෙන කෞතුකාගාරවල විස්තරය තමයි මේ.

BRITISH MUSEUM, LONDON
හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින් නම් දැරුව බි්‍රතාන්‍ය අධිරාජ්‍යය අද දකින්න නැතත්, එම මහා අධිරාජ්‍යයේ සුවිශේෂී මතක රැසක් අදටත් එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි බි්‍රතාන්‍ය කෞතුකාගාරයේ සුරක්ෂිතව තියෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වුණු ව්‍යාකූල තත්ත්වයත් එක්ක ඔන්න දැන් ගෙදර ඉඳගෙනම බි්‍රතාන්‍ය කෞතුකාගාරයේ සංචාරයක නිතර වීමේ අවස්ථාව හැම දෙනාටම උදා වෙලා තියෙනවා. https://britishmuseum.withgoogle.com/ වෙබ් ලිපිනය හරහා එම සුවිශේෂී වරම හිමි කර ගන්න ඔබටත් පුළුවන්.

RIJKSMUSEUM, AMSTERDAM
ඕලන්ද ජාතිකයන් එහෙම නැත්නම් ලන්දේසීන් කියන්නෙත් කාලයක් ලෝකය පුරා බලය පතුරුවන්න සමත් වුණු ජාතියක්. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය ලොව පුරා පතුරුවන්න කලින් ලන්දේසීන්ට තමයි ආසියානු කලාපයෙත් වැඩි බලයක් හිමි වෙලා තිබුණේ. සියවස් එක හමාරකට අධික කාලයක් ලොව පුරා පැතිරවූ බලයේ සුවිශේෂී මතක අද වෙද්දී තැන්පත් වෙලා තියෙන්නේ ඇම්ස්ටර්ඩෑම් නුවර ජාතික කෞතුකාගාරයේ. ඔන්න එම කෞතුකාගාරයේ සංචාරයක නිරත වීමේ අවස්ථාවත් අන්තර්ජාලය හරහා දැන් උදා වෙලා තියෙනවා. https://artsandculture.google.com/partner/rijksmuseum තමයි එහි වෙබ් ලිපිනය.

LE MUSEE DU LOUVRE, PARIS
ප්‍රංශයේ සංචාරයක නිරත වන එක ලෝ පුරා සංචාරකයන්ගේ සිහිනයක්. ඒ හේතුව හින්දා වසර පුරා ප්‍රංශයට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය අති විශාලයි. එලෙස ප්‍රංශයට පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන්ම යන තැනක් තමයි මේ. හැබැයි මේ වෙද්දී ප්‍රංශයත් සම්පූර්ණයෙන්ම සංචාරකයන්ගෙන් හිස් වෙලා. ඒ හින්දා Le Musee du Louvre කෞතුකාගාරයේ සජීවී දර්ශණත් අන්තර්ජාලය හරහා විකාශණය කරන්න එහි පාලකයන් තීරණය කරලා තියෙනවා. https://www.louvre.fr/en/visites-en-ligne තමයි එහි වෙබ් ලිපිනය.

UFFIZI GALLERY, FLORENCE
සුන්දර ඉතාලියේ සංචාරක ආකර්ශණය වැඩියෙන්ම හිමි වන තැනක් තමයි Uffizi Gallery. මෙහි ඉතිහාසය 16 වැනි සියවස දක්වා දිව යනවා. කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාලියට අත් වුණු කණගාටුදායක ඉරණම හමුවේ මේ කෞතුකාගාරය දින නියමයක් නොමැතිව වසා දමලයි තියෙන්නේ. නමුත් https://artsandculture.google.com/partner/uffizi-gallery වෙබ් ලිපිනය හරහා ගිහින් මේ සුවිශේෂි කෞතුකාගාරයේ සිරි විඳ ගන්න ඔබටත් අවස්ථාව තියෙනවා.
ඇත්තටම කොරෝනා හින්දා අපිට නැති වෙලා ගිය දේවල් ගොඩක් තියෙනවා. ඒ වුණත්, මේ වගේ ලෝ ප්‍රකට සුවිශේෂී ස්ථාන කිහිපයක් අන්තර්ජාලය හරහා මේ විදියට විඳ ගන්න ලැබෙන අවස්ථාව විරල එකක්. ඒ හින්දා කොරෝනා හේතුවෙන් ලැබුණු මේ අවස්ථාවෙන් ඉක්මණට ප්‍රයෝජනයක් ගමු. කොරෝනා හින්දා ලැබුණු සුභවාදී අවස්ථා තමයි මේ.

GUGGENHEIM, NEW YORK
ඇමෙරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ පිහිටි ඨමටටැබයැසප කෞතුකාගාරයත් බොහෝ දෙනකුගේ ආකර්ශණයට ලක් වුණු තැනක්. අන්තර්ජාලය හරහා එහි සජීවී අත්දැකීමක් විඳගන්නත්, දැන් හැම දෙනාටම අවස්ථාව උදා වෙලා තියෙනවා.